සහන මිලට භාණ්ඩ මල්ලක් දීම උසුලාගන්න බැරි වෙලා තියෙනවා. මට හා අපේ දෙමාපියන්ට කොච්චර දොස් කිව්වත්, බැන්නත් ප්‍රශ්නයක් නෑ. අපි රටේ ජනතාව වෙනුවෙන් ඒක කරනවා. වැඩි වැඩියෙන් සහන මල්ල ගැන කථා කරන්න.
අද (07) පාර්ලිමේන්තුවේ දී කථානායක නිවේදන පිළිබඳ දන්වමින් ඒ මහතා පැවසුවේ, නීති උපදෙස් සැලකිල්ලට ගෙන රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇති බව මැතිවරණ කොමිසමට දන්වා යැවු බවයි.
Read Moreකොරියාව, සිංගප්පුරුව, ජර්මනිය වැනි රටවල මත්පැන් වල මිළ ඉතා අඩුයි. ඒ නිසා එම රටවල ජනතාව නීතිවිරෝධී මත්පැන් වලට හුරුවෙන්නේ නැහැ.කොරියාවේ සෝජු නමැති මත්පැන් වර්ගය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 100 යි. ඒ රටේ ඉහළ තනතුරු දරන අය වගේම සාමාන්‍ය ජනතාවත් එම මත්පැන් වර්ගයයි භාවිතා කරන්නේ.
Read Moreමහපොළ භාරකාර අරමුදල ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සිමිත සමාගම සමඟ 2003 වසරේදි එළඹි ගිවිසුම එම අරමුදලට රු.කෝටි 164කට වැඩි ප්‍රතිලාභයත් ලැබිමට නියමිතව තිබුණත් එවකට එහි භාරකර මණ්ඩලය ගත් වැරදි තිරණ නිසා එම ප්‍රතිලාභය අහිමි වි ඇතැයි කෝප් කම්ටුවේදි හෙළි වි තිබේ.
Read Moreබම්බලපිටිය, නෝරීස්පාර ප්‍ර දේශයේ පවත්වාගෙන ගිය මෙම සූදු පොළේ සූදු ක්‍රීඩාවේ යෙදී සිටි චීන ජාතිකයන් 5ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreචීනයේ පරිත්‍යාගක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදුන් සිනෝෆාම් එන්නත ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන් වෙත ලබාදී අවසන් කර තිබේ. ඒ අනුව පෙරේදා (05දා) හා ඊයේ (06දා) ශ්‍රී ලංකාවේ සේවය කරන හෝ පදිංචිව සිටින චීන ජාතිකයන් 2,456 දෙනෙකුට එන්නත් ලබාදී තිබේ
Read Moreවර්තමානය වන විට ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම වඩාත් උග්‍ර වෙමින් පවතී. මෙම අලි- මිනිස් ගැටුම හේතුවෙන් ලංකාවෙන් වාර්තා වන 6000ක තරම් වූ වනඅලි ගහනයෙන් පසුගිය 2014 වර්ෂයේ සිට 2021 මාර්තු දක්වා කාලය තුළදී වාර්තා වී ඇති දත්තවලට අනුව පමණක් වනඅලි 2087 දෙනෙකුට අධික ප්‍රමාණයක් මෙන්ම මිනිස් ජීවිත 550කට ආසන්න ප්‍රමණයක් අහිමි වී තිබේ. මේ අතරින්ද ඉහළම අලි හා මිනිස් මරණ වාර්තා වී ඇත්තේ 2019 වර්ෂයේදී වන අතර, එය වනඅලි 415 දෙනෙකු හා මිනිස් ජීවිත 115කි. මේ ආකාරයෙන
Read Moreගල්කිස්සේ ගාලුපාර ප්‍රදේශයේ නිවසක් අසල ගෙලෙහි කැපුම් තුවාල සහිතව මියගොස් සිටි තරුණයෙකු පිළිබදව පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.
Read Moreමේ අතර, චීනය විසින් පරිත්‍යාග කරන ලද සීනොෆාම් එන්නත් කාණ්ඩ දෙකක් අඟහරුවාදා ලෙබනනයට පැමිණි අතර, මෙම එන්නත් ලෙබනන් හමුදාව, රේගුව, සමාජ ආරක්ෂණ සහ විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ සඳහා වෙන් කරන බව ලෙබනන් භාරකාර සෞඛ්‍ය අමාත්‍ය හමාඩ් හසන් පැවසීය.
Read Moreගිනිකොනදිග ආසියානු කලාපය, විශේෂයෙන් ඉන්දියාව සහ බටහිර පැසිෆික් කලාපය ආශ්‍රිතව ආසාදනයන්ගෙන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී තිබේ. එමෙන්ම ඉන්දියාවට පසුව වැඩිම නව ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බ්‍රසීලය, එක්සත් ජනපදය, තුර්කිය සහ ප්‍රංශය යන රටවලිනි.
Read Moreබස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreචීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් උයිගුර් මුස්ලිම්වරුන් ජීවත් වන වයඹදිග සින්ජියැන්ග් උයිගුර් ස්වයං පාලන කලාපය සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.
Read Moreගෙවුණු පැය 24 තුළ බ්‍රසීලය අවම වශයෙන් නව කොවිඩ්-19 මරණ 4,195ක් වාර්තා කර ඇත. මේ නවතම සංඛ්‍යාලේඛනවලින් රටේ මරණ සංඛ්‍යාව අවම වශයෙන් 336,947ක් බවට පත්ව තිබේ.
Read Moreකොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට බෝල්කන් රාජ්‍යයට උපකාර කිරීම සඳහා චීනය සර්බියාවට එන්නත් ලබා දී ඇති අතර, සීනොෆාම් එන්නත් තොගය පෙරේදා බෙල්ග්‍රේඩ් වෙත පැමිණ තිබේ.
Read Moreමෙම නව හයිපර්සොනික් මිසයිල වැඩසටහන අසමත් වීම එක්සත් ජනපදය ලැබූ දරුණු පසුබෑමක් වන අතර, ඔවුන් මෙවැනි හයිපර්සොනික් ආයුධ නිපදවීම සඳහා චීනය සහ රුසියාව සමග තරගයක නිරතව සිටින මොහොතක අසාර්ථකත්වයට පත්වීම ඊට හේතුවයි.
Read Moreපසුගිය සති කිහිපය තුළ ඉන්දියාවේ බොලිවුඩ් තරු ගණනාවකට වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති අතර, ඉන්දියාවේ මහාරාශ්ට්ර ප්‍රාන්තය ලොක්ඩවුන් තත්ත්වයකට පත්ව තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 132,275,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreබස්නාහිර පළාතේ උපකාරක පන්ති අප්‍රේල් මස 12වනදායින් පසුව ආරම්භ කිරිමට අවසර හිමිවන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රි වන්නිආරච්චි ප්‍රකාශ කළේය.
Read Moreකොවිඩ්-19 වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 2ක් අද (06) දිනයේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.
Read Moreඅද (06) තවත් නව කොවිඩ් ආසාදිතයින් 95 හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් වෛරස තත්ත්වය හේතුවෙන් ඉවත්කර තිබූ වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශය වෙත පසුගිය(04) වැනිදා සිට නැවතත් කාන්තා රැඳවියන් රැඳවීම සිදුකරනු ලැබිය.
Read Moreඅද දිනයේ දී පැවති උත්සවයක දී පුෂ්පිකා ද සිල්වාට තරග සංවිධායකයින් විසින් යලි කිරුළ ලබාදීමට කටයුතු කරනු ලැබුවේය.
Read Moreමිස් වර්ඩ් එකෙන් සම්පූර්ණ බලය මට පවරලා තිබෙනවා. ජයග්‍රාහිකාව තෝරන්න, විනිශ්චය මණ්ඩලයත් එක්ක කරන්න කියලා. අද දවසේ පුෂ්පිකාද සිල්වා නැවතවරක් කිරුළ පළදිනවා.
Read Moreදුමිරිය ස්ථානවල පවතින කනිෂ්ඨ සේවක හිඟයට පාලානාධිකාරිය මෙතෙක් විසදුමක් ලබානොදිම හේතුවෙන් හෙට සිට දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරිමේ කටයුතුවලින් ඉවත්විමට තිරණය කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ සිලිකා සහ මිනිරන් සම්පත් සඳහා ආයෝජනය කිරීමේ හැකියාව සහ දේශීයව ඊට අගය එකතු කිරීම සම්බන්ධයෙන් තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ෂැංහයි හි ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් හමු වී සාකච්ඡා පවත්වා ඇත.
Read Moreකොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබු 145 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreමහ මොළකරු දැනටමත් අපි හඳුනාගෙන ඉවරයි. නවුෆර් මවුලවි හා හජ්ජුල් අක්බාර් යන අය හඳුනාගෙන තිබෙනවා. නවුෆර් මවුලවි තමයි සහරාන්ගෙන් මොළ සොදලා තියෙන්නේ. සහරාන් මේකට සම්බන්ධ වුණේ 2016දී නවුෆර් මවුලවි තමයි 2014දී බග්දාදි සමග එක්වෙලා අයි.එස්. මතවාදය ලංකාවට ගෙනාවේ. ඔහු දැන් ඉන්නේ රිමාන්ඩ් භාරයේ.
Read Moreඅවුරුදු සමයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටතට යන පිරිස් සඳහා සංචරණ සීමා පැනවීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
Read Moreබදුල්ල බන්ධනාගාරය තුළදී සිය කමිසයෙන් ගෙල වැළාගෙන සිටියදී බන්ධනාගාර නිලධාරින් විසින් රැගෙන ගොස් බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබු රැඳවියෙක් අද මියගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි .
Read Moreකිසිඳු නඩත්තුවක් නොමැතිව අතහැර දමා තිබුණු පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) උපදෙසින් පූර්ණ පිළිසකර කිරීමෙන් පසු හෙට (07) දින යළි ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.
Read More