ඇමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාර හරහා ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන කඩාකප්පල් කිරීමට "සැලකිය යුතු කිසිවක් ඉටු නොවුණ" බව ඉරානයේ අධ්‍යාත්මක නායක අයතුල්ලා අලි කමේනි පවසයි.
මෙම ප්‍රහාර ඉරානයේ න්‍යෂ්ටික අභිලාෂයන් දැඩි ලෙස අඩපණ කර ඇති බවට වොෂින්ටනය තක්සේරු කිරීමෙන් අනතුරුව ප්‍රසිද්ධියේ මාධ්‍ය හරහා පෙනී සිටිමින් අධ්‍යාත්මික නායකයා මේ බව පැවැසිය.
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් රැස් කරන ලද බුද්ධි තොරතුරු මගින් "න්‍යෂ්ටික වැඩසටහනට සැලකිය යුතු ලෙස හානි කර ඇති බවත්, එය වසර ගණනාවක් පසුබෑමට ලක් කර ඇති බවත්" පෙන්නුම් කළ බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පැවසීය.
ඊශ්‍රායලය සමඟ සටන් විරාමයකට එකඟ වීමෙන් පසු ගැටුම්වලින් අනතුරුව අලි කුමේනි පළමුවරට ජාතිය අමතිමින් තවදුරටත් සඳහන් කළේ එක්සත් ජනපදය න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාරවලින් "කිසිදු ජයග්‍රහණයක් අත්කර නොගත්" බවයි.
ගැටුම් ඇතිවීමෙන් පසුව ඉරාන උත්තරීතර නායකයා බංකරයක නවාතැන් ගෙන සන්නිවේදනය සීමා කරමින් සිටින අතර බ්‍රහස්පතින්දා ජාතිය අමතමින් අලි කුමේන් කළ කථාව ඔහු කතා කළේ කොහේ සිටද යන්න හෙළි නොකිරීහට ඉරාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කටයුතු කළේය.
ඉරානයට නැවත පහර දුන්නොත් මැද පෙරදිග එක්සත් ජනපද කඳවුරුවලට තවත් ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කළ කමේනි තවදුරටත් පැවැසුවේ යුද්ධයේදී ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය යන දෙකටම එරෙහිව ඉරානය ජයග්‍රහණය කළ බවයි.
න්‍යෂ්ටික මධ්‍යස්ථාන ප්‍රහාරවල බලපෑම ට්‍රම්ප් "අතිශයෝක්තියට නැංවූ" බව කමේනි පැවසූ අතර, "ඔවුන්ට කිසිවක් ඉටු කර ගත නොහැකි වූ අතර ඔවුන්ගේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට නොහැකි විය" යනුවෙන් පැවසීය.
කටාර්හි එක්සත් ජනපද ගුවන් කඳවුරට එල්ල වූ ප්‍රහාරය ගැන සඳහන් කරමින් කමේනි මෙසේ පැවසීය: "මෙම සිදුවීම අනාගතයේදී ද නැවත නැවතත් සිදුවිය හැකි අතර, ඕනෑම ප්‍රහාරයක් සිදු වුවහොත්, සතුරාට සහ ආක්‍රමණිකයාට සිදුවන හානිය නිසැකවම ඉතා ඉහළ වනු ඇත."
