තෙල් ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවකදී හදිසියේ රෝගිවූ පිලිපීන ජාතිකයකු ට්‍රග් යාත්‍රාවක් මගින් ගාල්ල වරායාට රැගෙන එමින් සිටියදි අද (08දා) පස්වරුවේ මියගොස් ඇති බව ගාල්ල වරාය පොලිසිය පවසයි.
නෞකාව ඩුබායි වරායේ සිට තායිවානය බලා යාත්ර කරමින් සිටියදී නෞකාවේ තුන්වැනි නිලධාරියා පිලිපීන ජාතිකයා හදිසියේ රෝගිවී තිබේ.
ඉකුත් 01 දා මේ බව නැව් නියෝජිත ආයතනයට දැනුම් දි ඇත. එම පිලිපීන ජාතිකයා රැගෙන එම සඳහා නැව් නියෝජිත ආයතනයක ට්‍රග් යාත්‍රාවක් එහි කාර්ය මණ්ඩලය හා වරාය අධිකාරියේ වෛද්‍යවරයකු සමග ගොස් ඇත. පිලිපීන ජාතිකයා නෞකාවෙන් ට්‍රග් යාත්‍රාවට රැගෙන රෝහල්ගත කිරීම සඳහා ගාල්ල වරායට රැගෙන එමින් සිටියදි මොහු මියගොස් තිබේ.
මියගිය පිලිපින ජාතිකයා 52 හැවිරිදි වියේ පසුවන අයෙකු වන අතර ඔහු දැඩිලෙස දියවැඩියා රෝගියෙන් පෙලී ඇති බව පරික්ෂණවලදි අනාවරණය වී ඇත.
මියගිය පිලිපින ජාතිකයාගේ මෘත දේහය කොරෝනා නිරෝධායන නිතිරිතිවලට අනුව කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතව තිබේ.
ඔහුගේ සෙම් පටල පී.සී.ආර් පරික්ෂණ කටයුතු සඳහා ලබා ගැනිමට නියමිතය. ඔහු රැගෙන එමට ගිය ට්‍රග් යාත්‍රාවේ කාර්ය මණ්ඩලය හා වෛද්‍යවරයා නිරෝධායනය කර ඉදිරියේ දී පි. සි ආර්. පරික්ෂණවලට යොමුකිරිමට නියමිතව ඇති බවද පොලිසිය පවසයි.