වනජීවි රැකවරණයේ වැඩුන සර්ප උගුස්සන් තිදෙනෙකුට නිදහස
වයඹ වනජීවි සෞඛ්‍ය කළමනාකරණ ඒකකය භාරයේ රැකවරණ මැද සිටි සර්ප උගුස්සන් තිදෙනෙකු අද (12) දින දහවල් මුදා හැරි බව වයඹ වනජීවි කලාපයේ පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතා පැවසිය.
ප්‍රදේශ කිහිපයකදි විවිධ හිංසනයන්ට ලක්ව තුවාල සිදුව සිටි මෙම සර්ප උගුස්සන් මාස හතරකට ආසන්න කාලයක් වයඹ වනජීවි සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ රඳවා ගෙන ප්‍රතිකාර ලබා දි තිබු බව පවසයි.
මෙසේ රඳවා ගෙන ප්‍රතිකාර ලබා දිමෙන් පසුව යළි මෙම සර්ප උගුස්සන් තිදෙනා ආණමඩුව කොට්ටුකච්චිය දංගහවල ප්‍රදේශයේ කැළෑ බද ප්‍රදේශයකට වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටගේ මහතාගේ උපදෙස් මත මුදා හැරිමට කටයුතු කර තිබුනී.
මෙසේ මුදා හැරුණ සර්ප උගුස්සන් මාස 6ක් වයසැති බවද පැවසේ.
පුත්තලම - හිරාන් ප්‍රියංකර

popular news
-
Champa Thursday, 13 June 2019 09:31 AM
ලස්සනයි නේද කුරුල්ලා? මේ තටු හුඟක් ලස්සනට පේනවා ඇති ඉගිලෙනකොට. චැක් ඒ පින්තූරෙත් දාන්න තිබ්බනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

