පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයෙහි වැව් තාවුල්ල ගැන කතා කරන අය කරන්නේ වීදුරු ගෙවල්වල ඉඳලා ගල් ගැහීමක් බව පරාක්‍රම සමුද්‍රයට ආදරය නම් මුලින්ම කළ යුත්තේ හදපු හෝටල් හා ගෙවල් ඉවත් කර ගැනීම බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙසේ පැවසූයේ අද දින කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක වාද්දුව ශ්‍රී බෝධිරාජාරාමාධිපති මහාචාර්ය කොටපිටියේ රාහුල නාහිමියෝ බැහැ දැකීමට ගිය අවස්ථාවේදීය.
හම්බන්තොට වරාය හිටපු ජනාධිපති තුමාගේ කාලයේදී සම්පූර්ණයෙන්ම විකුණලා දැම්මේ. මේ ගොල්ලො කරන්න තියෙන ඔක්කොම විනාශය රටට කරලා දැන් එක එක කඩාකප්පල්වකරී ක්‍රියා කරන්න හඳනවා ඇතුළෙ ඉඳන් එක නිසා මම මේවා ගැන දීර්ඝ වශයෙන් කතා කරන්න කැමති නැහැ.
රටේ ජනතාව අවබෝධයෙන් ඉන්න එක තමයි විශේෂයෙන් තියෙන්නේ. එදා එළියෙ ඉඳන් කුමන්ත්‍රණ කරපු සමහරු අද ඇතුළෙ ඉඳන් කුමන්ත්‍රණ කරනවා මේ රටේ 2/3 ක ජන වරමක් ගොඨාභය මහතා ප්රමුඛ පොදු ජන පෙරමුණට ජනතාව දීල තියෙන්නේ වැඩ කරන්න. එම වගකීම අපි හරියට අරන් කරනවා.
ආයෝජන රටට එන්න ඕනෙ එහෙම නැතුව අපේ රට දියුණු කරන්න බැහැ මේ රටේ රාජ්‍ය අංශය ශක්තිමත් කරන්න පුළුවන් රාජ්‍ය ආයතන ටික නැවත පණ ගන්වන්න පුළුවන් පෞද්ගලික අංශයත් එක්ක එකතු වෙලා ගියොත් කියල මන් එදත් කියනවා අදත් කියනවා.
හිටපු ජනාධිපති තුමා කියනවා කෞතුක වස්තූන් සම්බන්ධයෙන්, ඉතින් කෞතුක වස්තූන් තමා අපි ආරක්ෂා කරන්න තියෙන්නේ. එය ආරක්ෂා කිරීමට තමයි එදා ජයසිරිමා බෝධිය ආරක්ෂා කරලා සංරක්ෂණය කරන්න කටයුතු කළේ. අදියරෙන් අදියර රුවන්වැලි සෑය අපි දන්නවා ආරක්ෂා කරලා සංරක්ෂණය කරලා තියෙන්නේ. අපිට වගකීමක් තියෙනවා.ඓතිහාසික සොළොස්මස්ථානයේ මාර්ග පද්ධති ඔක්කොම හදලා විදුලි පහන් ආලෝක කරලා ඒවා සංරක්ෂණය කරලා තියෙනවා.
ඒ වගේම තමා මේ පරාක්‍රම සමුද්‍රය වේල්ල සංරක්ෂණයක් වෙන්නෙ මෙතන තවදුරටත් ශක්තිමත් වෙලා මහජනතාවට තවදුරටත් පරාක්‍රමබාහු රජතුමා කරපු ඒ මහා විශ්ව කර්මය අභිමානයෙන් දැක ගන්න ඒ පුංචි දරුවගේ ඉදල දෙමාපියන්ට මේ රටේ සියළු දෙනාටම අවස්ථාවක් ලබා දීම තමා එතනින් සිද්ධ වෙන්නේ.
කෞතුක වස්තූන් විනාශ වීම ගැන කියන්න දෙයක් නැහැ එතුමලාගේ කාලේ ඉතින්. අද වැව් තාවුල්ලක් පොළොන්නරුවේ නැහැ. මේවායේ හෝටල් හඳල තියෙන්නෙ කවුද ගෙවල් හදල තියෙන්නේ කවුද, කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒක තමා පැහැදිලි යථාර්ථය. කෞතුක වස්තූන් ආරක්ෂා කිරීමට හිටපු ජනාධිපතිතුමා හිතනව නම් එතුමා කරන්න ඕන එතුමලගේ ගෙවල් හෝටල් ඉස්සෙල්ලම අයින කර ගන්න එක තමයි මම දකින දෙය.
ඒක නිසා වීදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගැහීමක් තමයි සිද්ධ වෙන්නේ අපි ජනතාව වෙනුවෙන් අවංකව වැඩ කරන්නේ ඒ නිසා මේ රටේ ගොවි ජනතාවගෙන් මම ඉල්ලනවා දේශපාලන උප්පර වැට්ටි කුමන්ත්‍රණ වලට මේ රටේ ජනතාව මුලා වෙන්න එපා. ඒ වගේම තමයි මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලනවා ඔබ තුමාලා බොහොම අවධියෙන් සිටින්න. කුමන්ත්‍රණකාරීන්ට ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා මේ රට බෙදෙන්න යද්දි බෝම්බ පත්තු වෙද්දි ආර්ථික වශයෙන් විනාශ වෙද්දී මේ රට අරගත්තේ ඉදිරියට ගෙනියන්න. එම වගකීම හරියට කරල තියෙනවා”
