නිවසේ ඇති ස්ථාවර දුරකථන වෙත ඇමතුම් ලබාදී මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු අනාවරණය වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, පොලිස් නිලධාරින් බව පවසමින් වංචනිකයින් විසින් එම දුරකථන ඇමතුම් ලබා දී ඇති බවය.
ඒ සඳහා ලංකාවේ ප්‍රසිද්ධ පොලිස් නිලධාරීන්ගේ නම් භාවිත කර ඇතැයි අනාවරණය වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය.
එලෙස ඇමතුම ලබාදෙමින් වංචාකරුවන් පවසා ඇත්තේ, අදාළ පුද්ගලයින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ පිළිබඳ විමර්ශනය නොකර සිටීමට නම් යම් මුදලක් තැන්පත් කරන ලෙසය.
ඒ සඳහා ගිණුම් අංකයක් ද වංචනිකයින් විසින් ඇතැම් පුද්ගලයින්ට ලබාදී ඇති අතර ඊයේ (17) දිනයේ දී ද එවැනි සිදුවීම් තුනක් වාර්තා වී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එලෙස දුරකථන ඇමතුම් ලබාගනු ලබන්නේ පොලිස් නිලධාරීන් විසින් නොවන බවත් එවැනි වංචනික ක්‍රියා සිදුකරන්නන්ට හසුනොවන ලෙසත් පොලිසීය ජනතාවට දැනුම් දෙයි.