බන්දුලගෙන් අභියෝගයක්
රජයේ දේපළවලින් නූල් පොටක තරම් හෝ දෙයක් සොරකම් කර ඇති බව ඔප්පුකළහොත් සදහටම දේශපාලනයෙන් ඉවත් වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද දින පාරිභෝගික සේවා අධිකාරී පනතේ සංශෝධන පිළිබඳව පැවති විවාදයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පළවූ පුවත්පත් ලිපියක් උපුටා දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සිය අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු සිදු කිරීමේදී යම් හෙයකින් තමා හෝ තම පවුලේ සාමාජිකයින් හෝ කාර්ය මණ්ඩලයේ කිසියම් අයෙකු විසින් වංචා දූෂණ වලට සම්බන්ධ බවට, කිනම් හෝ පාර්ශ්වයක් විසින් ඔප්පු කළහොත් තමා සිය අමාත්‍යධූරයෙන් පමණක් නොව දේශපාලනයෙන් ඉවත් වන බවයි.
එමෙන්ම හිටපු වෙළෙඳ අමාත්‍යවරයා විසින් පාරිභෝගික සේවා අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වශයෙන් වසර තුනක කාල සීමාවක් සඳහා පත් කර ඇති මෙම අධ්‍යක්ෂකවරයා සිදුකර ඇති චෝදනා ප්‍රතික්ෂේප කරමින් අමාත්‍යවරයා, තමා විෂය පථයන් මැනවින් අවබෝධ කරගනිමින් රාජකාරී කරන අතරතුර පාරිභෝගික සේවා අධිකාරියේ රාජකාරී සඳහා මැදිහත් වී නොමැති බවත්, උක්ත අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයාට දුරකථන ඇමතුමක් හෝ වෙනයම් ආකාරයක බලපෑමක් සිදුකර නොමැති බවත් මෙහිදී අවධාරණය කරන ලදී.
එමෙන්ම පාරිභෝගික සේවා අධිකාරියේ මෙම නිලධාරියා විසින් සිදු කරනු ලැබ ඇති ප්‍රකාශ හා ඒ අනුව පළ වී ඇති ලිපි වල සඳහන් කර ඇති කරුණු සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා, එවැනි සාවද්‍ය ප්‍රකාශ තුළින් සිදු කරනු ලබන දේශපාලනයකට වඩා සුභාවිත දේශපාලනයට ආදර්ශය සපයනු ලබන ආකාරයට සත්‍ය මත පිහිටා කටයුතු කළ යුතු බවත්, මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර නෛතික ක්‍රියාමාර්ග ගත යුතු බවත් අවධාරණය කරන ලදී.
සතොස ආයතනයේ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් සිදු කර ඇති සුදුළූණු තොගයක් වෙනත් පාර්ශ්වයක් වෙත අළෙවි කිරීම පිළිබඳ මේ වන විට සිදු කර ඇති පොලිස් පරීක්ෂණ කටයුතු මත පදනම්ව අධිකරණය මඟින් එම නිලධාරීන්ට එරෙහි ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා පසුගිය රජය විසින් සිදු කර ඇති බිලියන ගණන් වල අලාභය මඟහරවා ජනතාවගේ සතොස නැවත ගොඩනැඟීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය ඒකාබද්ධව කටයුතු කරනු ලැබූ ආකාරයද පැහැදිලි කරන ලදී.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රාජසන්තක කරනු ලැබූ භාණ්ඩ වෙන්දේසි කරනු ලබන අවස්ථා වලදී ජාවාරම්කරුවන් විසින් එම තොග ලබා ගෙන වැඩි මිළට අළෙවි කිරීම සිදු කරනු ලබන බැවින් එම භාණ්ඩ සතොසට ලබා දීමට කටයුතු කරන මෙන් ජනාධිපතිතුමා ප්රමුඛ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ ඒකාබද්ධ වෙමින් සතොස වෙත භාණ්ඩ ලබා ගැනීමට කටයුතු කරන ලද බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදී.
එමෙන්ම මෙම භාණ්ඩ වෙනත් පාර්ශ්වයන්ට නිකුත් කිරීම වළක්වාලීමට වරායෙන් සතොසට ලබා දෙනු ලබන භාණ්ඩ භාර ගැනීම සඳහා සභාපති හෝ ප්‍රධාන විධායක නිලධාරීවරයා පමණක් කටයුතු කරනු ලැබූ නමුත් මෙම සුදුළූණු තොගය වරායෙන් නිකුත් කරනු ලැබූ දිනයේ දී සභාපතිතුමා සහ ප්‍රධාන විධායක නිලධාරීතුමා මඩකලපුව, පොළොන්නරුව ප්‍රදේශවල වී හා සහල් තොග පවරා ගැනීමේ කටයුතු වල නිරතව සිටි හෙයින්, එම ආයතනයේ වෙනත් නිලධාරීන් පිරිසක් විසින් මෙම සුදුළූණු තොගය භාර ගනු ලැබීමෙන් පසුව වැලිසර තොග ගබඩාවට රැගෙන ගොස් මෙම සුදුළූණු භාවිතයට නුසුදුසු බව පවසමින් වෙනත් පාර්ශ්වයකට අළෙවි කිරීමට කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

popular news
-
අනුර Wednesday, 22 September 2021 05:33 PM
තමාගෙ පෞලෙ අයනේද අමාත්‍යාංශය ඇතුලෙ දාගෙන ඉන්නෙ.දුවත් එහෙම නේද ?
Reply : 0 0
samson de silva Thursday, 23 September 2021 12:00 AM
Mun okkoma loku abiyoga kaarayo. Mun hithagena deshapaalanayen iwathwenawaa wagey gon kathaa kiwwaama okkoma hari kiyalaa. Munta janathaawata honda deyak karannata molaya nathiwunaata horakam karanakota, ewwaa asunowanna karanna hondata dannawaa. Oya gahana salli hangana krama mun dannawaa. MUnge salli thiyenne pitaratawala. Ehema hangalaa "hondayi mama salli horakam karalaa thiyenawaanam oppu karapalla" kiyaa abiyoga karanawaa. Meka oya depeththema ewunta poduyi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

