පිළිකා රෝගීන්ට ප්‍රතාකර ලබාදීම සඳහා රුපියල් කෝටි තිස් පහක් වැයකර 2014 වසරේ නොවැම්බර් මාසයේදී කරාපිටිය රෝහලට ගෙන එනු ලැබ ඇති ලීනියර් ඇක්සලරේටර් (රේඛීය ත්වරණ යන්ත්‍රය) මෙතෙක් පරිහරණයට නොගෙන රෝහල් පරිශයේ ගබඩාකොට තිබේ.
දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ඊයේ (20 දා) ගාල්ල කරාපිටිය රෝහලේ කරනු ලැබූ නිරීක්ෂණ චාරිකාවකදී මේ බව අණාවරණය විණි.
පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය රු. කෝටි 35 ක ලීනියර් ඇක්සලරේටර් (රේඛීය ත්වරණ යන්ත්‍රිය) වසර 4 ක් ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රයෝජනයට නොගෙන ගබඩා කොට ඇති අතර මෙම. යන්ත්‍රය සවි කිරීම සඳහා තවත් රු. කෝටි 15 කට වැඩි මුදලක් වැය කොට අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක් සදා නිමකර ඇත.
නමුත් මෙම ගොඩනැගිල්ලට තවමත් විදුලි සැපයුම ලබාදී නොමැතිකම හේතුවෙන් මෙම යන්ත්‍රය සවි කිරීමට නොහැකි වී ඇති බව කරාපිටිය රෝහල් අධ්යක්ෂවරයා පවසයි.
රෝහල් අධ්යක්ෂ විශේසඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා පවසන්නේ මෙම ගොඩනැගිල්ලේ අදාළ යන්ත්‍රය සවි කිරීමේ කටයුතු වායු සමීකරණය කරනු ලැබූ පසුව සිදුකළ යුතු නිසා විදුලි බලය ලබාදීමකින් තොරව අදාළ කටයුතු සිදුකල නොහැකි බවයි.
විදුලි සැපයමු ලබාදෙන්නේනම් ඉන් අනතුරුව මාස තුනක පමණ කාලයක් ඇතුලත යන්ත්‍රය සවි කර ප්‍රතිකාර කටයුතු ආරම්භ කළ හැකි වෙතැයි අපෙක්ෂකා කරන බවද රෝහල් අධ්යක්ෂ වරයා මෙහිදී සඳහන් කර සිටියේය.
කරාපිටිය රෝහල විසින් ගෙවිය යුතු හිග විදුලි බිලක් හේතුවෙන් ගොඩනැගිල්ලට විදුලි සැපයීම ලබා දිය නොහැකි වූ බව විදුලිබල මණ්ඩලය පාර්ශවයෙන් සඳහන් කරන බව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා අදහස් දක්වමින් අණාවරණය කළේය.
ජිනේෂ් නානායක්කාර

