උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර සහ ඇල්ල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල පයිනස් ගස් කීපයක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
බදුල්ල සිට කොළඹ කොටුව බලා අද (27)අලුයම 5.45 ට ගමන් ආරම්භ කල අංක 1016 දරන උඩරට මැණිකේ දුම්රියේ රියදුරු කල්වේලා ඇතිව මාර්ගයට කඩා වැටී තිබු ගස් දැක දුම්රිය නවතා ගැනිම නිසාවෙන් සිදු වීමට ගිය විශාල අනතුරක් වලකා ගැනිමට සමත් වූ බවත් දුම්රිය මගීන් පැවසූහ .
ඇල්ල පයිනස් වනරක්ශිතයේ හට ගත් ගින්නට හසුවී පිළිස්සී ගිය විශාල පයිනස් ගස් තුනක් මෙසේ දුම්රිය මාර්ගයට කඩා වැටීමෙන් දුම්රිය මාර්ගය අවහිර වී තිබින .
දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති ගස් දුම්රිය සේවකයන් විසින් ඉවත් කිරිමට කටයුතු සිදු කරන බවත් දුම්රිය බලධාරින් සදහන් කලේය .
මෙම ගස ඉවත් කිරීම සඳහා එම උඩරට මැණිකේ දුම්රියෙන් ගමන් කරමින් සිටි පාසල් සිසුන් පිරිසක්ද සහාය දැක්වීය.
ප්රසාද් රුක්මාල්


