රටට අවශ්‍ය කරන සීමාව ඉක්මවා කොවිඩ් එන්නත් මිලදී ගැනීම හා වැඩි මිලට එන්නත් මිලදී ගැනීම පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සමිති සඳහය සඳහන් කරයි.
2020 හා 2021 වසරවලදී සීමාව ඉක්මවා එන්නත් මිලදී ගැනීම නිසා එන්නත් කුප්පි ලක්ෂ හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක් විනාශකර තිබෙන බවද එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සජිව මහතා සඳහන් කළේය.
මීට අමතරව එන්නත් කුප්පි මිලියන 14 ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 16 000 කට අධික මුදලක් වැයකර තිබෙන බවත් මේ පිළිබඳව විගණන වාර්තා මගින්ද පෙන්වා දී තිබෙන බවත් ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන්ද පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස පසුගිය කාලයේදී නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින් ඉල්ලීමක් කළත් ඊට අදාළව පුළුල් පරීක්ෂණයක් තවම සිදුවී නොමැති බවද හෙතෙම පවසා සිටියේය.
එන්නත් කුප්පියක් ඩොලර් පහට මිලදී ගැනීමේ හැකියාව පවතිද්දී, ඩොලර් 10 බැගින් මිලදී ගැනීම සිදුව ඇති බවට පාර්ලිමේන්තුවේදී පසුගිය කාලයේ අනාවරණය වූ බවද ඔහු සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වර්තමාන පරිපාලනයට සම්බන්ධ නිලධාරීන් කිහිප දෙනෙකුද මෙම කොවිඩ් එන්නත් ගෙන්විමේ සිද්ධීන්වලට සම්බන්ධ බවත් මේ නිසා මේ පිළිබඳව පරීක්ෂණයක් සිදුකොට වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් චමල් සංජීව මහතා සඳහන් කළේය.
වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා පළමු පාර්ලිමේන්තු සැසිවාරයේදී කොවිඩ් කාලයේ පරීක්ෂණ කට්ටල මිලදී ගැනීමේදී වංචාවක් සිදුව ඇති බව ප්‍රකාශ කළත් මේ දක්වා ඒ සම්බන්ධ ලිපිගොනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට භාරදීමට අසමත්ව ඇති බවද ඔහු පවසයි.