කුමන උද්‍යානය වසා නෑ
කුමන ජාතික උද්‍යානයේ මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරතව සිටි ට්‍රැක්ටර් රියදුරෙක් එහි කොටියෙකුගේ පහරකෑමට ලක්ව 18දා සවස මියයාමෙන් පසු සංචාරකයන් සඳහා උද්‍යානය වසා ඇතැයි පැතිරයන තොරතුරු සත්‍ය නොවන බව උද්‍යානයේ වැඩබලන භාරකාර චන්දන වික්‍රමසිංහ මහතා අද (19දා) ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ පැවසීය.
එම කොටියාගේ ම ප්‍රහාරයකට ලක්වූ වනජීවී නිලධාරීන්ගේ උදව්වට පැමිණි සංචාරකයන් ගෙන යන සෆාරි ජීප් රියදුරාටඅද දහවල් විශේෂ සැත්කමක් කළ බව අම්පාර රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේය.
මියගොස් ඇත්තේ පොතුවිල් තිරුක්කෝවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ සෙල්ලදොරේ රවිචන්ද්‍රන් නැමැති හතළිස් පස් හැවිරිදි විවාහකයෙකි.
දැනට සති දෙක තුනක පමණ සිට කුමන උද්‍යානයේ බාගුරා කලපුව සහ අවට ප්‍රදේශයේ කොටි යුවළක් දිවා කාලයේ දී නිතර ගැවසෙනු කුමන ජාතික උද්‍යානයට පිවිසෙන දෙස් විදෙස් සංචාරකයන්ට දැක ගතහැකි විය. මෙම සිදුවීම කුමන ජාතික උද්‍යානයේ සංචාරකයන්ට කිසිසේත් බල නොපාන බව වනජීවී නිලධාරීහූ අවධානය කරති.
බාගුරා කලපුව ආසන්න ප්‍රදේශයේ කොටියා (අජිතලාල් ශාන්ත උදය පානම සිට)


popular news
-
Champa Friday, 19 April 2019 05:41 PM
තවත් මාර්ග ප්‍රතිසංස්කරණයක්ද? සිංහරාජේ වගේ කැලේ කැපීමක්ද? කොටි ගැවසෙනවා කියල දන්නවා නම් එතන මඟ හරින්න ඕනේ. කුමන කැලේ අයිති කුරුල්ලන්ටයි වන සතුන්ටයි. කැලේ බලන්න යන මිනිස්සුන්ට ඕනේ විදිහට සත්තු හැසිරෙන්නේ නැහැ. සත්තු හැසිරෙන විදිහට කැලේ සත්තු ඉන්න විදිහට කැලේ බලන්න යන මිනිහ තමන්ගේ හැසිරීම වෙනස් කරගන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

