කරුණා අම්පාරේදී කළ ප්‍රකාශය සුළුකොට තැකිය නොහැකියි - රුවන්
මෙවර මහමැතිවරණය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභයට රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකරමින් ඉදිරිපත් ව සිටින හිටපු L.T.T.E නායකයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කළ ප්‍රකාශය රටේ නීතියේ ආධිපත්‍ය බරපතල අභියෝගයකට ලක්කර ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
කරුණා අම්මාන් සිදුකළ මෙම ප්‍රකාශය මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
අම්පාර ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ඔහු සඳහන් කළේ
"මට මහින්ද අගමැතිතුමා කතා කළා මේ පාරත් ලැයිස්තුවෙන් එන්න මහන්සි වෙන්නෙ ඇයි කියල.මම කිව්ව මේ පාර මම ඉල්ලලම එන්නම් කියල,කර්තිව් සභපති කියල තිබුණා මම කොරෝනාවට වඩා බරපතලයි කියල, ඔව් මම එහෙම තමයි,කොරෝනාවෙන් මැරුනෙ 9ක් විතරයි.අපි එක රැයෙන් අලිමංකඩ දි හමුදාවේ 2000 ක් 3000 ක් මැරුවා.තේරෙනව නේ?කිලිනොච්චියෙත් දහස් ගානක්" යනුවෙනි.
අත්තනගල්ල ප්‍රදේශයේ අද (20දා) උදෑසන පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසුවේ සැමවිටම දේශාභිමානය දේශප්‍රේමය ගැන කතා කරමින් දකුණේ පෙනී සිටින අතරේම, උතුරු නැගෙනහිරට ගොස් හමුදා රණවිරුවන් දහස් ගාණක් මැරුවා යැයි පවසමින් ඡන්දය දිනා ගැනීමට උත්සාහ දරන පුද්ගලයන් පිළිබඳ කණගාටුවන බවයි.
මහින්ද රාජපක්ෂ මහතා කරුණා අම්මාන් වැනි පුද්ගලයන්ට තම දේශපාලන පක්ෂයේ උප සභාපති තනතුරු ලබා දෙමින් අවස්ථාවාදී ලෙස කටයුතු කරමින් ජනතාව රවටමින් සිදුකරන දේශපාලනය කුමක්දැයි ප්‍රශ්න කළ විජයවර්ධන මහතා තවදුරටත් රටේ ජනතාව රැවටවීමට බුද්ධිමත් ජනතාව ඉඩ නොතබනු ඇති බවද සඳහන් කළේය.
popular news
-
Don Saturday, 20 June 2020 07:06 PM
Karuna is a bloody murderer, He must have sponsored SLFP and big bosses well to award him the Deputy Chairmanship. Now he has himself admitted carrying out bloody murders, is the AG Dappula going to order to arrest Karuna? might take a while, isn't it?
Reply : 0 0
ranjith Sunday, 21 June 2020 05:53 AM
rata wihiluwak karala mewage miniwaruwo ekka karana desapalanaya mokakda
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
