ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා
චීන ගගනගාමීන් තිදෙනා අද (17දා) රටේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රධාන මොඩියුලය වන ටියැන්හේ වෙත සාර්ථකව ඇතුළු වූ බව චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය පවසයි.
ඔවුන් තිදෙනා චීන අභ්‍යවකාශ මධ්‍යස්ථාන මෙහෙයුමේ කොටසක් ලෙස මාස තුනක කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටීමට අපේක්ෂා කෙරේ.
චීනය බ්‍රහස්පතින්දා ෂෙන්ෂෝ-12 නම් අභ්‍යවකාශ යානය ලෝන්ග් මාර්ච්-2එෆ් රොකට්ටුව ආධාරයෙන් සාර්ථකව දියත් කළ අතර, ගගනගාමීන් වන 56 හැවිරිදි නී හයිෂෙන්ග්, 54 හැවිරිදි ලියු බෝමිං සහ 45 හැවිරිදි ටැන්ග් හොංබෝ මීට එක්වූහ.
1999 දී නිල වශයෙන් ආරම්භ කරන ලද චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ වැඩසටහන අභ්‍යවකාශ කක්ෂයේ ස්ථිර මධ්‍යස්ථානයක් තැනීම සඳහා පියවර තුනක ප්‍රවේශයක් අනුගමනය කර ඇත. මානව අභ්‍යවකාශ ගමන් සහ අභ්‍යවකාශ විද්‍යාගාර මෙහෙයුම් සම්බන්ධ පූර්ව අදියර දෙක චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණික දැනුම ලබා ගැනීම සඳහා විය.
චීනයේ පළමු පූර්ණ අභ්‍යවකාශ මධ්‍යස්ථානය සම්පූර්ණ කිරීම සඳහා ෂෙන්ෂෝ-12 මෙහෙයුම් 11න් දැනට දියත් කර ඇති මෙහෙයුම් තුනෙන් එකක් ලෙස මෙය සැලකෙයි. එම මෙහෙයුම්වලින් හතරක් කාර්ය මණ්ඩලය රැගෙන යන මෙහෙයුම්ය. චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මොඩියුල තුනෙන් පළමු හා විශාලතම මොඩියුලය වන ටියැන්හේ දියත් කිරීමත් සමග පසුගිය අප්‍රේල් මාසයේදී එහි ඉදිකිරීම් ආරම්භ විය.
popular news
මගී ජීවිත තඹයකට මායිම් නොකරමින් ලංගම හා පෞද්ගලික බස් රේස් යයි
පෞද්ගලික හා ලංගම බස් දෙක රෙස් යයි
පාකිස්තාන ක්‍රීඩකයන්ට අතට අත දීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
නිදි යහනේ මියගිය රාජ්‍ය සේවිකාවගේ මරණය ඝාතනයක් , සාක්කි දෙන්න පැමිණි සැමියා අත්අඩංගුවට
රු. 2000 නෝට්ටුව ගැන මහ බැංකුවෙන් දැනුම් දීමක්
ලංකාවේදී අයිස් නිපදවන්න ඉරානයෙන් ඇවිත්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd