අගුලාන පොලීසියට ගල් මුල් ප්‍රහාර එල්ල කර දේපළ අලාභ කල බව කියන පුද්ගලයන් දස දෙනෙක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතා පැවසීය .
ඒ අතර කාන්තාවන් හත් දෙනෙකු වේ.
අගුලාන පොලීසියේ ජනේල් වීදුරු වලට ,නාම පුවරුවට සහ වාහන කිහිපයකට අලාභ හානි වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය .
