කෝටි දෙකක් අල්ලස් ගැනීමේ නඩුවේ විමර්ශන අවසන්
කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ යන්ත්ර සූත්ර ඉන්දීය ජාතිකයෙකුට අයත් සමාගමකට පවරදීම සඳහා රුපියල් මිලියන 20ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ සිදුවීමට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි අල්ලස් කොමිසම අද (11දා) කොළඹ අතිරේක මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නේය.
එම සිදුවීමේ විත්තිකරුවන් වන හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්රධානී කේ. මහානාම මහතාට හා රාජ්ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක යන මහත්වරුන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පවරන බවද දැනුම් දුන්නේය.
මෙම සැකකරුවන් දෙදෙනා අද (11දා) අධිකරණය හමුවේ පෙනී සිටි අතර මෙම නඩුව නැවතත් එළැඹෙන සැප්තැම්බර් මස 10 දා විභාගයට ගන්නා බව මහේස්ත්රාත්වරිය දැනුම් දුන්නාය.

popular news
-
chamara perera Tuesday, 11 June 2019 05:01 PM
නඩුවෙන් දෙකෙන් එකක් වෙනකම් බලාගෙන ඉන්නේ.මොකද මහජනයාගේ මුදල් මෙහෙම මහා දවල් කොල්ල කන්න දෙන්න පුලුවන්ද?
Reply : 0 0
Kumar Tuesday, 11 June 2019 09:23 PM
කිරිගහට ඇන්නා වගේ මම කියන්නේ ඒ අය අන්තිමේදී නිධහස් වෙනවා. ඔය ලොකු පගා ගන්නෙ ඒ කෙනාට විතරක් නොවේ. තමාගේ කොටස අරගෙන ඉතිරිය ඉහලට යන එනක තමා සාමානයෙන් වෙන්නෙ. ඒ හේතුව නිසා තමා තවම සීනි කම්හල පිලිබදව කිසිම දෙයක් සිදුවී නැත්තෙ. පසුගිය අප්රිල් මාසයේ සිංගපුරුවේ සීනි කම්හල සම්බන්දව නඩුවක් තිබුනනේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

