ගම්පහින් කොවිඩ් ආසාදිතයන් 4557ක්
ගම්පහ දිස්ත්‍රික්කයෙහි ඊයේ (11දා) දිනය වනවිට ආසාදිතයින් 4557 දෙනෙකු හදුනාගෙන ඇති අතර පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කොට ඇති සංඛ්‍යාව 57,222 දෙනෙකු බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මිගාර ඈපා මහතා සඳහන් කර සිටියේ, දිස්ත්‍රික්කයෙහි නිදහස් ආයෝජන කලාප අනුව , කටුනායක කර්මාන්තශාලා 25 කින් ආසාදිතයින් 450 දෙනෙකු , බියගම කර්මාන්තශාලා 6 කින් ආසාදිතයින් 16 දෙනෙකු සහ වෙනත් කර්මාන්තශාලා 29 කින් ආසාදිතයින් 228 දෙනෙකු හමුව ප්‍රතිකාර පිණිස යොමු කොට ඇති බවය.
මේ අතර ඊයේ (11) උදෑසන වනවිට ගතවූ පැය 24 තුල ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් බවට හදුනාගෙන ඇති පිරිස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ අනුව කැලණිය - ආසාදිතයින් 25 ක් , වත්තල - ආසාදිතයින් 10 ක් , සීදුව බල ප්‍රදේශයෙන් ආසාදිතයින් 9 දෙනෙකු සහ ආයෝජන කලාප නොවන කර්මාන්ත ශාලාවලින් ආසාදිතයින් 17 දෙනෙකු හමුව ඇති බවද අධ්යක්ෂ වරයා සදහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය මගින් ඊයේ නිකුත් කොට තිබු වාර්තාවට අනුව දිස්ත්‍රික්කයෙහි මිනුවන්ගොඩ , දිවුලපිටිය , දොම්පෙ , රදාවාන යන රෝහල් සහ වතුපිටිවල හා යක්කල ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට ගතවූ පැය 24 තුල 62 දෙනෙකු ඇතුළුව ආසාදිතයින් 510 දෙනෙකු ඇතුලත් කොට තිබිණි.
තිලකරත්න දිසානායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

