ජා-ඇල නගරයේ උස් ගොඩනැඟිලිවල ඩෙංගු මදුරු කීටයන් සෙවීම සදහා ජා-ඇල නගර සභාව විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ඇතිව ඩ්‍රොන කැමරා යොදවා එම ගොඩනැගිලි වල ජලය රැදි ස්ථාන නිරීක්ෂණ කරණු ලැබීය.
ජා-ඇල නගරාධිපති ශම්මික ඩයස් මහතාගේ අදහසකට අනුව ජා-ඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ධනංජය හේරත් මහතා ඇතුළු සෞඛ්‍ය අංශයේ නිලධාරීන් විසින් 16 දා පා ගමනින් ළගා විය නොහැකි ස්ථාන වල මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය. එහිදී ජා-ඇල නගරයේ ප්‍රධාන උස් ගොඩනැඟිලි පරීක්ෂාවට ලක් කැරිණි.
මෙහිදී උස් ගොඩනැඟිලි වල ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ජලය රැදි ස්ථාන 12 ක් හදුනා ගැනීමට හැකි වු බවත් ඉදිරි දිනයේදී එම ගොඩනැගිලි හිමිකරුවන්ට අවවාද කරන බවත්, එම ස්ථාන වල මදුරු කීටයන් සිටියහොත් ගොඩනැගිලි හිමිකරුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක ධනංජය හේරත මහතා පවසා සිටියේය.
ජා-ඇල ප්‍රසංග පෙරේරා
