saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 1435 hours ago

LATEST

E-8 වීසා ගිවිසුම නීත්‍යානුකූල නෑ

calendar_today 2024 ඔක් 29 - 13:16 remove_red_eye - 863  

E-8 යන වීසා ගිවිසුම හිටපු අමාත්‍යවරයා නීත්‍යානුකූල නොවන ලෙස අත්සන් කළ ගිවිසුමක් බවත්, ලංකාවේ කිසිඳු පෞද්ගලික ඒජන්සි ආයතනයකට ශ්‍රමිකයින් මේ වීසා ක්‍රමය යටතේ කොරියාවට යවන්න හෝ මුදල් එකතු කරන්න අවසර දී නොමැති බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සදහන් කරයි. වැඩිදු

රුහුණු කතරගම මහා දේවාලය වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ ශ්‍රද්ධාව වැඩිකර.සිත්සතන් සුවපත්කිරීමේ අරමුණෙන් කතරගම පුදබිම පුරා මල්පැළ රෝපණයකිරීමේ වැඩසටහනක් දියත්කර ඇත.

Read More

නැගෙනහිර වෙරළ තීරයේ, විශේෂයෙන්ම මඩකලපුව කාත්තාන්කුඩි මුහුදු තීරයේ කෝටි ගණනක මත්ස්‍යයන් පණපිටින් ගොඩබිමට පැමිණෙන අයුරු නිරීක්ෂණය කළ හැකිය.

Read More

අලුතින් ණය ලබා ගැනීමක් ​හෝ මුදල් අච්චු ගැසීමක් සිදු කර නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

Read More

මේ වසරේ ගෙවීගිය කාලයේදී හා පසුගිය වසරේදී විදුලිබල මණ්ඩලය විසින් ලබාගෙන තිබෙන ලාභයට අනුව විදුලි බිල 30%කින් අඩු කළ හැකි බව මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය.

Read More

ඕස්ට්‍රේලියානු කඩුලු රකින් ක්‍රීඩක මැතිව් වේඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

Read More

හිටපු අමාත්‍යවරුන් සිව් දෙනෙක් සිය නිල නිවාස භාරදුන් බව දැනුම් දී තිබේ තිබේ. ඒ අනුව තමන් නිල නිවාස භාරදුන් බව ගාමිණි ලොකුගේ, දිලුම් අමුණුගම , රමේෂ් පතිරණ හා අජිත් රාජපක්ෂ යන හිටපු අමාත්‍යවරු“අද” ට පැවසූහ.

Read More

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ගැටලු විසඳා ගැනීම සඳහා ඉදිරි දිනවල ක්ෂණිකව වෘත්තීය ක්‍රියා මාර්ගයකට යාමට සැලසුම් කර තිබෙන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව සිට රාජ්‍ය බුද්ධි තොරතුරු, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සහ මත්කුඩු ජාවාරම්කරුවන් අතට පත් කළ. විශේෂ කාර්ය බලකායේ සේවය කරන කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව එම කාර්ය බලකාය පවසයි.

Read More

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම සඳහා විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

Read More

අද (28දා) උදෑසන කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේ පිලී පැනීමකට ලක්වූ දුම්රිය සවස මරදාන දුම්රිය ස්ථානයෙදිත් පිලි පැනීමකට ලක්වීම නිසා දුම්රිය ගමනා ගමනයට බාධා සිදු විය.

Read More

පවතින සහල් හිඟයට හා මිල ඉහළ යාමට මුදල් අමාත්‍යාංශ නිලධාරීන් වගකිව යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා චෝදනා කර සිටියි.

Read More

ජෛව ආරක්ෂණ ක්‍රම භාවිත කිරීමෙන් අප්‍රිකානු සූකර උණ ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම මෙරටින් තුරන් කරගත හැකි බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා පැවසීය.

Read More

ආණ්ඩුවක් කරන ආකාරය පිළිබඳ පලපුරුද්දක් ඇති ප්‍රබල කණ්ඩායම ගෑස් සිලින්ඩරය යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග කරන බවත් යම්,කිසි අවස්ථාවක ආර්ථිකයට බලපෑමක් ඇති වුවහොත් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා පලපුරුදු කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක රුවන් විජයවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු දේශපාලන කාර්යාලයේ අද (28ද

Read More

විදෙස් ත්‍රස්ත සංවිධානවල අවශ්‍යතාවය මත මෙරට තුළ ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් සකස් කළ තවත් සැකකරුවන් හඳුනාගෙන ඇතැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට දැනුම් දුන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීහු ඔවුන් වහාම අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයිද අද (28) දැනුම් දුන්නේය.

Read More

ඉන්දීය ගුවන් යානයක් තුළ බෝම්බ ඇති බවට කටුනායක ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩ බැස්සවීමක් (Emergency Landing) සිදු කළ තුන් වැනි ගුවන් යානය ද 10/28 දින පස්වරුවේ දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගෙන තිබුණි.

Read More

හෙරෝයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද(28දා) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන බවට සඳහන් කළද ඊට අවශ්‍ය අනුමැතිය ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසීය.

Read More

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජානක ප්‍රසාද් හෙවත් මර්වින් ජානා නමැත්තා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකාවට කිසිදු තහනමක් පනවා නොමැති බව අමෙරිකානු තානාපති ජූලි චන්ග් පැවසීය.

Read More

රේගුව මගින් අත්අඩංගුවට ගන්නා ලද විවිධ වර්ගයේ වාහන 637 ධාවනයට නුසුදුසු වන ලෙස දිරාපත්වීමට ඉඩහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

Read More

රජය දිගින් දිගටම භාණ්ඩාගාර බිල්පත් මගින් ණය ගනිමින් සිටින අතර, පිළිගත් සල්ලි අච්චු ගැසීමේ යාන්ත්‍රණයක් භාවිත කරමින් ‘සල්ලි අච්චු ගැසීම‘ ආරම්භ කර ඇති බව මාතලේ දිස්ත්‍රික්ක සමගි ජනබලවේගයේ නායිකා රෝහිණී කවිරත්න පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඇය මේ බව සඳහන් කරයි.

Read More

දේශද්‍රෝහියෙකුට රටේ ඉහළම තනතුරක් ලබා දුන් නිසා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චැනල් 4 නාලිකාව පිළිබඳ වාර්තා සැඟවීම සිදු කරනවා විය හැකි බව පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තුව ඇතුලෙත් එයාලගෙ පලපුරුද්ද පෙන්නල තියෙනව.පාර්ලිමේන්තුවට හොරෙන් පිහි ගේන්න පුලුවන්, මිරිස් කුඩු ගේන්න පුලුවන්, පුටු වලින් ගහගන්න පුලුවන් , සභා ගර්බය මැද පෙරලගෙන එකිනෙකා ඇනකොටා ගන්න පුලුවන් , ගේන ඕනම පනතකට සිග්නල් කණු වගේ අත් උස්සන්න පුලුවන්.අර හිටපු සෞඛ්‍ය ඇමතිට බාල බෙහෙත් ගෙනාව කියල විශ්වාසභංගයක් ගෙනාව. ඔය කට්ටිය එයාට පක්ෂව අත ඉස්සුව. අන්න එහෙමයි පලපුරුද්ද

Read More

මිනිස් පාරිභෝජනයට නුසුදුසු මට්ටමේ පවතින රුපියල් දහඅට කෝටි හැටලක්ෂ පනස් අටදහස් නවසිය විසිදෙකක් වටිනා (186,058,922) සහල් සහිත බහාලුම් 53ක් දැනට වසර 6ක පමණ කාලයක සිට රේගුවේ රඳවා ගෙන ඇති බැව්, ජාතික විගණන කාර්යාලය මගින් ඔක්තෝබර් මස 25වන දින නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. පාරිභෝගික අධිකාරිය මගින් පළකරන ලද ගැසට් පත්‍රයක් හේතුවෙන් මෙම සහල් සත්ත්ව ආහාර වශයෙන් යොදා ගැනීමටද නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.

Read More

මෙතෙක් නිල නිවාස භාර දී නොමැති අමාත්‍යවරුන් 14දෙනෙකු සිටින බව වාර්තා වේ. ඒ අතර යහපාලන රජය සමයේ සිටි හිටපු විපක්ෂ නායකවරයෙක් වූ ආර්. සම්බන්ධන් මහතාගේ හා නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ නමද ඊට ඇතුළත් වේ. එමෙන්ම රිය අනතුරකින් මිය ගිය හිටපු ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා භාවිත කළ නිල නිවසද මෙතෙක් භාරදී නොමැති බව වාර්තා විය.

Read More

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සතු , හඬ පටිගත කිරීමේ කිරීමේ යන්ත්‍ර 23 ක් අස්ථාන ගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

Read More

වසර පහකට පමණ පෙර අත්තනෝමතික ලෙස විසුරුවා හැරී එෆ් සි අයි ඩි හෙවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නැවත බලාත්මක කර දූෂණ ලිපිගොනු කඩිනමින් විමර්ශනය කිරීමේ සූදානමක් පවතින බව නීතිය හා සාමය අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ඉදිරියේ පැවැත්වෙන මහා මැතිවරණයේදී ඡන්දය දැමීම සදහා ජනතා උනන්දුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට බොහෝ සෙයින් සමානවීමට ඉඩ තිබෙන බව මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (28) උදේ අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

Read More

දුම්රිය සේවකයන් හට තම නිවාසය සහ සේවා ස්ථානය අතර ගමන් කිරීම සඳහා නිදහස් දුම්රිය අවසර පතක් ලබා දීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව මීට අදාළ පියවර ගන්නා ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ‍ගුවන්සේවා අමාත්‍ය විජිත හේරත් මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.