හරීන්ගේ නිවසට හදිසියේම පොලීසියෙන් එයි
තම නිවසට අද දහවල් 1.30ට පමණ පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා පවසයි.
තම නිවසේ රැස්වීමක් පැවැත්වීම සඳහා පිරිසක් පැමිණෙමින් සිටින බවට ලැබුණ තොරතුරක් අනුව ඔවුන් පැමිණි බව ප්රකාශ කළ බව මන්ත්රීවරයා පැවැසීය.
කෙසෙ වෙතත් ඒ වන විට තමන් සැහැල්ලු ඇඳුමකින් නිවසේ සිටි බවත් රැස්වීමකට සූදානමක්වත් නොතිබුණ බව ඔහු සඳහන් කළේය.
පැමිණි සිටි පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලැබීමෙන් අනතුරුව ඔවුන් නිවසින් පිටත්ව ගිය බවත් තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇත්දැයි සැකයක් පවතින බවත් මන්ත්රීවරයා ප්රකාශ කළේය.

popular news
-
Deepal Nirosh Thursday, 17 June 2021 08:46 PM
ආ.. රනිලාගමනයේ සමාරම්භක වෙඩි මුරය ද? නැත්නම් සාගරග්රාම පිපුරුමේ පතරොම් කැබැල්ලක් ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

