saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 7639 hours ago

LATEST

ලියාපදිංචි නොකළ ආහාර ගබඩා සොයා මෙහෙයුම්

calendar_today 2021 ජුනි 19 - 09:47 remove_red_eye - 153  

පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි නොකළ ආහාර ගබඩා ලබන සඳුදා (21) සිට විමර්ශනය කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ලොවපුරා රටවල් 30ත් 40ත් අතර ප්‍රමාණයකට තම ජනගහනයට අවශ්‍ය කොවිඩ්-19 මර්දන එන්නතෙහි දෙවැනි මාත්‍රාව ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත්, විශේෂයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොග නොලැබීම නිසා ඔවුන් දෙවැනි මාත්‍රාව අපේක්ෂාවෙන් පසුවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

රුපියල් කෝටි 52කට අධික වටිනාකමින් යුත් හෙරොයින් වර්ගයේ මත්කුඩු කිලෝ 52ක් සමග උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි

Read More

වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ සුදත් සමරවීර මහතා ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කරමින් ඔහුට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

Read More

සංචරණ සිමා ඉවත් කිරිමත් සමඟ දුම්රිය ධාවන කටයුතු ලබන 21 වනදා සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

Read More

නිරෝධායන නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1281 දෙනෙකු පැය 24ක් තුළ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Read More

’’අපට පැහැදිලි සැලැස්මක් තිබිය යුතුයි. ඊළඟ රැල්ලක් පැමිණෙන සෑම අවස්ථාවකම අපගේ සැලැස්මක් සූදානම්ව තබා ගත යුතුයි’’ රජයේ කොවිඩ් කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු සහ මුම්බායි හි ෆෝටිස් රෝහලේ අධ්‍යක්ෂ රාහුල් පණ්ඩිත් පැවසීය. ’’අපගේ උත්සාහයන් යොමු කළ යුත්තේ අපට හැකි තරම් ආසාදන රැල්ල ප්‍රමාද කිරීම සඳහායි. ඒ වගේම එවැනි ආසාදන රැල්ලක් වළක්වා ගැනීමට පවා බලවත්ව උත්සාහ කළ යුතුයි.’’

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 767 දෙනෙකු අද (18) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී තවත් කොවිඩ් මරණ 55ක් වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2480ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

වසංගත තතත්වය හමුවේ දේශීය හා විදේශීය වශයෙන් පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යෑම හේතුවෙන් ශ්‍රී ලංකාවෙද භාණ්ඩ කිහිපයක මිල ඉහළ නැංවීම සඳහා අවසර ඉල්ලා ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවැසීය.

Read More

බැසිල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණ නිර්මාණය කළා පමණක් නොව රටේ දැවැන්ත සංවර්ධන කටයුතු වල පිටුපස සිටි දැවන්ත චරිතයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

Read More

කල්පිටිය කන්දකුලිය ගම්මානයේ ඊයේ දින රාත්‍රි නීරෝධායන නීති කඩ කරමින් මංගල සාදයක් පැවත්වු පිරිසක් නීරෝධායන ලක්කර නඩු පැවරිමට කටයුතු කල බව කල්පිටිය පොලිසිය පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා අවධාරණය කළේ, කොවිඩ්-19 හමුවේ කුඩා දූපත් රාජ්‍යවල සංචාරක ව්‍යාපාරයේ බිඳවැටීම ණය ආපසු ගෙවීමේ හැකියාවට බෙහෙවින් බාධාවක් වී ඇති බවය. ණය අර්බුදයට ගෝලීය ප්‍රතිචාරය, අඩු ආදායම්ලාභී රටවලට සහාය දැක්වීමට නිවැරදිව උත්සාහ කරන අතරතුර, මධ්‍යම ආදායම් ලබන රටවල්ද අත් නොහැරිය යුතු බව ඔහු පැවසීය.

Read More

කොවිඩ් ආසාදිත වු තවත් 1560 දෙනෙකු වාර්තා වි ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

දැනට නිර්දේශ කර ඇති සියලු කොවිඩ් මර්දන එන්නත් මගින් ලොව පුරා මේ වන විට වැඩි අවධානයක් යොමුකර ඇති ඇල්ෆා, බීටා, ගැමා හා ඩෙල්ටා යන කොවිඩ් ප්‍රභේද වලින් ඇතිවෙන මියයාම සහ දරුණු රෝගී තත්ත්වයන්ට පත්වීම අවම කෙරෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය.

Read More

එළවලු මිල ගණන් ඉතා ඉහළ නැගිම හේතුවෙන් එය පාලනය කිරිම සඳහා සතොස මගින් එළවලු මලු බෙදාහැරිමේ වැඩපිළිවෙලක් සකස් කිරිමට රජය තිරණය කර තිබේ.

Read More

ප්‍රභේදය හමුවන ප්‍රදේශ හුදකලා කර වෛරස සාම්පල ලබා ගනිමින් ඩෙල්ටා වෛරසයට අදාළ පරීක්ෂණ සිදු කිරීමටත්, ආසාදිතයින් සමඟ සම්බන්ධතා පැවැත් වු අයවළුන් පිළිබඳව හඹාගොස් පරීක්ෂා කිරීමටත්, දැනට ආසාදිතයින් වැඩි වශයෙන් හමුවන දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද මෙම ඩෙල්ටා ප්‍රභේදය ඇත්දැයි සොයා බැලීමට විශේෂිත වු පරීක්ෂණ සිදු කිරීමට කටයුතු යොදන ලෙසටත්, තීරණය කරන ලදී.

Read More

කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීම සඳහා දේශීය ආයුර්වේද රෝහල් 28ක් ලබා ගැනීමට පියවර ගෙන ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තෝරා පත්කර ගත් බව මැතිවරණ කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පවසයි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමිවූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට මෙසේ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙි තිබූ සාන්ද්‍ර අම්ල තවමත් මුහුදු ජලයට එක් වී නැති තත්ත්වයක් යටතේ ඉදිරියේදී ඒවායින් මත්ස්‍ය සම්පතට වන හානිය පිළිබඳව ආණ්ඩුව කිසිදු අවධානයක් යොමු කර නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිංහයෙකුට කොවිඩ් -19 වෛරසය ශරීරගතව ඇති බවට තහවුරු වීම සම්බන්ධයෙන් වැඩිදුරට පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව එම සිංහයාට ආසාදනය වී ඇත්තේ මනුෂ්‍යයින්ට ආසාදනය වූ කොවිඩ් වෛරස ප්‍රභේදයක් ද යන්න පිළිබඳ තහවුරු කරගත යුතු ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

Read More

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වහාම ක්‍රියාත්මකවන පරිදි ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ බැලීම සඳහා පත්කර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය සත්වෝද්‍යානවල සතුන් බලාගන්නා පුද්ගලයන්ගෙන් සතුන්ට ආසාදනය වීම හැර නැවත එය සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වීමේ තත්වයක් ලොව මෙතෙක් වාර්තා වී නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය.

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරයේ සභාපති ජනරාල් (විශ්‍රාමික) දයා රත්නායක මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කර තිබේ.

Read More
වැරදුණ ගමන
18 06 2021 15:37:00

ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ ප්‍රංශ ගුවන් ගමන් බලපත්‍රයක් , ගුවන් යානා ප්‍රවේශ පත්‍රයක් සහ ව්‍යාජ පී.සී.ආර්.පරීක්ෂණ වාර්තාවක් භාවිතා කරමින් , කටාර් රාජ්‍යයේ දෝහා ඔස්සේ ප්‍රංශයට පැන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික තරුණියක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

එන්නත් සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස් වී පැමිණි මොරටුව පුරපතිවරයාට දුරකථන ඇමැතුමක් ලබා දී “ දැන් සැපදැයි ” විමසු පුද්ගලයෙකු ඊයේ (17දා) අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලීසිය කියයි.

Read More

කොළඹ වරායේ සිට පිටත්ව ගිය පෘතුගීසි ධජය සහිත බහාලුම් නෞකාවක් වන එම්වී ඩෙවොන් හි ඉන්ධන කාන්දුවක් සිදුව තිබෙන බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් තහවුරු කර තිබේ. මෙම ඉන්ධන කාන්දුව සිදුව ඇත්තේ නැගෙනහිර මුහුදු කලාපයේදීයි. නෞකාව චෙන්නායි සිට නාවික සැතපුම් 250ක දුරකින් ගමන් කරමින් පවතී.

Read More

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් නිසි ගෞරවයෙන් යුතුව සංවිධානය කරන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (17) සිය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

ජනතාව ඒකරාශී වන අවස්ථාවන්ට අදාළව පනවා ඇති නීති තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කෙරේ. රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සීමිත සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යාමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතුය. සියලුම වෙළෙඳ සහ ආර්ථික මෙහෙයුම් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Read More

MV X-PRESS PEARL නෞකාවේ ගින්න හේතු‍වෙන් බලපෑමට ලක්වූ වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා නාවික හමුදාව අනෙකුත් පාර්ශ්වයන් හා එක්ව 2021 මැයි මස 26 වන දින ආරම්භ කළ වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම තවදුරටත් අඛණ්ඩව සිදුකරමින් පවතී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.