ස්ථාන 6 ක පිපිරීම් කිහිපයකින් මරණ 50 ඉක්මවයි
මීගමුව කොච්චිකඩේ සහ මීගමුව කටුවපිටිය යන දේවස්ථාන තුනක් ඇතුළු ස්ථාන 5 ක අද උදෑසන සිදු වු පිපිරීමකින් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.






සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කර තිබේ.
අද දිනයේදී දිවයිනේ ප්‍ර දේශ කිහිපයක සිදුවූ පිපිරීම් පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ සන්සුන්ව සිටින ලෙසයි.
එසේම සිදුකරන විමර්ශන සඳහා සහාය ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, පොලිස්පති, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විදේශ අමාත්‍යාශයේ ලේකම් ඇතුළු රජයේ මැති ඇමතිවරුන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සමග හමුවක් පවත්වා තිබේ.
මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරන කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන් කළේ රජය ඉතාමත් ඉක්මනින්ම ප්‍රකාශක් නිකුත් කරන බවයි.
කොළඹ ටවුන් හෝල් ප්‍රදේශයේ කිසිදු පිපිරීමක් සිදු වී නොමැති බව කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේදී වගකීමෙන් කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලා සිටියි.
NO blast at Town Hall. Social media quoting @adaderana is not true. I don’t think they have issued any such alert. People PLEASE be responsible in social media postings.
— Harsha de Silva (@HarshadeSilvaMP) April 21, 2019
අද පෙරවරුවේ දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරිම්වලින් පසුව එම ප්‍ර දේශවල දැඩි ආරක්ෂාවක් යොදවා ඇතැයි රජය සඳහන් කරයි. එම පිපිරීම් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවත් ඒ පිළිබඳව තහවුරු කළ තොරතුරක් ඉක්මනින්ම ජනතාව වෙත ලබාදෙන බවත් රජය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරත් දැක්වෙයි.

popular news
-
Lal Sunday, 21 April 2019 12:18 PM
මෙම ප්‍රහාරය අයිඑස්අයිඑස් හෝ එවැනි සංවිධානාත්මක ත්‍රස්තවාදී සංවිධානක සැලසුමක් බව පැහැදිලියි.මේ රජය සමහර අයව සන්තෝෂ කරන්න බුද්ධිඅංශ අඩපන කිරීමේ හා අනවශ්‍ය පුද්ගලයින් බුද්ධිඅංශතුලටරිංගවීමෙන් ලැබුනු එක,භයානක ප්‍රතිපලයක් තමයි මේ සිදුවීම.මේ රජයත් මෙයට වගකිව යුතුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

