රුහුණු මහ කතරගම වාර්ෂික පෙරහර මංගල්‍යයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1050ක් යෙදවීමට කටයුතු කර තිබේ.
පෙරහැර පැවැත්වෙන කාල සිමාවෙහිදී බැතිමතුන්ගේ ආරක්ෂාව හා රථවාහන පාලනය සඳහා මෙම නිලධාරීන් ප්‍රමාණය යෙදවීමට කටයුතු කළ බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අදාළ කටයුතු මාතර, හම්බන්තොට භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සෘජුව අධීක්ෂණය කරන අතර සහකාර පොලිස් අධිකාරිවරුන් පස් දෙනෙකු හා පොලිස් ස්ථානාධිපතිවරුන් පස්දෙනෙක් ද මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටිති.
පාද යාත්‍රාවේ පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව හා සුබ සාධන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමටද පොලීසිය කටයුතු කර තිබේ.
වාර්ෂික පෙරහර මංගල්‍යය ඊයේ (26දා) සිට 10 වැනි දින දක්වා පැවැත්වෙන අතර 11 වැනි දින දිය කැපීමේ මංගල්‍යය සිදුකිරීමට නියමිතව ඇත.