saravita-anim2

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

Latest News - timelapse 10679 hours ago

LATEST

මුස්ලිම් මැති ඇමතිවරු - උලමා හා කාදිනල් අතර හමුවක්

calendar_today 2019 අප්‍රේ 21 - 22:07 remove_red_eye - 11981  

සමස්ත ලංකා මුස්ලිම් වියතුංගේ සංගමය (උලමා) , මුස්ලිම් මැති ඇමතිවරුන් හා අඟරඳගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් අතර හමුවක් පවත්වා තිබේ.

කොළඹට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 13ක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අද දිනයේදී පල්ලි නොයන ලෙස තම පියා තමන්ට දැන්වූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

Read More

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට එල්ල වූ ප්‍රහාරයට මුල් වූ කරුණු හා එහි පසුබිම සොයා බැලීම සඳහා ඉදිරි පැය 24 තුළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

Read More

එල්ලවිය හැකි ප්‍රහාර සම්බන්ධයෙන් බුද්ධි අංශ කලින් තොරතුරු ලබාදී තිබුණත් ඒ පිළිබඳව තමන් හා අමාත්‍යවරුන් දැනුවත් කර නොතිබුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

දිවයිනේ ප්‍රදේශ කිහිපයක එල්ල වූ ප්‍රහාර වලට අදාළව මේ දක්වා පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

කොළඹ ඇතුළු ප්‍රදේශවලට එල්ල වූ ප්‍රහාර සඳහා පැමිණි සැකකරුවන් කිහිප දෙනෙකු තාවකාලිකව නැවතී සිටි බවට සැකකෙරනෙ නිවසක් පොලීසිය සොයාගෙන තිබේ.

Read More

තම ඇමති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන්ට දේශපාලඥයින් ඉලක්කරගත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්බන්ධයෙන් එම කොට්ඨාසය විසින් දැනුවත් කර තිබූ බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ට්විටර් ප්‍රකාශයකින් සඳහන් කරයි.

Read More

ජාතික ව්‍යසන අවස්ථාවේ ඔබගේ හදිසි අවශ්‍යතා සඳහා පමණක් මෙම ගාස්තු නිදහස් පහසුකම පාවිච්චි කරන මෙන් ඉල්ලීමක්.

Read More

කොළඹ ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ල කිරීම සඳහා පැමිණි මරාගෙන මැරෙන ප්‍රහාරකයන් පැමිණි බවට සැකකෙරෙන වෑන් රථය පොලිසිය විසින් සොයාගෙන තිබේ.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මෙරට දේශපාලනයේ ඉහළම නායකයන් පිරිසක් මේ වන විට සාකච්ඡාවකට එක්ව ඇති බව වාර්තා වෙයි.

Read More

ඒ අනුව 011-3024873, 0113024883,0112013039 හා ෆැක්ස් අංක 0112430912 යන අංක අමතා ඒ සඳහා තොරතුරු ලබාදීමේ හැකියාව පවතියි.

Read More

කොළඹ සිදුවූ පිපිරිම්වලින් ජීවිතක්ෂට පත්වූ පිරිස අතර විදේශිකයන් 27ක් පමණ සිටින බවට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

සිදුවූ සිද්ධිය සම්බන්දයෙන් තුවාල වූන් වෙත ලේ ලබා දීම සඳහා තම රුධිරය පරිත්‍යාග කිරීම සඳහා විශාල පිරිසක් නාරහෙන්පිට රුදිර පාරවිලයන මධ්‍යස්ථානයට පැමිණ

Read More

දිවයින පුරා සිදුවූ බෝම්බ පිපිරීම්වලින් තුවාල ලැබූවන්ට පෞද්ගලික රෝහල්වලින් නොමිලයේ ප‍්‍රතිකාර ලබාදීමට පෞද්ගලික රෝහල් සංගමය එකඟ වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

පිපිරීම සම්බන්දයෙන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව ආරක්ෂක අංශ සඳහන් කරයි

Read More

උඩවලව ජලාශයේ වේල්ල හා මොරකන්ද නැරඹීම තාවකාලිකව වසා දැමීමට රජය කටයුතු කර තිබේ.

Read More

දෙමටගොඩදී සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ පොලිස් නිලධාරීන් කොළඹ අපරාධ කොට්ඨාසයට අනියුක්ත පොලිස් නිලධාරීන් බව මේ වන විට තහවුරු වී තිබේ.

Read More

කොළඹ ප්‍ර දේශ කිහිපයක සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 7ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවට එල්ල වී ඇති ප්‍රහාරයන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙළා දැක තිබේ.

Read More

දිවයිනේ වාර්තාවී තිබෙන නොසන්සුකාරී තත්ත්වයත් සමග සියලුම විශ්වවිද්‍යාල වසා දැමීමට රජය කටයුතු කර තිබේ.

Read More

මේ වන විට සිදුකරන ලද මෙහෙයුම්වලදී පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

දෙමටගොඩ පිපිරිම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාවේ නිවාඩු අවලංගු කර තිබේ. මීට පෙර පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට රජය කටයුතු කළේය.

Read More

ස්ථාන කිහිපයකින් වාර්තා වූ පිපිරීම් පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය.

Read More

අද සවස 6 සිට පැනවීමට නියමිතව තිබූ පොලිස් ඇඳිරි නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි

Read More

“කිතුනු බැතිමතුන්ගේ අති පූජනීය දිනයක් වන පාස්කු ඉරිදා දින සිදු වූ අවාසනාවන්ත ප්‍රහාරයන් මාලාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

Read More

රටේ ආරක්ෂයක තත්ත්වය පිළිබඳව ආරක්ෂක අංශ සහ සියලුම අංශවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ජාවක් පැවති අතර එහිදී පොලිසීය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා සියලුම ආගමික ස්ථාන, සංචාරක හෝටල්, රෝහල්, තානාපති කාර්යාල සහ සියලුම කතෝලික ආගමික නායකයන් ඇතුළු ආගමික ස්ථානල රජයේ වැදගත් ස්ථානවල ආරක්ෂාව තර කිරීමට රජය කටයුතු යොදා ඇත.

Read More

එල්ල වී ඇත්තේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවත් එම ප්‍රහාර හෙළා දකින බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

Read More

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.