saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 8047 hours ago

LATEST

ඉංග්‍රීසි පුවත්පත් මාධ්‍යවේදියෙකුගේ මළ සිරුරක් හමුවෙයි

calendar_today 2020 සැප් 10 - 13:15 remove_red_eye - 438  

තලංගම පොලිස් වසමේ පිරිස් මාවතේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු එම නිවසේ මියගොස් සිටියදි මෘත ශරිරය අද දින සොයා ගෙන තිබේ.

අග්‍රාමාත්‍යධුරයට පත්වී වසර දෙකක් ගතවූ විට එයින් විශ්‍රාම යෑමට සැලසුමක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

ග්‍රාමීය මට්ටමින් බතික් නිෂ්පාදනයත්,දේශීය ඇඟලුම් නිෂ්පාදනයත්,දේශීය අත් යන්ත්‍ර රෙදි නිෂ්පාදනයත් යන අංශ තුනම ඉදිරි වසර 05 තුළ දි වර්ධනය කිරිම සදහාත් දේශීය වශයෙන් ඉල්ලුමට අනුව සැපයුම වැඩි කිරීම සම්බන්ධයෙන් රෙදි ආනයනකරුවන්,නුල් ආනයනයකරුවන් හා ලංකාව තුළ දේශීය සන්නායමය යටතේ නිෂ්පාදනයන් සිදු කරන ව්‍යාවසායකයින් සමඟ සාකච්ඡාවක් පේෂ කර්මාන්ත රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read More

ශ්‍රි ලංකා විදුහල්පති සේවා III වන ශ්‍රේණියට සුදුසුකම් ලැබු ගුරුවරුන් රැසකට යහපාලන රජය සමයේ එම පත්විම් ලබා නොදීම නිසා තමන්ට විශාල අසාධාරණයක් සිදු වු බව ඊයේ (9) දින එසේ අසාධාරණයට ලක් වු ශ්‍රි ලංකාව පුරා දමිළ හා මුස්ලිම් ගුරුවරු රැසක් ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හට සිය අමාත්‍යංශයේ හමුවි සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කළහ.

Read More

එසේම නෞකාව ආශ්‍රිත මුහුදේ පවතින තෙල් පැල්ලම පිළිබඳව මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එවා ඩීසල්ද, ලිහිසි තෙල්ද එසේත් නොමැතිනම් බොරතෙල්ද යන්න පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා එම සාම්පල රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමුකර තිබේ.

Read More

ශ්‍රී ලංකාවට ආවේණික අධිසංරක්ෂිත සතුන් ,හා විදේශ පක්ෂීන් රැසක් මඩපාත නිවසක කූඩු වල රඳවා සිටියදී නිවෙස් හිමිකරු වන ව්‍යාපාරිකයා අද 10 අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි .

Read More

හිටපු කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරෙකු වන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් ඇතුළු දෙදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවක් ඔක්තෝබර් මස 22දා යළි කැදවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (10) නියෝග කළා.

Read More

2021 වසර සඳහා වර්ග 400කට අයත් පෙළපොත් 39 431 500ක් මුද්‍රණය කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

Pay pal පහසුකම ශ්‍රී ලංකාවට ලබාගත හැකි කාලය සම්බන්ධයෙන් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගමන්පිල මහතා අද පැවැති කැබිනට් තීරණය දැනුම් දීමේ සාකච්ඡාවේදී ඉඟි පළ කළේය

Read More

අම්බලන්ගොඩ නගරය සමීපයේ ඇති ප්‍රධාන මාර්ගයක් වන පීරිස් වෙද මාවතේ ජල නලයක් අද (10 ) අලුයම් කාලයේ පිපිරීයාමෙන් එම මාවත වසා දැමීමට අදාළ බලධාරීහු පියවර ගත්හ.

Read More

රන්න ප්‍රදේශයේදී අද සිදුවූ අනතුරකින් 12 හැවිරිදි පාසල් දරුවකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හුංගම පොලිසිය කියයි.

Read More

අඩු බරින් යුත් පාන් නිපදවන බේකරි සහ අඩු බර පාන් අලෙවි කරනු ලබන වෙළඳුන් නීතියේ රැහැනට හසු කර ගැනීම පිනිස මිනුම් ඒකක , ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව සහ පාරිභෝගික කටයුතු අධිකාරිය ඒකාබද්ධව ගම්පහ දිස්ත්‍රික්කය පුරා වැටලීම් ආරම්භ කොට ඇත.

Read More

ගව ඝාතනය වැළැක්වීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුළ ඇතිවූ එකඟතාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම මසකින් කලා දමා තිබේ.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

දැනට ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය කමිටු අවස්ථාවේදී සංශෝධනය කිරීමට අවස්ථාව ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

පොලීසියට ලද තොරතුරක් මත මැදගම පොලිස් වසමේ කොටබෝව-තැම්පාන අලුත්වෙල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අනවසරයෙන් කපන ලද තේක්ක ගස් 190 මොනරාගල මූලස්ථාන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

අවුරුදු 60ක් තිස්සේ ක්‍රියාත්මක වූ බදාදා මහජන දිනය මින් ඉදිරියට සඳුදා දිනයේදී පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

කටුනායක හා මත්තල ගුවන් තොටුපළ ගුවන් මෙහෙයුම් යළි ආරම්භ කර සංචාරකයන්ට රට විවෘත කිරිමෙන් පසු කණ්ඩායම් වශයෙන් පැමිණෙන සංචාරකයන්ට ප්‍රමුඛතාව ලබාදීමට රජය තීරණය කරයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසන්නේ සංචාරක කණ්ඩායම් දිවයිනට ගෙන්වා ගැනීම සදහා ක්‍රමෝපායන් මේ වන විට සකස් කර ඇති බවයි.

Read More

සෑම සිසුවෙකුටම තනි පුටුවක් හා තනි මේසයක් ලෙස ලබාදි පන්ති කාමරය කොවිඩ් 19 න් ආරක්ෂිත හා දුරස්ථභාවය රැකෙන ආකාරයට ලබන (14) දා ඉතාලියේ නව පාසැල් වර්ෂය ආරම්භ කරන බව ඉතාලි අගමැති ජුසෙප්පේ කොන්තේ මහතා ඊයේ (09) මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය

Read More

සංවිධානාත්මක පාතාල කල්ලිනායකයකු වු වෙලාසුදා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ සැකකරුවකු හා ඔහුගේ නිවසේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (09දා) රාත්‍රි හෙරෙයින් මිලිග්‍රැම් 1300ක් සමග ඉමදූව ඇල්ලලගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බැව් ඉමදුව පොලීසිය පවසයි.

Read More

පන්නල පොලිස් වසමේ බම්මන්න හංදියේදී පොලිස් ස්ථානයේ නිලධාරීන් වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 100ක් හා මෝටර් රථයක් සමග සැකකරුවෙක් අත්ඩංගුවට ගෙන තිබේ.

Read More

මැදපෙරදිග රටවල් 03 සිටි ශ්‍රී ලාංකිකයන් 664 දෙනෙකු එම රටවල සිට පැමිණි ගුවන් යානා 03 කින් කටුනායක සිට මත්තල ගුවන් තොටුපළ වෙත අද (10දා) අලුයම පැමිණ තිබේ.

Read More

ප්‍රාන්ත මහ ඇමති ඩැනියෙල් ඇන්ඩෘස් පවසා ඇත්තේ සැප්තැම්බර් 28 වැනි දින දක්වා බලපැවැත්වෙන අනෙකුත් අගුලු දැමීමේ ක්‍රියාමාර්ග සඳහා පොලීසියට පහසු කිරීම වෙනුවෙන් ඇඳිරි නීතිය තවදුරටත් හඳුන්වා දී ඇති බවය.

Read More

බ්‍රිතාන්‍යයේ සමාජ රැස්වීම් උපරිම 6 දෙනෙකුට සීමා කිරීම ඇතුළු නව සීමාවන් සති දෙක තුනකින් අවසන් වීමට ඉඩක් නොමැති බව එරට ප්‍රධාන වෛද්‍ය නිලධාරි ක්‍රිස් විට්ටි පවසයි.

Read More

ළමයින්ගෙන් තුනෙන් දෙකකට ගුරුවරුන් සමග කිසිදු සම්බන්ධයක් නොතිබූ අතර, දහයෙන් අටක් විශ්වාස කළේ පාසල් වසා දැමූදා සිට ඔවුන් කිසිවක් ඉගෙනගෙන නැති බවය. එම කාලය තුළ ගෘහස්ථ හිංසනය දෙගුණ වී ඇත.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 මරණ 190,000 සීමාව ඉක්මවා යන විට, එලැඹෙන සැප්තැම්බර් 19දා ප්‍රකාශයට පත් කිරීමට නියමිත ’Rage’ නම් කෘතියෙන් කොවිඩ්-19 ගැන ට්‍රම්ප්ගේ අදහස් අනාවරණය වෙයි.

Read More

අග්නිදිග ආසියාවේ වැඩිම නව කොරෝනා වෛරසය ආශ්‍රිතව වැඩිම මරණ සංඛ්‍යාව ඉන්දුනීසියාවෙන් වාර්තා වී ඇති අතර, එම අගය මේ වනවිට 8,336කි. එරට සමස්ත ආසාදිත අගය 203,342කි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතව මේ දක්වා සුවය ලබා ඇති සංඛ්‍යාව සංඛ්‍යාව 18,636,000 ඉක්මවා ඇති අතර, එන්නතක් එනතුරු බලා නොසිට වෛරසය පාලනයට දැනටමත් ගතහැකි පියවර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

Read More

ඒ අනුව නවක මන්ත්‍රීවරුන් මේ පිළිබඳ රජය දැනුවත් කර ඇති අතර එහිදී ඔවුන් පැමිණිලි කර ඇත්තේ දුරබැහැර ප්‍රෙද්ශයන්හි සිට පැමිණෙන මන්ත්‍රීන් කොළඹට පැමිණීමේදී ඥාතීන්ගේ හා හිතවතුන්ගේ නිවෙස්වල නොමැතිනම් මුදල් ගෙවා හෝටල් කාමරවල නවාතැන් ගන්නා බවයි.

Read More

නීතිවිරෝධී ගිනිඅවි පිළිබඳ පොලීසියට සාර්ථක තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට හා ගිනිඅවි අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ටත් මුදල් ත්‍යාග පිරිනැමීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.