saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 8600 hours ago

LATEST

චෙන්නායි නුවර ලාංකිකයන් ගෙන්වා ගැනීමට ගුවන් යානයක් යයි

calendar_today 2020 මැයි 12 - 07:46 remove_red_eye - 198  

කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ චෙන්නායි නුවර රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 305 දෙනෙකු , යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (12දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් චෙන්නායි බලා පිටත්ව ගියේය.

නිව්යෝක් හි ගණනය නොවූ මරණ 19,000 එකතු වුවහොත් ඇමෙරිකාවේ කොවිඩ් මරණ 100,000 සීමාවේ.

Read More

දුම්බොන අයගේ පෙනහළුවලට කොරෝනා වෛරසය සමග සටන් කිරීමට අපහසු බව අධ්‍යයනවලින් හෙළි වී තිබේ.

Read More

ඇමෙරිකාවේ සමස්ත ආසාදිතයන් ලක්ෂ 13.5යි. සඳුදා ආසාදිතයන් 17,360ක් සහ මරණ 850ක් වාර්තා වෙලා.

Read More

ඔවුන්ගෙන් වැඩිදෙනෙකු තමා සේවය කරන සෞඛ්‍ය සේවා ස්ථානයෙන් පිටතදී ආසාදනයට ලක්ව ඇති බව කියයි.

Read More

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගෙන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි

Read More

කොරෝනා ආසාදනය වීමෙන් ලොව පුරා සුවය ලබා ඇති පිරිස ලක්ෂ 14.5කට වැඩි බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

චීනය තුළ ඉරිදා දිනයේදී කොවිඩ් 19 අලුතින් තහවුරු කරන ලද රෝගීන් 19ක් වාර්තා වී තිබේ

Read More

පවතින දුෂ්කර වාතාවරණය හමුවේ සිය වගකීම ඉටු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ඉටුකරන කාර්යභාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්ගේ ප්‍රසාදයට ලක්වූ අතර මැතිවරණ කොමිෂන් සභාව පිළිබඳ පූර්ණ විශ්වාසය ද පළ විය.

Read More

කොළඹ නගරය ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර රැසක් කේන්ද්‍ර කර ගනිමින් වේගවත් සංවර්ධන වැඩපිළිවෙළකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි.

Read More

කෝවිඩ් - 19 වසංගතය පාලනය සහ තුරන් කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව නිවැරදි මාවතට පිවිස ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.

Read More

ජංගම දුරකථන පදනම් කර ගනිමින් මුදල් හුවමාරු කරගත් ක්‍රමයක් භාවිතා කරමින් සිදුවන වංචා සහ පුද්ගලයින්ට තර්ජනය කර කප්පම් ගැනිම් සිදු කිරිමක් සිදු වන බවත් ඉන් ජනතාව ආරක්ෂාවන වන ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කොරෝනා’වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන යටතේ අද (11) ගාල්ල සිට බෙලිඅත්ත දක්වා ඇති සියලුම දුම්රිය ස්ථාන පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමට කටයුතු කරන ලදි.

Read More

2020 වර්ෂයේ නිරිත දිග මෝසම් වර්ෂාව මැයි මස තෙවැනි සතියේ ආරම්භ විමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර ඇති අතර පසුගිය වසර මෙන් මෙවරද නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රිය වුවහොත් ගංවතුර , නායයාම් සහ දැඩි සුළං ආදි ආපදා තත්ත්වයන් ඇති විය හැකි බවට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය අනතුරු අඟවයි.

Read More

කැබිනට් අමාත්‍යාංශ 07කට නව ලේකම්වරු අලුතින් පත් කිරිම අද දිනයේ සිදු විය.

Read More

අද (11) දිනයේ සවස 6.10 පමණ විට මෙරටින් කිසිදු නව කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ඉන්දියානු නාවික හමුදාව මගින් පවත්වනු ලබන පුහුණු පාඨමාලාවන් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් සිටි ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් 10 දෙනෙකු එම පුහුණු පාඨමාළාවන් අවසානයේ ඉන්දියානු නාවික හමුදාවට අයත් යුධ නෞකාවක් මගින් දකුණු මුහුදු තීරය වෙත ගෙන්වා ගැනීමෙන් පසු වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් ගාල්ල වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (2020 මැයි 11) කටයුතු කරන ලදි.

Read More

දකුණු පළාතේ ඇතැම් පුද්ගලික බස්රථවල කොන්දොස්තරවරුන් විසින් මගින්ගෙන් නියමිත ගමන්ගාස්තුවට වඩා වැඩිපුර මුදලක් අයකළ බවට තමන්ට මගි ජනතාවගෙන් අද (11) දින පැමිණිලි කිහිපයක් ලැබුණු බව දකුණු පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් බි.එම්.ඒ රාජාකුමාර මහතා පවසයි.

Read More

2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට නියමිත සිසුන්ට ඒ සඳහා මාර්ගගත (online) ක්‍රමයට අයදුම් කිරීමට හෙට(12) දින සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවස්ථාව සලසා දී ඇත.

Read More

දිවයින ආශ්‍රිත පහල වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් ඉදිරි පැය 36 තුළ පවතින වැසි තත්ත්වයේ වැඩීවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

ප්‍රවීණ රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබේ .

Read More

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලාංකිකයන් 479ක් හෙට දිනයේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයින් සදහා වූ සංවිධානය විසින් COVID - 19 වෛරසය පිළිබද සහ හදිසි ආපදාවන්ට අදාලව මහජනතාව දැනුවත් කිරිමට රු.මිලියන 06ක වටිනාකමකින් යුත් නවීන ශබ්ද විකාශණ යන්ත්‍ර කට්ටල 100ක් පරිත්‍යාග කිරිම සහ කොරියාවේ ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතනය රු. ලක්ෂ 13කට අධික වටිනාකමකින් යුත් ශල්‍යාගාර ඇදන් ඇතුලු උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රදානය කිරීම අද (11) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

Read More

ඉල්ලුම් කළ සියලු පුද්ගලයින්ට ප්‍රවාහණ පහසුකම් සැලසීමට දුම්රිය 47ක් යොදවා තිබුණත් ඉල්ලුම් කළ පුද්ගලයින් නොපැමිණිම හේතුවෙන් දුම්රිය 10 ක් පමණක් ධාවනය කිරීමට සළස්වනු ලැබීය.

Read More

ජන ජීවිතය සහ ආර්ථිකය සක්‍රීයව තබා ගනිමින් COVID-19 මර්දනය සඳහා නොපසු බස්නා ධෛර්යයෙන් වැඩ කළ යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයේ අද (11) පස්වරුවේ වැඩ බාර ගන්නා ලදි.

Read More

කොළඹ බණ්ඩාරනායක මාවත , කෙසෙල්වත්ත ,කොටහේන සහ දෙමටගොඩ යන ප්‍රදේශයන්හි පුද්ගලයින් 175 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා අප්‍රේල් 22 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදි.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12 දෙනෙකු සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් වෛරසය ශරීර තුල නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසු 2020 මැයි මස 09 වන දින සවස් භාගයේදී සහ 2020 මැයි මස 10 සහ වන දිනයේදී රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

පුත්තලම මධ්‍යම පොදු වෙළදසැළ, මත්ස්‍ය අලෙවි සැල් සේම, මාර්ගය ආසන්නයේ දිනපතා පොළද වහාම නවතා දැමීමට පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි චන්රු ප්‍රනාන්දු මහතා අද ( 11දා) කටයුතු කෙරුණි.

Read More

වීරකැටියේ ඇඟලුම්හලක සේවක සේවිකාවන්ට මෙම මාසයේ වැටුපෙන් අඩක් පමණක් ගෙවීමට පාලන අධිකාරිය තීරණය කිරීමට විරෝධය දක්වමින් අද (11දා) ඔවුහු සේවයෙන් ඉවත් වී වර්ජනයක නිරත වූහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.