රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 58 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු යාපනය කරච්චි දූපතේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ සෝදිසි වැටලීමකදී ඩිංගි යාත්‍රාවක් මාර්ගයෙන් කරච්චි මුහුදු සීමාවේදී රැගෙන එමින් සිටි කේරල ගංජා තොගය අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්විය.
කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් උතුරු ගොඩබිමට රැගෙන ඒමට උත්සහ දරා ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටියි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 ත් 40 ත් වයස්හි පසුවන්නන් වෙයි.
වැඩිදුර පරික්ෂණ යාපනය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිදුකරයි.
