කොළඹ වරාය පොලිස් වසමේ කෘත්‍රීම වෙරළ තීරයේ මුහුදේ පිහිනමින් සිටිපුද්ගලයෙකු ඊයේ (26දා) අතුරුදහන් වී ඇති බවට කොළඹ වරාය පොලිස් ස්ථානයට ලද පැමිනිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත. අතුරුදහන් වූ පුද්ගලයා වයස අවුරුදු 24 ක් වන අස්ගිරිය, ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කොළඹ විශ්ව විද්‍යාලයේ හා මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විනෝදාංශයක් ලෙස ස්නෝර්කල් පැලැඳ මුහුදේ පීහිනමින් මුහුදු පතුල නීරීක්ෂණ කරමින් සිටියදී එක් පුද්ගලයෙකු මෙලෙස අතුරුදහන් වී ඇති බවට අනාවරණය වී ඇති අතර ඔහු පැලැඳ සිටි ස්නෝර්කලය ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.
අතුරුදහන් පුද්ගලයා සොයා කොළඹ වරාය පොලිසිය, නාවික කොට්ඨාසයේ කිමිඳුම්කරුවන්, රංගල නාවික හමුදා කිමිඳුම්කරුවන් ඒකාබද්ධව මෙහෙයුම් දියත් කර ඇති අතර, කොළඹ වරාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.