බෝගම්බර බන්ධනාගාරයේ තවත් කොරෝනා රෝගීන් විසි තුන් දෙනෙක්
බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි තවත් රිමාන්ඩ් සැකකරුවන් 23 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව පී.සි.ආර්. පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව එම බන්ධනාගාරයේ ඉහළ නිලධාරියකු පැවැසීය .
මෙම රිමාන්ඩ් සැකකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවල අධිකරණ මගින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව බෝගම්බර නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර සිටි සැකකරුවන් බවයි පැවසෙන්නේ.
මීට පෙර ද එම බන්ධනාගාරයේ නියාමකවරුන් දෙදෙනෙකු සහ රැඳවියන් හත් දෙනකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ අතර ඔවුන් තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය කරා යොමු කොට තිබුණි . පල්ලෙකැලේ දුම්බර බන්දනාගාරයෙන්ද එක් සැකකරුවෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු ව තිබුණ අතර මේ වන විට එම බන්ධනාගාර දෙකෙන් හමුවී ඇති කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 32කි .
කෙසේ නමුත් අද (11) බෝගම්බර බන්ධනාගාරයෙන් වාර්තා වූ කොවිඩ් රෝගීන් සියලු දෙනා වැලිසර කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කරන බව බන්ධනාගාර ප්‍රකාශකයකු පැවසීය
ෂේන් සෙනෙවිරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

