කිලිනොච්චියේදී වැලි ජාවාරම්කරුවන් හා යුදහමුදාව ගැටෙයි - යුදහමුදා වෙඩි ප්රහාරයකින් එක් අයෙකු මරුට
කිලිනොච්චිය මුහමාලෙයි ප්රදේශයේදී වැලි ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඊයේ (20) දින ඇති වූ ගැටුමකිදී යුද හමුදාවේ වෙඩි තැබීමකිදී එක් අයෙකු මිය ගොස් ඇති බව පලෙයි පොලීසිය පවසයි.
මුහමාලෙයි වැලි ජාවාරම්කරුවන් පිරිසක් පිළිබඳව තොරතුරක් ලැබී අදාළ ප්රදේශයේ යුද හමුදා සාමාජිකයින් පිරිසක් විසින් වැටලීම සිදු කොට ඇති අතර එහිදී වැලි ජාවාරම්කරුවන් හා යුද හමුදා සාමාජිකයින් අතර උණුසුම් තත්වයක් හටගෙන ඇත.
පළමුව වැලි ජවාරම්කරුවන් පිරිසක් විසින් යුදහමුදා සාමාජිකයින් යටකර වාහන වලින් පළා යාමට උත්සහ දරා ඇති අතර තවත් ජාවාරම්කරුවන් පිරිසක් විසින් පැමිණි යුදහමුදා සාමාජිකයින්ට පහර දී ගිනි අවි පැහැරගැනීමට උත්සහ දරා ඇති අතර එම අවස්ථාවේදී ආරක්ෂාව වෙනුවෙන් යුදහමුදා සෙබගෙකුගේ ගිනිඅවිය පත්තුවීමෙන් එක් අයෙකුට බරපතල තුවාල වී ඇත.
බරපතල තත්වයේ සිටි තුවාලකරු පලෙයි රෝහලට රැගෙන ගොස් ඇති අතර රොහලේදී තුවාල ලැබූ පුද්ගලයා මිය ගොස් ඇති බවට පලෙයි පොලීසිය පැවසීය.
වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ පලෙයි ප්රදේශයේ පදිංචි 24 හැවිරිදි ටී.රාමලිංගම් නැමති තරුණයෙක් වන අතර ඔහුගේ මහෙස්ත්රාත් මරණ පරික්ෂණ කටයුතු අද (21) දින සිදු කිරීමට නියමිත බවද පලෙයි පොලීසිය පැවසීය.
තරුණයාගේ මිය යාමත් සමග ප්රදේශවාසීණ් විසින් වෙඩිතැබීමට එරෙහිව ඊයේ (20) සවස පලෙයි රෝහලට පැමිණ උණුසුම් අයුරින් විරෝධය පෑමට ගත් උත්සහයේදී පලෙයි පොලීසිය විසින් තත්වය පාලනය කිරීමටද පියවර ගනු ලැබූ අතර අදාල වෙඩි තැබීමේ සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරන බවට පලෙයි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

popular news
-
Dayan Sunday, 21 June 2020 09:52 AM
Gun hs become the solution for all. Chears.
Reply : 0 0
Demuni Uduwara Sunday, 21 June 2020 06:05 PM
Symptoms of the militarism.
Reply : 0 0
Kumar Sunday, 21 June 2020 07:18 PM
If it is illegal to mine sand, then it is illegal. It is most unfortunate that a person has to lose his life. Sri Lanka can't afford to provide body cameras to every soldier, but at least get a few to use in such raids. I know, there are many politicians who will make this is a big issue not for the deceased, but for their own befit. Law and order has to prevail if we are to live a civilized society.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

