2018දී බන්ධනාගාරවලින් ඡංගම දුරකතන 239ක් සොයාගනියි
බන්ධනාගාර තුළ දෛනික සෝදිසි කිරීම්වලදී ජංගම දුරකථන 239ක් පසුගිය වසරේදී අත්අඩංගුවට ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ 2018 කාර්ය සාධන වාර්තාව පවසයි.
මීට අමතරව ජංගම දුරකථන උපාංග 213ක්, සිම්පත් 268ක්, හෙරොයින් පැකට් 224ක් හා ග්රෑම් 57ක්, ගංජා පැකට් 01ක් හා ග්රෑම් 205ක්, මත්පෙති 08ක්, දුම්කොළ 107ක්, දුම්වැටි 78ක්, මුදලින් රුපියල් 64,920ක්, නිලධාරීන් 04 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙන බව එහි දැක්වේ.
මේ අතර බන්ධනාගාර තුළ යහපත් හැසිරීමක් සහිතව පුනරුත්ථාපන කටයුතු හොඳින් සිදුකළ සිරකරුවන් 1,473 දෙනෙකු පසුගිය වසරේදී නිදහස් කර තිබෙන බවද එම කාර්ය සාධන වාර්තාව සඳහන් කරයි.
ඒ අනුව ජනාධිපති සමාව යටතේ ජාතික නිදහස් දිනයේදී සිරකරුවන් 495ක්, වෙසක් පොහොය දිනයේදී 423ක්, නිවාස නිවාඩු යැවීම යටතේ 378ක්, බලපත්ර මත නිදහස් කිරීම් 177ක් නිදහස් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුනරුත්ථාපන අංශය විසින් සිරකරුවන් සඳහා සිදුකළ වෘත්තීය පුහුණු පාඨමාලාව සඳහා එම වසරේදී රුපියල් 3,436,004ක් වැය කර තිබෙන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

