කොවිඩ් 19 හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාව කලක් ඉතා ම සමීපව තමන් ඇසුරු කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
අද (23) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 415 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.
Read Moreඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ සිසුන්ට ඉගැන්විමේ කටයුතු සිදුකෙරෙන ගුරුවරුන් කිහිපදෙනෙකුට තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ගුරුවරුන් දෙදෙනෙකුගේ පෙරේදා ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
Read Moreතමන්ගේ පාදයේ තිබූ ආබාධය ඒලියන්ත වයිට් මහතා හාස්කමකින් සුවය කළ බවත් ඒ වෙනුවෙන් ඔහුට ස්තූතිය පුද කරන බවත් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හවුල්කාර පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (23) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreමෙරට අර්බුදයක් නිර්මාණය වනවිට ඒ තුළින් මුදල් සූරාකන ජාවාරම්කාර ව්‍යාපාරික වළල්ලක් නිර්මාණය වන බවත්, ඔවුන් දේශපාලනඥයන් සහ ඇමැතිවරුන් සමඟ එක්වී ජනතාවට ලැබිය යුතු සහන අතරමැදින් කොල්ලකමින් සිටින බවත්, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (22 දා) පැවසීය.
Read Moreබෝවන රෝග වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා මූලාරම්භය සෙවීම ඉතා වැදගත් වන අතර, පෙර අධ්‍යයන මාලාවකින් හෙළි වූයේ චීනය තුළ වෛරසය පැතිරීමට පෙර එක්සත් ජනපදය, ස්පාඤ්ඤය, ප්‍රංශය, ඉතාලිය සහ බ්‍රසීලය ඇතුළු රටවල් කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බවයි.
Read Moreඇෆ්ගනිස්ථානයේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීමට එක්සත් ජාතීන් සහ ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් විය යුතු බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහා පවසයි.
Read Moreවසංගතයේ ආර්ථික බලපෑම සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩිව බලපා ඇති බවත් මෙය 2030 තිරසර සංවර්ධන ඉලක්ක සඳහා වන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේ අවධානමකට ලක් කර ඇති බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට මෙම අවිනිශ්චිත තත්ත්වයෙන් මිදීමට සහාය වීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් තුළින් සංවර්ධන මුල්‍යකරණ සහ ණය සහන ඇතුළු තවත් බොහෝ ක්‍රියාමාර්ග අත්‍යාවශ්‍ය කරුණක් බව ද පෙන්වා දුන්නේය.
Read Moreවෙළෙඳ සැල තුල මුඛ ආවරණය පලඳින ලෙස පාරිභෝගිකයාට පැවසීමෙන් ආරවුල ආරම්භ වී ඇති අතර, එහිදී කෙටි ආරවුලකින් පසු ඔහු පිටව ගොස් ඇත.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මීට සති දෙකකට පමණ ඉහතදී ඔහුට කොවිඩ් රෝගය ආසාදනය වී තිබුණි. ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreකෞතුක වස්තූන් විනාශ වීම ගැන කියන්න දෙයක් නැහැ එතුමලාගේ කාලේ ඉතින්. අද වැව් තාවුල්ලක් පොළොන්නරුවේ නැහැ. මේවායේ හෝටල් හඳල තියෙන්නෙ කවුද ගෙවල් හදල තියෙන්නේ කවුද, කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒක තමා පැහැදිලි යථාර්ථය. කෞතුක වස්තූන් ආරක්ෂා කිරීමට හිටපු ජනාධිපතිතුමා හිතනව නම් එතුමා කරන්න ඕන එතුමලගේ ගෙවල් හෝටල් ඉස්සෙල්ලම අයින කර ගන්න එක තමයි මම දකින දෙය.
Read Moreඉන්දියාවේ කැඩිලා හෙල්ත්කෙයාර් සමාගමේ සයිකොව්-ඩී කොවිඩ්-19 මර්දන එන්නතෙහි නිෂ්පාදනය ආරම්භ කරන විට ලබන මාසයේ සිට වයස අවුරුදු 12 හෝ ඊට වැඩි සියලුම දරුවන් එන්නත්කරණයට.
Read Moreබලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධි ලෙස ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට ඇතුළු වුවැයි කියන සැකකරුවන් 10 දෙනෙකු මේ මස 24 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන්නැයි පොළොන්නරුව දිසා මහේස්ත්‍රාත් හර්ෂණ දනුෂ්ක රත්නායක මහතා නියෝග කළේය.
Read Moreඅගමැති මහින්ද රාජපක්ෂ සහ ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල නායකයන් අතර විශේෂ හමුව හෙට (23) දක්වා කල් දමා ඇත.
Read Moreකාම්බෝජ නොරොඩොම් සිහාමෝනි රජු සහ ඔහුගේ මව වන හිටපු රැජින නොරොඩොම් මොනිනාත් සිහානොක් චීනයේ බීජිං නුවරදී ඔවුන්ගේ දෙවැනි කොවිඩ්-19 එන්නත ලබාගත් බව විදෙස් වාර්තා පවසයි.
Read Moreපාසල් යළි විවෘත කිරීම යටතේ සෞඛ්‍ය උපදෙස් මත ළමුන් 200ට අඩු පාසල් 5131ක් ලබන මස මැද සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
Read Moreබටහිර ඉන්දීය කොදෙව් හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට එරෙහිව අයි.සී.සී දූෂන මර්දන පනත යටතේ චෝදනා ගොණු කර තිබේ.
Read More’’වසංගතය හමුවේ කැපකිරීම් කළ ඔස්ට්‍රේලියානුවන්ට මෙය අගෞරවයක්. එම නින්දිත හැසිරීමේ නියැලී සිටි කවුරුත් ලැජ්ජාවට පත් වනු ඇතැයි මා සිතනවා’’ අගමැති ස්කොට් මොරිසන් වොෂිංටන් ඩීසී හිදී වාර්තාකරුවන්ට පැවසීය.
Read Moreරන්ජන් රාමනායක මහතා නිදහස් කිරිම සම්බන්ධයෙන් අද පැවති කැබිනට් දැනුම් දිමේ මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් නැගු අතර ඒ සඳහා කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ අදහස් දැක්විය.
Read Moreඊයේ (21) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 92 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් දෙදෙනෙක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 19 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 71 දෙනෙකු අයත්.
Read Moreරජයේ දේපළවලින් නූල් පොටක තරම් හෝ දෙයක් සොරකම් කර ඇති බව ඔප්පුකළහොත් සදහටම දේශපාලනයෙන් ඉවත් වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreපසුගිය 20 වනදා රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් අනතුරට ලක්කර පළාගිය මෝටර් රථය සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියි.
Read Moreවිරකැටිය ගජනායක ප්‍රදේශයේදි වෙඩි තබා 14 හැවිරිදි පාසල් සිසුවෙකු ඝාතනය කිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read Moreකුඩු ව්‍යාපාර, මත්පැන් අලෙවි සැල්, ටෙන්ඩර් යටිමඩි සිදු කරමින් ධනවත් වූ පුද්ගලයන් නැති ප්‍රභූත්වයක් ලබා ගැනීම සඳහා අලි මංකොල්ලයක යෙදෙන බවත් ආණ්ඩුව නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයෙන් අලි වංචනිකයන්ගේ ජාවාරම සාධාරනීකරණය කර තිබෙන බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreපාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සම්මත වී ඇත.
Read Moreපාස්කු ප්‍රහාරයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සහරාන් හෂීම්ගේ බිරිද ඇතුළු හය දෙනාත් මොහොමඩ් මුබාරක් ගේ බිරිද ඇතුළු හතර දෙනාත් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට අධිකරණය නියෝග කළේය.
Read Moreසන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ටී.නටරාජන්ට කොවිඩ් 19 ආසාදනය වී තිබේ. ඔහුව මේ වන විට හුදෙකලා කිරීමකට ලක් කර ඇත.
Read Moreශ්‍රී ලංකාවේ කාලගුණ වෙනස්වීම් සඳහා ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහනට අදාළව ඇමෙරිකානු ඩොලර් මිලියන 92ක මූල්‍ය පහසුකමක් වෙනුවෙන් ලෝක බැංකුව සමග ගිවිසුමකට අත්සන් තබා තිබේ.
Read Moreභාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් වැඩි කිරිමට කර ඇති ඉල්ලිම් සම්බන්ධයෙන් සලකා බැලිමට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රිධානත්වයෙන් යුත් ජිවන වියදම කමිටුව හෙට (23) රැස්විමට නියමිතය.
Read More