saravita-anim2

2026 මාර්තු මස 20 වන සිකුරාදා

2026 මාර්තු මස 20 වන සිකුරාදා

Latest News - timelapse 7152 hours ago

LATEST

යුගදනවි ගැන අගමැති හා පැවැති සාකච්ඡාව විසඳුමකින් තොරයි

calendar_today 2021 සැප් 23 - 20:40 remove_red_eye - 609  

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් ,අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ පක්ෂ නායකයන් අතර අද (23) පස්වරුවේ පැවැති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් විය .

(UPDATE) අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිඵල නිකුත් වී තිබේ. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.donets.lk වෙබ් අඩවියට ගොස් ප්‍රතිඵල බලා ගැනීමට අවස්ථාව තිබේ

Read More

සිවිල් ආරවුල් සහ ස්වාභාවික විපත් හේතුවෙන් ඇමෙරිකාව වෙත පැමිණි හයිටි ජාතික සංක්‍රමණිකයින් යළිත් සිය මව්බිම වෙතම ගෙනයෑම අමානුෂික ක්‍රියාවක් බව පවසමින් ඊට විරෝධය පෑ ජෝ බයිඩන් පරිපාලනයේ හයිටියේ විශේෂ නියෝජිතයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

සහල් කිරිපිටි තිරිගු පිටි සිමෙන්ති සහ ගෑස් සම්බන්ධයෙන් වර්තමානයේ පැන නැගි ඇති ගැටලුකාරි තත්ත්වයන් පිළිබදව හෙට පැවැත්වෙන ජිවන වියදම් කමිටුවේදි අවසන් විසදුමකට එළඹෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද ප්‍රකාශ කළේය.

Read More

යාපනය නල්ලුර්තිහි පිහිටි හිටපු කොටි නායකයෙකුවූ තිලීපන් ස්මාරකයට උපහාර පිදීම සදහා සම්බන්ධ වු චෝදනාව මත අත්අඩංගුවට ගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ යාපනය දිස්ත්‍රීක් පාරිලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා ඇතුළු තිදෙනකු අද(23) සවස අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් ඇපමත මුදාහැර ඇත.

Read More

එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) උපදේශක මණ්ඩලය 15-0ක් ලෙස ඊට අනුමැතිය ලබාදෙයි.

Read More

පාසල් යළි ආරම්භකිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More

සිනෝෆාම් එන්නත් නැවත පිරවීමේ කර්මාන්තශාලාවක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම සම්බන්ධයෙන් එම සමාගම ධනාත්මක ප්‍රතිචාර දැක්වූ බව චීනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

Read More

පසුගියදා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලදී ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විශ්‍රාමික විනිසුරුවරියක වන කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය පත්කර ඇත.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 72ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (22දා) තහවුරු කළ මරණ වෙයි.

Read More

විවිධ වැරදි සම්බන්ධයෙන් අධිකරණයෙන් වැරදිකරුවන්වී සිර දඩුවම් ලබා සිටින සිරකරුවන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී දින කිහිපයක් තිස්සේ උද්ඝෝෂණයක නිරත වන අතර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද දින පෙරවරුවේ සහභාගී විය.

Read More

දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණ නියෝග කඩ කරමින් යාපනය ප්‍රදේශයේ දිලීපන් සැමරුමකට එක්වීම හේතුවෙන් මොහු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

අනුරාධපුර නුවරගම් රක්ෂිතයේ අක්කර දෙකකට ආසන්න භූමි ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ප්‍රායෝගික පුහුණු මධ්‍යස්ථානයකට ලබා දීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පරිසර සංවිධාන රැසක් වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Read More

එන්නත්කරණය රෝහල් තුළ පමණක් සිදු කිරීමටත්, ෆයිසර් එන්නත පමණක් දරුවන්ට ලබාදීමටත් විශේෂඥ කමිටු අනුමැතිය හිමිව ඇති බව අනාවරණය කෙරිණ.

Read More

ලංකා ප්‍රිමියර් ලීග විස්සයි20 ක්‍රිකට් තරගාවලිය එළැඹෙන දෙසැම්බර් 04 දා සිට දෙසැම්බර් 23 දා තෙක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පිළිබද ගැටලූ‍ව විසඳා ගන්නා තෙක් ඖෂධ නිෂ්පාදනය ,සැපයුම් හා ඖෂධ ලියාපදිංචිය පිළිබඳ රාජ්‍ය ඇමතිවරයාගේ ග‍්‍රහණයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඉවත් කර කැබිනට් සෞඛ්‍ය ඇමතිවරයා යටතට එය පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි .

Read More

ශ්‍රී ලංකාව පිහිටා ඇති තට්ටු තලය අනුව විශාල පරිමාණයේ භූකම්පන තත්ත්වයක් ඇතිවීමට ඉඩකඩ නැතැයි භූ විද්‍යාව සම්බන්ධව ආචාර්ය මහාචාර්යවරු අවධාරණය කරති.

Read More

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ලෙස කටයුතු කිරීම බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 02 ක් ඉදිරිපත් කර ති​බේ.

Read More

පාර්ලිමේන්තුවේදී සම්මත වූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධන පනත් කෙටුම්පත සඳහා කථානායකවරයා අත්සන් තබා තිබේ. ඊයේ (22) පාර්ලිමේන්තුවේදී මෙම පනත් කෙටුම්පත විවාදයට ගැනීමෙන් අනතුරුව සංශෝධන රහිතව සම්මත වී ඇ​ත.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ PCR පරීක්ෂණ මධ්‍යස්ථානය අද විවෘත කෙරුණා.

Read More

පිළියන්දල පොදු වෙළෙඳපොළ සංකීර්ණයට ඊයේ (22දා) මධ්‍යම රාත්‍රියේ පොල්ලක් රැගෙන කඩාවැදුණු කැස්බෑව නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙකු නිදාසිටි යාචකයන්ට ඉවක් බවක් නොමැතිව පහරදී බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ඒ මොහොතේම අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි.

Read More

අභාවප්‍රාප්ත වෛද්‍ය ඒලියන්ත වයිට්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අද (23) සිදුකෙරුණි.

Read More

මාරිලිබෝන් ක්‍රිකට් සමාජය (MCC) විසින් ක්‍රිකට් නීති සංශෝදනයක් කිරීම සදහා අනුමැතිය ලබා දී තිබේ. “පිතිකරුවා” යන නාමය ඉංග්‍රීසි භාෂාවෙන් භාවිතා කිරීමේ දී මින් ඉදිරියට ස්ත්‍රී පුරුෂ භාවයක් සදහන් නොවන ‘batter’ යන නාමය ‘batsman’ යන නාමය වෙනුවට භාවිතා කළ යුතු වෙයි.

Read More

මෙරට ගංගා දූෂණය වීම වැළැක්වීම සඳහා ආරම්භ කළ වැඩපිළිවෙල 2023 වර්ෂය වන විට අවසන් කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

Read More

නොවැම්බර් 04 දා සිට බලපැවැත්වෙන පරිදි රුසියාව හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමට රුසියාව තීරණය කරතිබේ.

Read More

මෙරට කොවිඩ් එන්නත්කරණය යටතේ ඊයේ දිනයේදි පුද්ගලයින් 228,645 දෙනෙකු‌ට එන්නත් ලබා දි තිබේ.

Read More

[LONG READS] අමින් ඔහුට අවශ්‍ය ජයග්‍රහණය ලබාගත් නමුත් මුල සිටම එය කළමනාකරණය කිරීමේ අර්බුදයකට මුහුණ දුන්නේය. එය නිසා ඔහුගේ පාලනය සීමා වූයේ දින 104කට පමණි. හමුදාවේ සාමාන්‍ය නිලධාරී බළකායේ ශක්තිය වූ 8000න් අඩක් පමණ ඉතිරිව තිබිණි. ඉතිරි අය මරා දමා හෝ ප්‍රතිරෝධය දක්වා කැරලිකරුවන් සමග එකතු වීම සඳහා ඉවත්ව ගොස් තිබුණි. පක්ෂය තුළ කැරලි ගැසීම් සාමාන්‍ය දෙයක් වී තිබුණි.

Read More

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ (2020) ප‍්‍රතිඵල සති දෙකකින් පමණ නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානමින් සිටී.

Read More

විදේශ ආයෝජකයින් දිරිගැන්වීමේ අරමුණින් වීසා බලපත්‍ර කාලසීමාව වසර 5ක් දක්වා දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමුවී ඇත. ආගමන සහ විගමන සංශෝධන පනත් කෙටුම්පත මගින් අදාළ කාලසීමාව දීර්ඝ කිරීමට නියමිත අතර අදාළ සංශෝධන පනත් කෙටුම්පත අමාත්‍ය චමල් රාජපක්ෂ සභාපතීත්වය දරන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවට ඊයේ ඉදිරිපත් කර තිබේ.

Read More

වයස අවුරුදු 12ත් 19ත් අතර සංකූලතා සහිත දරුවන් එන්නත්කරණ කටයුතු හෙට සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.