කොවිඩ් ප්රභවය සෙවීමට WHO කණ්ඩායමක් චීනයට
දෙපාර්ශ්වය අතර සාකච්ඡා කිරීමෙන් අනතුරුව, COVID-19 වෛරසයේ මූලාරම්භය සොයා ගැනීම සඳහා විද්‍යා පාදක සහයෝගීතාව පිළිබඳ චීන විද්‍යාඥයින් සහ වෛද්‍ය විශේෂඥ සමඟ අදහස් හුවමාරු කර ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විශේෂඥ කණ්ඩායමක් බීජිං වෙත යොමුකරන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් බදාදා පැවසීය.
රෝගයේ සත්ව විද්‍යාත්මක ප්රභවය හඳුනා ගැනීම සඳහා විද්‍යාත්මක සැලසුම් සකස් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් චීනයට යන බව සඳහන් කළ ෂාඕ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මෙහෙයුමක් සඳහා දෙපාර්ශවයේම විශේෂඥයින් එක්වන බව ප්‍රකාශ කළේය.
"වෛරස් ප්‍රභව සොයා ගැනීම විද්‍යාත්මක ප්‍රශ්නයක් වන අතර එය ලොව පුරා ජාත්‍යන්තර පර්යේෂණ හා සහයෝගීතාවයෙන් විද්‍යාඥයින් අධ්‍යයනය කළ යුතුිය" යනුවෙන් ෂාඕ මහතා පැවසීය.
එය බොහෝ රටවල් හා ප්‍රදේශ සම්බන්ධයෙන් අඛණ්ඩව සිදුවන ක්‍රියාවලියක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය බවත්, සැබෑ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනත් රටවල් හා ප්‍රදේශවලට ගමන් කිරීමට නියමිතය.
වසංගතය ආරම්භයේ සිටම ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීනය සන්නිවේදනය සහ සහයෝගීතාව ධනාත්මක පවත්වා ගෙන යන බව ෂාවෝ පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
