කටුනායකට පී.සී.ආර්. පරීක්ෂණාගාරයක්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට නොමිලේ පී.සී.ආර්.පරීක්ෂණ සිදු කර ගැනීමට සහ ඒවායේ ප්‍රතිඵල නිකුත් කිරීමට නවතම වෛද්‍ය රසායනාගාරයක් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ විවෘත කර තිබේ.
මෙය අනුක ජීවී වෛද්‍ය රසායනාගාරය ලෙස නම් කර ඇති අතර එහි පී.සී.ආර්.පරීක්ෂණ යන්ත්‍ර 02 ක්, න්‍යෂ්ටික අම්ල වෙන් කර ගැනීමේ ස්වයංක්‍රීය යන්ත්‍ර 02 ක් ද , ආරක්ෂිත කැබිනෙට්ටු 03 ක් ද ස්ථාපිත කර තිබේ.
මෙහි දිනකට ගුවන් මගින් පැමිණෙන 500 දෙනෙකුගේ පී.සී.ආර්.පරීක්ෂණ පැවැත්වීමේ ධාරිතාවයක් පවතී.
මෙම වෛද්‍ය රසායනාගාරය රුපියල් මිලියන 70 ක් පමණ වටිනාකමක් ඇති අතර , ශ්‍රී ලංකාවේ විවිධ රෝහල් සදහා පරිත්‍යාග ලෙස ලැබී තිබූ වෛද්‍ය රසායනාගාර උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙහි ස්ථාපිත කර තිබේ.
එනිසා මෙම වෛද්‍ය රසායනාගාරය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කිසිදු මුදලක් වැය නොකර ඇති අතර , සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම රුපියල් මිලියන 16.5 ක් වැය කර මෙම ගොඩනැගිලි සංකීර්ණය සති දෙකහමාරක් වැනි කෙටි කාළයක් තුළ සාදා නිම කර දී තිබේ.
මෙම පී.සී.ආර්.පරීක්ෂණ බාහිර පෞද්ගලික රෝහල් වල රුපියල් 6000 ත් 8000 ත් අතර මිලකට සිදු කෙරෙන අතර , ඒ සදහා ඔවුන්ට පැය 06 ක පමණ කාළයක් ද ගත වේ.
එහෙත් කටුනායක ගුවන් තොටුපළ තුළ ස්ථාපිත මෙම නව වෛද්‍ය රසායනාගාරය මගින් පැය දෙකහමාරක් වැනි කාළයක් තුළ , මෙම පරීක්ෂණ නොමිලේ ම සිදු කර ගත හැකිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

