saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 8050 hours ago

LATEST

ලක්ෂ පනහකට අධික මත්කුඩු සමග තිදෙනෙක් අත්අඩංගුව​ට

calendar_today 2020 සැප් 09 - 22:09 remove_red_eye - 365  

රුපියල් ලක්ෂ 50 කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමග රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්ත හමුදා භටයින් දෙදෙනෙක් හා කාන්තාවක් පාදුක්ක ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි

තවත් ආසාදිතයින් 5ක් හඳුනා ගැනීමත් සමග සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3147 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

වනාන්තර ගිනි තැබිම් හෝ නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කිරිම් ,දඩයම් කිරිම සහ උගුල් තැබිම සම්බන්ධයෙන් පැමිණිලි කිරිම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක වන 1992 නව දුරකතන අංකයන් වනජිවි අමාත්‍යාංශය විසින් හදුන්වා දි තිබේ.

Read More

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගුලවිට උතුර ග්‍රාම සේවා වසමේ ,පිටොස්කන්ද නම් ප්‍රදේශයේ කැලෑවක් මැද ප්‍රාග්මානව ඓතිහාසික වටිනාකමකින් යුක්ත යැයි අනුමාන කළ හැකි පුරාණ ගල් ලෙනක් හමුව ඇතැයි පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පැවසීය.

Read More

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සැප්තැම්බර් මස 14 වන දින සිට නැවතත් ක්‍රියාත්මක කිරීමට පොලීසිය සැලසුම් කර තිබේ.

Read More

පුරාණ තාක්ෂණය සහ නූතන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව දිවයින පුරා වැව් 5,000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දෙයි.

Read More

මාතර මහාධිකරණයේ නඩුවකට ඉදිරිපත් කිරිම සදහා ඊයේ (8) රැගෙන එනු ලැබු සිරකරුවෙක්ට ලබාදිමට ගෙනආ ලක්ෂ 10 ක් පමණ වටිනා හෙරෝයින් මත්කුඩු තොගයක් සමග තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දුෂණ මර්දන ඒකකය පවසයි .

Read More

විදේශයන්හි සිට මෙරටට පැමිණෙන නියෝජිතයින් සති දෙකක අනිවාර්ය නිරෝධායනයකට ලක් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

මෙරට තුල සිදු කෙරෙන ගව ඝාතනය නතර කළ යුතු බවට මහා සංඝරත්නය ඇතුළු පාර්ශව ගණනාවක් කලක පටන් ඉල්ලීම් කළත් ඒ සම්බන්ධයෙන් කිසිවකුත් ක්‍රියාත්මක නොවූ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධව අවධානය යොමුකර ගව ඝාතනය නතර කිරීමට අවශ්‍ය කටයුතු සලසන බව ප්‍රකාශ කිරීම අගය කරන බව මල්වතු අස්ගිරි අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම පැවසූහ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කරනු ලබන දකුණු ආසියානු කලාපීය රටවල 73 වන සැසිවාරය අද (09) පෙරවරු 9.30 ට තායිලන්තයේබැංකොක් නගරය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ විය.

Read More

ලංකා පිඟන් සංස්ථාව මීට වසර ගණනාවකට පෙර නිෂ්පාදනය කළ නිෂ්පාදන වර්ග 30ක් තිබූ බවත්, අද වනවිට එය උළු සහ ගඩොල් යන නිෂ්පාදන දෙක දක්වා අඩුවී ඇති අතර ඉදිරියේ දී පැරණි නිෂ්පාදනයන් වෙත නැවත ප්‍රවේශ වීම පිගන් සංස්ථාව සිය ඉදිරි දැක්ම කරගත යුතු බවත් කර්මාන්ත ඇමති විමල් වීරවංශ පැවසීය.

Read More

විවිධ ආර්ථික අර්බුදයන්ට ලක්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීම සඳහා ණය ලබාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නැයි විෂයභාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබා දුන්නේය.

Read More

දිවයින පුරා රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන නේවාසික රෝගීන්ට නොමිලේ ලබාදෙන ආහාර පාන වල රස හා ගුණ ඉහල නංවන විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය බලාපොරොත්තු වන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

Read More

හැටන් පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථාන අටක පොලිස් නිලධාරින් අද (09) දින හැටන් දික්ඔය නගර සභා ශාලාවේදි පි.සි.ආර් පරික්ෂණයට ලක් කලහ.

Read More

අඩුකළ රුපියල් ලක්‍ෂ 40 මුදල තමන් විසින් ගෙවනු ලැබු බවත් එලෙස ගෙවනු ලැබු මුදලින් සීයයට අසුවක් සුරාබදු නිලධාරීන්ගේ ත්‍යාග මුදලට බැර වන බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ සුරාබදු නීතීය උල්ලංඝණය කිරීමේ වරදට නියම කළ හැක්කේ රුපියල් ලක්‍ෂ 05ක දඩයක් බවද පෙන්වා දී ඇත.

Read More

බණ්ඩාරගම ’’අටුලුගම -31 කල්ලියේ’’ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන රැගෙන ඒමට සූදානම් වෙද්දී පොලිස් නිලධාරීන්ට පහරදෙමින් රාජකාරියට බාධා කරමින් කලහ කාරි ලෙස හැසුරුණු පුද්ගලයන් 4 දෙ​නෙකු අත්අඩංගුවට බව බණ්ඩාරගම පොලීසිය කියයි

Read More

සැකකරුගේ ඡායාරූපයක් පොලීසිය විසින් නිකුත් කර ඇති අතර ඔහු ගැන විස්තරයක් දන්නේ නම් 025-2226014 යන දුරකතන අංකය අමතන ලෙස පොලීසිය පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක නිලධාරිනී හනා සිංගර් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත රොබර්ට් ජුහ්කම් යන මහත්ම මහත්මීහු අද (09) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වූහ.

Read More

හම්බන්තොට දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා අම්බලන්තොට මහජන සෞඛ්‍යය පරීක්ෂක නිලධාරීන්ගේ මුලිකත්වයෙන් අද (09දා) පෙරවරුවේ අම්බලන්තොට නගරයේ සිදුකළ හදිසි වැටලීමකදී මිනිස් පරිභෝජනය නුසුදුසු තත්ත්වයේ පවත්වාගෙන යනු ලැබූ ආහාර සැකසුම් ස්ථාන හා ආහාරපාන විකුණුම් වෙළඳසැල් බොහොමයකට නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළහ.

Read More

එක් නීතියක් එක් රටක් යටතේ යුක්තිය ඉටුවේවි. යුක්තිය පසදලීමේ ආයතන යටතේ මේවා ඉදිරියට යයි. අපි කිසිම දේකට බලපෑම් කරන්නේ නෑ. අවසන් තීරණයක් ගැනීම ඒ ගැන පරීක්ෂණ කරන ආයතන සතු වගකීමක්.

Read More

දකුණු පළාත් පරිගණක අපරාධ ඒකකය මගින් සිදුකළ මෙහෙයුමකදී දුරකතන සිම්පත් අඩුමිලට අන්තර්ජාලයෙන් ලබාදෙන බව පවසමින් කටයුතු කළ මාතර තලගහ ප්‍රදේශයේ සැකකරුවකු හා සැකකාරියක අත්අඩංගුවට ගෙන මාතර අධිකරණයට ඉදිරිපත් කළ බව දකුණු පළාත් පරිගණක අපරාධ ඒකකය පවසයි.

Read More

බෝට්ටුව පෙරලී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදිමින් වතුර පිර වූ ප්ලාස්ටික් බුලි දෙකක් ආධාරයෙන් මුහුදේ පාවෙමින් සිටි ධීවරයන් දෙදෙනා නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර මුදවා ගැනීමේ නිලධාරීන් විසින් බේරා ගැනීමෙන් අනතුරුව රෝහල්ගත කිරීමට පියවර ගත් බව කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංක ද සිල්වා පැවසීය

Read More

කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්කිරීමේ සිද්ධියට අදාළව පැමිණිලි පාර්ශවයට ඉතිරි රුපියල් ලක්ෂ 8 ක මුදල ලබාදෙන ලෙස පානදුර වැඩබලන මහේස්ත්‍රාත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට අද (09දා) නියෝග කර ති​බේ.

Read More

අපවත්වී වදාළ අතිපූජ්‍ය මාඳුළුවාවේ නායක ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නායකත්වය හිටපු කථානායක කරු ජයසූරිය මහතා විසින් භාරගෙන ඇති බව වාර්තා වෙයි.

Read More

ආනවිළුන්දාව රැම්සා තෙත් බිම බිමේ කොටසක් ඉස්සන් කොටු වගා කිරීම සඳහා ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පත් කළ පංච පුද්ගල කමිටුව ඉදිරිපත් කළ වාර්තාව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක විසින් අද (9) පාර්ලිමේන්තුවේට ඉදිරිපත් කරන බව සඳහන් කර සිටියේය.

Read More

වලංගු වීසා නොමැතිව ගල්කිස්ස ප්‍රදේශයේ ලැගුම්හලක නැවතී සිටි මැඩගස්කර ජාතික කාන්තාවක් හා ඇගේ දියණිය අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි

Read More

අටලුගම ප්‍රදේශයේ වැටලීමක් අතරතුර ප්‍රදේශවාසීන් විසින් පොලිස් නිළධාරින් හට පහර දී ඇත.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 11ක් පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2946 දක්වා ඉහල ගොස් ඇත.

Read More

බස්නාහිර ,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.