saravita-anim2

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා

Latest News - timelapse 8606 hours ago

LATEST

මුහුදු ගිය බහුදින යාත්‍රා 100 ධීවරයන් 700ක් සමඟ ගොඩබිමට ගෙන්වා ගනියි

calendar_today 2020 මැයි 18 - 16:47 remove_red_eye - 334  

මහ සයුරේ පවතින දැඩි කුණාටු තත්ත්වයක් හා අයහපත් කාලගුණික ස්වභාවය හේතුවෙන් බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගියේ බහුදින යාත්‍රා 100ක් අද (18) වන විට ආපසු හරවා බේරුවල ධීවර වරායට පැමිණි බව බේරුවල ධීවර වරාය කළමනාකාර එඩ්වඩ් දයාමාල් මහතා පැවසීය.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 167.81 කින් ඉහළ ගිය අතර එය පෙර දිනයට සාපේක්ෂව 3.78% ක වර්ධනයක් පෙන්නුම් කරයි.

Read More

අවසන් යුද සමයේදී මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී මියගිය වැසියන්ගේ 11 වැනි ගුණ සැමරුම අද (18) ඉතා චාම්ව මුල්ලිවයික්කාල් සැමරුම් භූමියේදී සංවිධානය කොට තිබුණි.

Read More

කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි රජයේ රෝහලක සේවයේ නියුතු වෛද්‍යවරයෙකු කේරළ ගංජා පැකට් එකක් හා කසිප්පු බෝතලයක් සමග තිරප්පනය පොලීසිය හා කැකිරාව පොලීසිය එක්ව සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදි ඊයේ (17දා) අත්අඩංගුවට පත්වි තිබේ.

Read More

දැඩි කැපවීමකින් දිනාගත් සාමය අස්ථාවර කිරීමට කිසිඳු බලවේගයකට රජය ඉඩ නොදෙන බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.

Read More

මධ්‍යම පළාත තුල පවතින අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පළාතේ දිස්ත්‍රික්ක තුනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතකට නායයෑමේ අවදානම් නිවේදනය අද (18) වනදා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

Read More

පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල්කරුවන් වී තොග සගවා තබා ගැනිමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක කරන බවත් ඔවුන් රජයේ පාලන මිලට සහල් වෙළඳ පොළට නිකුත් නොකරන්නේ නම් ඔවුන් සතුව පවතින සියලූ වී තොග රජයට පවරාගෙන කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හරහා සහල් බවට පත්කර ලබා දිමේ වැඩපිලිවෙල ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ළඟදිම ක‍්‍රියාවට නංවනු ඇතැයි හිටපු මහවැලි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

Read More

පසුගිය මැයි (4) දා සිට ලොක්ඩවුන් තත්ත්වය ලිහිල් කල ඉතාලිය තවත් පියවරක් ඉදිරියට යමින් අද (18) සිට බීමහල් ආපනශාලා රූපලාවන්‍යාගාර හා බාබර් සාප්පු කුඩා වෙළඳ සැල් ආරක්ෂිත පියවර හා ක්‍රමවේදයන් සමග විවෘත කිරිමට අවසර ලබාදෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

Read More

තද වැසි, තද සුළං හා රළු මුහුදු ප්‍ර දේශ පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා පුරා විසිරි සිටින විවාහ මංගල්‍ය සැපයුම්කරුවන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA ) යටතේ ලියාපදිංචි කර ඔවුන්ට ව්‍යවසායකයන් ලෙස නිසි පිළිගැනීමක් ලබා දෙමින් එම වෘත්තීමය ක්ෂේත්‍රයේ ගැටලු රැසකට විසඳුම් ලබා දීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පියවර ගෙන තිබේ.

Read More

ලංකා ඉන්දියානු ඔයිල් සමාගම 2020/05/17 දින සිට පෙට්රල් ලීටරයක මිල රුපියල් 5.00 කින් ඉහළ දමීම අසාධාරණ බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි

Read More

අන්තර් පළාත් ප්‍රවාහන සේවා යළි ආරම්භ කිරිමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 15දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 17 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 21 දෙනෙකු සුවය ලබා ඇත.

Read More

ඉන්දියාවේ මේ වනවිට තහවුරු වූ ආසාසදිතයන් සංඛ්‍යාව 96,169ක් වන අතර, මරණ සංඛ්‍යාව 3,029කි.

Read More

මෙරට වෙබ් අඩවි 05 කට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කරයි.

Read More

ඩයස් පෝරාවේ අවශ්‍යතාවයට සුහම්දිරම්ලා, ජයම්පතිලා එදා පාර්ලිමේන්තුව විකෘති කර ගන්න හදපු ව්‍යවස්ථා සංශෝධනය වැනි කිසිදු වැඩපිළි‍වෙළකට මියගිය රණවරුවන්ගේ නාමයෙන් යළි කිසිදා ඉඩක් නොතබන බව හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

පසුගිය ආණ්ඩුව සමයේදී අගතියට ලක්කළ විශ්‍රාම ගිය මෙන්ම මෙන්ම සේවයේ නියුක්තව සිටි සියලුම රණවිරුවන්ට යුක්තිය ඉටුකරන බවට ප්‍රතිඥා දෙන බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

යුද්දෙන් මිය ගිය වැසියන් සැමරීම සඳහා උතුරු පලාත් හිටපු මහඇමති සී.වී. විග්නේශ්වරන් මහතා ඇතුලු පිරිසක් යාපනයේ සිට මුලතිව් දක්වා ඒ-32 මාර්ගයෙන් යාමට ගොස් පොලීසියේ හා යුදහමුදාවෙන් අවසර නොලැබීමෙන් අද (18) දින එම පිරිස යාපනය චෙම්මිණි ප්‍රදේශයේදී යුද්දෙන් මිය ගිය වැසියන් සිහිකිරීමට පියවර ගෙන තිබුණි.

Read More

ස්පර්ශ කිරීමකින් තොරව ක්‍රියාත්මක කළ හැකි ස්විච්ඡයක ක්‍රියාකාරී ආකෘතියක් නිර්මාණය කිරීමට මාතර අකුරැස්ස ප්‍රදේශයේ තරුණයකු සමත්වී තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා පාසල් අපේක්ෂකයින් ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිට, විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා දීම සඳහා එළඹෙන මැයි 20, 21, 22 යන තෙදින ඇතුළත අවස්ථාව සලසා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන් වෙත දන්වා සිටී.

Read More

අඟුණකොළපෑළැස්ස තෙළඹුයාය ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිට පලා යමින් සිටි බව කියන අයකු අද (18) වීරකැටිය කොටවාය ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමෙන් පොලිස් බාරයට ගෙන යළිත් එම මධ්‍යස්ථානයට බාර දීමට වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරිහු ක්‍රියා කළහ.

Read More

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් ගුවන්තොටුපළ වසා දැමීම නිසා තීරු බදු සාප්පු ඇතුළු ගුවන් තොටුපළ සේවා සපයන ආයතනවලින් මාස 03 ක මාසික කුලිය අය නොකිරීමට තීරණය කෙරේ.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිට ජල පෝෂක ප්‍රදේශවලට අද (18) දින අලුයම සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ , කාසල්රි , මවුස්සාකැලේ යන ජලාශ වල ජල මට්ටම ඉහළ යමින් පවතින බව එම ජලාශභාර ඉංජිනේරුවන් පැවසිය.

Read More

ඉතාලියේ කොවිඩ් 19 වසංගතය පැතිරිම ආරම්භ වු පෙබරවාරි මස (21) දා සිට ඊයේ (17) දිනය දක්වා දින 86 ක කාලයක් තුල කොවිඩ් 19 පරික්ෂණ 3,004,960 ක් සිදුකර සමස්ත ආසාදිතයන් 225,435 ක් තහවුරු වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කොරෝනා වසංගත තත්ත්වය මර්දනය කිරීම සදහා ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් ස්වයං නිරෝධායනයට යොමුකරන ලද සංචාරක මගපෙන්වන්නෙකු නිරෝධායන කොන්දේසි උල්ලංඝනය කළේ යැයි ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් දස දහසක දඩයක් නියම කළාය.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ බවට ඊයේ දිනයේදී අවසන් වරට වාර්තා වූ රෝගීන් 11 දෙනා නාවික හමුදා රණවිරුවන් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

ඉන්දියාවේ කොවිඩ්-19 මරණ 3,000 ඉක්මවා ගිය අතර, සමස්ත ආසාදිතයන් 95,698ක් ලෙස දත්ත වාර්තා පෙන්වයි.

Read More

ඊයේ (17) පස්වරුව වනවිට විදුලිබල බිඳ වැටීම් 50,000ක් යථා තත්ත්වයට පත් කළ බව විදුලි බල මණ්ඩලය අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.

Read More

කොරෝනා වෛරසය සංවෘත අවකාශයන්හි කොතරම් වේගයෙන් ව්‍යාප්ත විය හැකිද යන්න පිළිබඳ අවබෝධයක් මින් ලැබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.