කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනුරුත්ථාපනය වන පිරිස් බැලීමට ගිය අම්බලන්තොට කිවුල ප්‍රදේශයේ පදිංචි පවුලක සාමාජිකයන්ගේ හා නිරෝධායනයට ලක්කර සිටි අගුණුකොළපලැස්ස බන්ධනාගාරයේ නිලධාරීන් හා රැදවියන් 22කගේ PCR පරීක්ෂණ සිදුකිරීමෙන් පසු ඔවුන් හට කොරෝනා වෛරසය වැලදී නොමැති බවට තහවුරු වී ඇති බව අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී යුපි .මාලක මහතා කියා සිටි.
කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනුරුත්ථාපනය වන පිරිස් හා වැලිකඩ බන්ධනාගාරයේ රැදවියෙකුට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වීමත් සමග ඔවුන් සමග සබදතා පැවැත්වූ අම්බලන්තොට ප්‍රදේශයේ පවුල් 03ක සාමාජිකයන් 15 ක් හා අගුනුකොලපලැස්ස බන්ධනාගාරයේ නිලධාරීන් හා රැදවියන් 22 ක් පසුගිය 10 වනදා නිරෝධායනයට ලක් කරන ලදී.
එමෙන්ම අම්බලන්තොට රිදියගම .මල්පෙත්තාව ප්‍රදේශයන්හි පදිංචි පවුල් දෙකකට අයත් සාමාජිකයින් 12 දෙනෙකුද PCR පරීක්ෂණ සදහා යොමුකර ඇති බවත් ඔවුන්ගේ පරීක්ෂණ වාර්තා ඉක්මනින්ම ලැබීමට නියමිත බවත් අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී යුපි .මාලක මහතා කියා සිටියේය.
