කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 20) දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
මෙම නාවික පුද්ගලයින් සියලු දෙනාම කොවිඩ් - 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර, ඔවුන් දෙදෙනා හෝමාගම රෝහලින් ප්‍රතිකාර ලබා ගත් අය වන අතර, එම රෝහල තුල ප්‍රතිකාර ලබමින් සිටියදී වරින් වර සිදු කල පීසීආර් පරීක්ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුල නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස ඊයේ දින එම රෝහල වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
තවද නාවික හමුදා පුද්ගලයින් දෙදෙනා ඇතුළුව මේ වන විට වෛරසය ආසාදනය වී රෝහල් ගත කල සමස්ත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 773 ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර, රෝහල් වෙතින් පිටත්ව ගිය සියලුම නාවික පුද්ගලයින් හට සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.
