ක්‍රිකට් තරඟ පාවාදීමේ චෝදනාව නිසි පරිදි ඔප්පු කරන්න ඕන - ලාල්කාන්ත
2011 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය පාවා දීමක් සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය ඉතා බරපතල බවත් එම චෝදනාව නිසි පරිදි ඔප්පු කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි. ලාල්කාන්ත මහතා කීය.
ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කාර්යාලය අද (20) වනදා විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා එසේ කීය.
තවදුරටත් අදහස් දැක්වු කේ.ඩි. ලාල්කාන්ත මහතා ,
මේ වන විට ජාතික මට්ටමේ බරපතල මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ මහින්දාන්නද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරල තියෙන ප්‍රකාශයක්. අපටත් ඒ සම්බන්ධයෙන් විවිධ මත තියෙනවා. එතුමා මේ ක්‍රිකට් පාවාදීම එළියට දැම්මනම් පළමුවන දේ තමයි එතුමට වගකීමක් තියෙනවා නිසි පරිදි එය සහතිකව ඔප්පු කරන්න. එහෙම නැත්නම් ක්‍රීඩකයින් අපහසුතාවයට පත් වෙනවා.
එවකට හිටපු ක්‍රිකට් නායකයින් අපහසුතාවයට පත් වෙනවා. ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ජනතාව තුල විශාල අප්‍රසාදයක් ඇති වෙනවා. ක්‍රීඩකයින්ට තියෙන ගෞරවය නැති වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ අපේ රටේ ජනප්‍රියම ක්‍රීඩාව. ඒ නිසා ක්‍රීඩකයින්ට ගෞරවයක් තියෙනවා. ඒ ක්‍රීඩාව ඉලක්ක කර ගෙන මෙවැනි ප්‍රකාශයක් කරන කොට ඒ ප්‍රකාශය කළේ වගකීමෙන් නම් එතුමට වගකීමක් තියෙනවා ඒක ජනතාවට ඒත්තු ගැන්වෙන විදිහට නිසි පරිදි හෙළිදරව් කරන්න. ඒ සඳහා අවශ්‍ය කරන සියලු මැදිහත්වීම් කරන්න එතුමට වගකීමක් තියෙනවා එහෙම වගකීම අර ගන්නේ නැත්නම් මෙහෙම ප්‍රකාශ නොකර ඉන්න ඕන. වගකීම් අරගෙන ඉවරයි දැන්. ප්‍රකාශය කරල ඉවරයි. දැන් වගකීමක් තියෙනවා මේක ඔප්පු කරන්න ඕන .
(මහනුවර මොහොමඩ් ආසික්)

popular news
-
Don Saturday, 20 June 2020 06:57 PM
What we heard during that time while I was in England in 2011 was, the President who was a spectator of the final, ordered to give the Victory to India, and next day itself, Aravinda gave up Cricket, then Sangakkara and Mahela also subsequently gave up playing cricket for the nation. That must be the truth, nothing but the truth. Ask him he would say yes.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
