මහනුවර වයස අවුරුදු 30ත් 60ත් අතර පිරිසට සයිනෝෆාම් එන්නත
මහනුවර දිස්ත්‍රික්කය සඳහා ඉදිරියේදී හිමිවන සයිනෝෆාම් එන්නත් තොගය වයස අවුරුදු 30ත් 60ත් අතර පිරිස සඳහා ලබා දෙන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය අමුණුගම මහතා සඳහන් කළේය.
හෙට දින (18) සිට 21 දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ මධ්‍යස්ථානයක් වන මහනුවර ඩී.එස්.සේනානායක විද්‍යාලයේ නිරීක්ෂණයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අද (17) සඳහන් කළේය.
මරණ සංඛ්‍යාව අනුව වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් වැඩි පිරිසක් අන්තර්ගතවීම නිසා ඔවුන්ට ප්රමුඛ ස්ථානය ලබාදීමට කොවීඩි කමිටුව හා වෛද්‍යවරුන් තීරණය කොට ඇති බවත් ඒ අනුව මහනුවර දිස්ත්‍රිකයේ මහනුවර නාගරික සීමාව, නාවලපිටිය සහ පාතදුම්බර යන සෞඛ්‍ය වෛද්‍ය කොට්ටාසවල වැඩිහිටියන්ට රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත එන්නත හිමිවන බව ද අමාත්‍යවරයා කීවේය.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්
popular news
-
Dayan Friday, 18 June 2021 07:18 AM
It is good. What about for over 60. Are they to be send to see the god.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

