බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි තවත් රිමාන්ඩ් සැකකරුවන් 23 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව පී.සි.ආර්. පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව එම බන්ධනාගාරයේ ඉහළ නිලධාරියකු පැවැසීය .
මෙම රිමාන්ඩ් සැකකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවල අධිකරණ මගින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව බෝගම්බර නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර සිටි සැකකරුවන් බවයි පැවසෙන්නේ.
මීට පෙර ද එම බන්ධනාගාරයේ නියාමකවරුන් දෙදෙනෙකු සහ රැඳවියන් හත් දෙනකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ අතර ඔවුන් තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය කරා යොමු කොට තිබුණි . පල්ලෙකැලේ දුම්බර බන්දනාගාරයෙන්ද එක් සැකකරුවෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු ව තිබුණ අතර මේ වන විට එම බන්ධනාගාර දෙකෙන් හමුවී ඇති කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 32කි .
කෙසේ නමුත් අද (11) බෝගම්බර බන්ධනාගාරයෙන් වාර්තා වූ කොවිඩ් රෝගීන් සියලු දෙනා වැලිසර කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කරන බව බන්ධනාගාර ප්‍රකාශකයකු පැවසීය
ෂේන් සෙනෙවිරත්න