පාස්කු ප්‍රහාරයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සහරාන් හෂීම්ගේ බිරිද ඇතුළු හය දෙනාත් මොහොමඩ් මුබාරක් ගේ බිරිද ඇතුළු හතර දෙනාත් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට අධිකරණය නියෝග කළේය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ බිරිද වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුළු සැකකරුවන් හය දෙනෙකු ලබන මස හය වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝගයක් ලබා දුන්නා.
එමෙන්ම කොළඹ කිංග්ස්බරි හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් මුබාරක්ගේ බිරිද වන අයේෂා සිද්දිකා ඇතුළු සැකකරුවන් හතර දෙනා ද ලබන හය වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ නැහැ.