saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 8719 hours ago

LATEST

තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් හමුවෙයි - සමස්ත රෝගීන් ගණන 237

calendar_today 2020 අප්‍රේ 15 - 22:22 remove_red_eye - 758  

අද දිනයේ මේ දක්වා ආසාදිතයන් 4ක් වාර්තා වි තිබේ.

රාජ්‍ය සහ පෞද්ගලික සේවා ඇරඹීම කෙරෙහි රජයේ අවධානය/සියලු කටයුතු වෛරසය පාලනයට මුල් තැන දෙමින්/ අතරමග නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ඇරඹීමට පියවර/ අළුත් ආර්ථික රටාවක් ගොඩනැඟීමේ යාන්ත්‍රණය අමාත්‍යාංශ වෙත

Read More

COVID-19 වසංගත තත්ත්වය මත නීතිවිරෝධී සංක්‍රමණිකයින් මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කිරීම නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒ වෙනුවෙන් ගුවන් යානා යොදවා තිබේ.

Read More

ඉරණවිල ඇමෙරිකන් හඬ කොරෝනා ප්‍රතිකාර ඒකකයට අද ( 15) රාත්‍රියේ යාපනය පලාලි සිට තවත් ආසාදිතයින් සිවු දෙනෙකු රැගෙන ආ බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.

Read More

පුත්තලම ඇතුළු ප්‍ර‍‍දේශ රැසක් හරහා අද ( 15 ) සවස හමා ගිය මහා සුළගකින් නිවාස 300 කට වැඩි සංඛ්‍යාවකට හානි සිදුව ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසයි.

Read More

“COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” මෙහෙයවීම සඳහා වන කළමනාකරණ කමිටුව අද (15) ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

Read More

දිස්ත්‍රික්ක 4ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

Read More

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම / සෙසු දිස්ත්‍රික්කවල හෙට උදෑසන ඉවත් කරන ඇඳිරි නීතිය සවස 4ට යළි පනවයි. එසේ පනවන ඇඳිරි නිතිය යළිත් අප්‍රේල් 20 දා උදෑසන 6 දක්වා ක්‍රියාත්මකයි

Read More

මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳව ජනපති සහ රජය කඩිනමින් තීරණයක් ගත යුතු යැයි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි .

Read More

ඉදිරියේදී යුද හමුදාවට ඩ්‍රෝන දෙපාර්තමේන්තුවකුත්

Read More

පුද්ගලයෙක් මරුට - 29කට තුවාල - තුවාල වු අය අතර සාම්පූර් දක්වා රැගෙන ගිය 26ක්

Read More

නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් දෙදෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

Read More

දිනකට කැඩිය යුතු තේ දලු ප්‍රමාණය පහත දමන ලෙස ඉල්ලමින් තලවකැලේ, ලිඳුල, අපක්‍රැන්ලි වත්තේ වතු කම්කරුවන් පිරිසක් අද (15) සවස විරෝධතාවයක නිරත වුහ.

Read More

කොරෝනා ආසාධිතයන් හඳුනාගත් බේරුවල රතු අවදානම් කළාපය තුළ හුදෙකලා කර ඇති ගම්මාන හතක පුද්ගලයන් 11 293 දෙනෙකු එම ගම්මාන තුළ ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා අද (15දා) සවස පැවසීය.

Read More

මේ මොහොතේ රජයේ අවධානය පළමුවද ,දෙවනුවද, තෙවනුවද කොරෝනා වසංගතය තුරන් කිරීම බවත් කොරෝනා ව්‍යසන අවදානමෙන් ජනතාව මුදා ගැනිම මේ මොහොතේ රජයේ ප්‍රමුඛ කාර්ය බවත් එයින් ජනතාව නිදහස් කර ගන්නා තුරු මැතිවරණ කෙරෙහි රජය කිසිදු අවධානයක් යොමු නොකරන බව හිටපු අමාත්‍ය හා රජයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

පළාත් මට්ටමින් ලැබෙන සෞඛ්‍ය නිර්දේශ සැලකිල්ලට ගෙන වත්මන් සීමාවන් ලිහිල් කිරීම තීරණය කරනු ලැබේ.

Read More

බද්දෙගම ගුරුසිංහගොඩදී ඊයේ (14 ) රාත්‍රියේදී යුද හමුදා නිලධාරියෙකුට මන්නා පිහි පහර එල්ල කල පුද්ගලයා අද (15 ) තමා එල්ල කල මන්නයත් සමගම භාරවූ බව බද්දෙගම පොලීසිය පවසයි.

Read More

කොරෝනා වසංගතය හේතුවෙන් ලෝකයේ විවිධ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා රජයේ අවධානය යොමුව ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

විපක්ෂයේ පක්ෂ නායක හමුවට අවසර ලබා නොදීම සම්බන්ධව විරෝධය පළ කරන බවත් එය හෙළා දකින බවත් සඳහන් කරමින් සමගි ජනබලවේගය වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා රෝගීන් 63ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

ඉතාලියේ කෝවිඩ් 19 වසංගතය පැතිරිම වලක්වාලීමට හා රෝගීන් සුවපත් කිරිමට හා ආරක්ෂා කිරිමට කෙරෙනා සුවිසල් මෙහෙවර උදෙසා වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයන්ට අවදානම් දීමනාවක් ලබාදීමට කෝවිඩ් 19 වැඩිම බලපෑමක් ඇති ලොම්බාර්දියාල ටොස්කානා , එමිලියා රොමානියා හා පියමොන්තෙ පළාත් සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

Read More

ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව කඩා වැටුණ රුපියල මේ වන විට තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කරමින් පවතී.

Read More

තද වැසි හා ප්‍රභල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

වැඩිහිටි, වකුගඩු රෝගී සහ ආබාධ සහිත පුද්ගලයින්ගේ අමතර ඉල්ලීම් සදහා ද රුපියල් 5,000 දීමනාව ගෙවීමට රජය තීරණය කරයි.

Read More

මැතිවරණය පවත්වන තුරු රජයට, විශේෂයෙන්ම කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් තවත් මුදල් ප්‍රතිපාදන වෙන් කරගන්නට අවශ්‍ය නම් ඒ සඳහා පාර්ලිමේන්තුව වහාම කැඳවීමටත් ජනාධිපතිවරයාට හැකියාව තියෙනවා.

Read More

අප්‍රේල් 08 වනදා රාත්‍රියේ සිට හුදකලා කරන ලද මන්නාරම තාරාපුරම් ගම්මානය අද (15) උදෑසන සිට යළි සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට පියවර ගෙන ඇති බවට මන්නාරම් පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය තම ගුවන් ගමන් මෙහෙයුම් කටයුතු අත්හිටුවීම 2020 අප්‍රියෙල් 30 දින දක්වා දීර්ඝ කර තිබේ

Read More

ඇතමුන් සදහන් කරන ආකාරයෙන් පාර්ලිමේන්තුව නැවත කැඳවිමේ කිසිදු අවස්ථාවක් සිදු නොවන බව හිටපු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

Read More

චීනයේ හුබෙයි පළාතේ වුහාන්හි කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉදිකළ පළමු තාවකාලික රෝහල වූ ලයිෂෙන්ෂාන් රෝහල නිල වශයෙන් තාවකාලිකව වසා දැමීමට චීනය කටයුතු කළ තිබේ. ඒ එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ අවසන් රෝගියාද රෝහලෙන් පිටව යෑම හේතුවෙනි.

Read More

ශ්‍රී ලංකාවේ මේ දක්වා කොරෝනා වසංගතය පාලනය කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක වී ඇති බවත් මේ වන විට ලංකාවේ කොරෝනා රෝගීන් සියයට 99.9ක්ම වාර්තා වන්නේ නිරෝධායන මධ්‍යස්ථාන තුළින් බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.