saravita-anim2

2025 ජුනි මස 10 වන අඟහරුවාදා

2025 ජුනි මස 10 වන අඟහරුවාදා

Latest News - timelapse 1436 hours ago

LATEST

ඉරානයේ තෙල් ණය පියවන්නේ තේ දෙයි

calendar_today 2024 ජුලි 16 - 09:31 remove_red_eye - 428  

ඉරානයෙන් ණයට ලබා ගත් ඛණිජ තෙල් වෙනුවෙන් ගෙවිය යුතු ඩොලර් මිලියන 250.9ක මුදල පියවීම වෙනුවෙන් මේ වන විට ඇමේරිකානු ඩොලර් මිලියන 55ක් වටිනා තේ ඉරානය වෙත අපනයනය කර ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් මහතා පැවැසීය.

කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස්,එරට වලංගු වීසා කාළය ඉක්මවා නීතිවිරෝධී ලෙස රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට එරටින් පිටවීම සදහා කුවේට් රජය විසින් 2024 වසර සදහා ලබා දී තිබූ ’’ පොදු සමා කාළය ’’ භාවිතා කරමින් ශ්‍රී ලාංකිකයන් 10,615 දෙනෙකු එරටින් පිට වී ඇති බව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිති .

Read More

එම අවස්ථාවේ රට ඉදිරියේ අර්බුදයක් තිබුණා. ඒ සඳහා ගතයුතු පියවර කුමක්ද කියා සොයා බැලීම අප සියලුදෙනාගේ වගකීම වුණා. එම වගකීමෙන් කිසිවෙකුට ඈත් වෙන්න බැහැ. විපක්ෂ නායකයා කියන්නේ විකල්ප අගමැතිවරයායි. ඔහු බස් රියදුරෙකු නොවෙයි. ඒ නිසා මේ සඳහා සහභාගිවීමට ඔහුට වගකීමක් තිබුණා. නමුත් ඒ පිළිබඳ එක් දේශපාලන පක්ෂයක්වත් කිසිදු පියවරක් ගත්තේ නැහැ.

Read More

ගතවූ වසර දෙකට සාපේක්ෂව 2024 වසරේ පළමු මාස හය තුළ කෘෂි අපනයන ක්ෂේත්‍රයේ පැහැදිලි වර්ධනයක් සිදු වූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී. එල්. ඒ. ජේ ධර්මකීර්ති මහතා පැවසීය

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත කර නොතිබියදී ජනාධිපතිවරණයක් පැවැත්වීම නීතියට පටහැනි බව සඳහන් කරමින් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ගෙනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් ලක්‍ෂ 05ක නඩු ගාස්තුවක් ගෙවීමටද ඔහුට අද (15) නියම කළේය.

Read More

පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන හා තරු හෝටල් ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාරයන් එල්ල කරන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාර වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය පුද්ගලයින්ගේ ඥාතීන්ගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් නියම කළ වන්දි මුදල් අගෝස්තු 30 වැනිදාට පෙර සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බු

Read More

හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ විදුලි ගාස්තු 27% කින් පහල දැමෙන අතර අනෙකුත් කර්මාන්ත රාජ්‍ය හා පුන්‍ය ආයතන ඒක්ව ගත්විට සමස්ථ විදුලි බිල 22.5% කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

Read More

ගාල්ල සමනළ ක්‍රිඩාංගනයේ දි අද (15) පෙරවරුවේ දි පැවැත්විමට නියමිතව තිබු ගාල්ල දිස්ත්‍රික් ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන සදහා ඉදිකර තිබු වේදිකා, කුඩාරම්, විදුලි උපකරණ සියල්ල අද අළුයම් කාලයේ දි ඇතිවු දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් දැඩි හානියට පත්ව ඇත.

Read More

සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය“ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පළමු අදියරේ සුදුසුකම් ලාභීන් 65,393ක් අතුරින් පුද්ගලයන් 662කට සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම මහියංගනය මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ (14) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සංකේතාත්මකව සිදුකෙරිණි.

Read More

ශ්‍රී ලංකාව තුළින් විස්සයි විසි දෙක වසරේ මිනීමැරුම් පන්සිය පනස් නමයක් විස්සයි විසිතුන වසරේ මිනිමැරුම් පන්සිය හැත්තෑ අටක් සිදු වී තිබෙන බවත් මෙය වළක්වා ගැනීමට නොහැකි පොලිස්පති වරයෙක් විෂය භාර ඇමතිවරයෙක් රටකට කුමකටද ඇයි අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුව භාරව සේවය කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා පැවසීය.

Read More

පුත්තලම නගරයේ ඉහළ වානිජ වටිනාකමකින් යුත් යුත් රජයට අයත් ඉඩමක් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රී රහිම් මහතා නීති විරෝධිව අත්පත් කර ගෙන ඇති බව වාර්තාවෙයි.

Read More

බෙන්තොට පොලිස් වසමේ පිහිටි අතුරුවැල්ල ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ දී ඊයේ රාත්‍රි ඇතිවූ ගැටුම්කාරී තත්වයකදී භික්ෂූන් වහන්සේලා දෙනමක් සහ පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා ඇතැයි බෙන්තොට පොලීසිය කියයි.

Read More

ඇතැම් අය කිව්වා මීට විරුද්ධවඅධිකරණයට යයි කියලා. නමුත් අධිකරණ බලය තිබෙන්නේ උසාවියේ නෙවෙයි, පාර්ලිමේන්තුවේ බව සිහිපත් කළ යුතුයි. පාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුය යන ස්ථාවරයේ මම සෑමවිටම සිටිනවා.

Read More

තැපැල් දෙපාර්තමේන්තුවට අයත් නාරාහේන්පිට පිහිටි යාන්ත්‍රික ඉංජිනේරු අංගණයේ ඉකුත් වසර 05ක කාලයේදී වාහන අමතර කොටස් මිලදී ගැනීමට සේවකයන් සඳහා වැය වී ඇති අතිකාල දීමනා සඳහා රුපියල් තිස්කෝටි හතළිස් හත් ලක්ෂයකට අධික මුදලක් (304,702,219) අය කර ඇති අතර, අලුත්වැඩියා කළ වාහන සංඛ්‍යාව එක් එක් වාහනයකට බෙදනු ලැබූ අමතර කොටස් පිළිබඳ ටයර් ටියුබ් සහ බැටරිවල තොරතුරු විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

Read More

මේ වර්ෂයට අදාළ දෙවන විදුලි ගාස්තු සංශෝධනය අද(15දා) ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබෙන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

Read More

රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මත් පැන් අලවි කිරීම සඳහා බලපත්‍ර පක්‍ෂයේ කිසිම මන්ත්‍රී වරයකු ලබාගෙන නොමැති බව හැකි නම් ප්‍රකාශ කරන්නැයි තමන් සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (13දා) පස්වරුවේ දඹුල්ලේ දී අභියෝග කළේය. මාතලේ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ගෙදර දිසානායක මහතා විසින් මෙම ජනරැළිය සංවිධානය කොට තිබිණ.

Read More

ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් නැවත වරක් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අණපරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

Read More

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවඇමරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රතිපත්තිමය ණය ආධාරයක් අනුමත කර තිබේ.

Read More

අයිතිකරුවන්ටතම අයිතිය නීතියානුකූලව පෙන්විය නොහැකි සැකකටයුතුරුපියල් කෝටි හයක් පමණ වටිනාඩිෆෙන්ඩර් රථයක් ප්‍රාඩෝ රථයක් සහඅශ්ව බල 1000යතුරුපැදියක්මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින්අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

හිටපු අමාත්‍ය හා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු සමස්ථ ලංකා මහජන කොන්ග්‍රස් පක්ෂයෙ නායක මන්ත්‍රී රිෂාඩ් බදුර්දින් මහතා ගමන් ගනිමන් තිබු සුඛෝපභෝගි ජීප් රිය කරුවලගස්වැවදී අනතුරකට ලක්ව ඇති බවත් අනතුරීන් කිසිවකුටත් හානි සිදුව නැතත් වාහනයට දරුණූ හානි සිදුව ඇති බව කරුවලගස්වැව පොලිසිය කියයි.

Read More

නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනයට ලක්වු ප්‍රකට ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු සිදුකිරිමෙන් පසු මාකදුරේ මදුෂ්ගේ රුව සහිත බැනරයක් මාතර ප්‍රධාන බස් නැවතුම්පොල ඉහල මහලේද ඊයේ (14දා) උදෑසන වනවිට ප්‍රදර්ශනය කර තිබු බව මාතර පොලීසිය පවසයි.

Read More

අතුරුගිරිය ටැටු කලාගාරය තුළදී ව්‍යාපාරික ක්ලබ් වසන්ත නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පාතාල නායක ලොකු පැටිගේ මස්සිනා ඇතුළු තිදෙනාප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදා හැරිය බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වැටුප් ලේඛන අංශයේ සිදුවී ඇතැයි කියන රුපියල් ලක්ෂ 180 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් මාණ්ඩලික සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

Read More

දේශපාලන අවශ්‍යතා අනුව අතීතයේ සාම විනිසුරු පත්වීම් ලබා දී තිබුණ බවත් පාතාල නායකයෙකු වු ගෝනවල සුනිල් නැමැත්තාටත් සාම විනිසුරු පත්වීම් ලබාදී තිබුණ බවත් ඔහු පැවැසිය.

Read More

අනුර දිසානායක මැතිතුමා සහ මම පාර්ලිමේන්තුවේ එකට වැඩකටයුතු කළත් අපේ දේශපාලනය වෙනස්. ඒ බව මීට දින කිහිපයකට පෙර එතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා. එතුමා කිව්වා මේ දේශපාලනයේ ගේම් කාරයා මහින්ද රාජපක්ෂ කියලා. ඒක මට ප්‍රශ්නයක් නොවෙයි. එතුමා රාජපක්ෂවාදියෙකු වීම මට ප්‍රශ්නයක් නොවෙයි. ආණ්ඩුවේ රාජපක්ෂවාදීන් ඕනතරම් ඉන්නවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂවාදීන් සිටිනවා. ඒ වගේම අනිත් පක්ෂවල අයත් සිටිනවා. අප සියලුදෙනා එකට වැඩ කළයුතුයි.

Read More

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළව එහි විත්තිකරු සියලුම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කර ඇති බව සදහන් කරමින් , මහේස්ත්‍රාත්වරයාගේ අත්සන ද ව්‍යාජ ලෙස සදහන් කර නඩු වාර්තාවක් ලබා දී , රුපියල් ලක්ෂ 35 ක මුදලක් වංචනිකව ලබා ගත් හිටපු අධිකරණ සේවකයෙකු 07/14 දින උදෑසන මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

රජයේ ප්‍රමුඛ අරමුණක් වන්නේ නවීන තාක්ෂණය යොදා ගෙන මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම බව “58 වන රාජ්‍ය ඔසුසල” ගාල්ල, හික්කඩුව නගරයේ දී විවෘත කරමින් සුව ඇමති අවධාරණය කරයි.

Read More

ජනාධිපතිවරණය කල් දැමීමේ සූදානමක් ඇති බවට විපක්ෂය කටකතා පැතිරවූවත් ජනාධිපතිවරයා නියම වේලාවට මැතිවරණය පවත්වන බවත් ඉන් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කොට රටේ ආර්ථික ප්‍රශ්ණය විසදා රට නිසි තැනකට ගෙන එනු ඇති බවත් ජනාධිපති ජේෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ගම්පහ , ගනේමුල්ලේදී පැවසීය.

Read More

ගාල්ල, බූස්ස අධිආරක්ෂක බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයාට මරණ තර්ජන කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ, පොලිස් මූලස්ථානය විසින් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.

Read More

බස් රථයක ගමන් කරමින් සිටි 27 හැවිරිදි තරුණියකගේ කෙස්කලඹේ අඩියක පමණ ප්‍රමාණයක් කතුරක් භාවිතා කරමින් කපා ඉවත් කළ බව කියන මුරුතලාව ප්‍රදේශයේ පල්ලියක මවුලවිවරයෙකු බව කියන පුද්ගලයෙකු මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.