අගමැති හා හවුල්කාර පක්ෂනායකයින් අතර හමුවක්
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හවුල්කාර පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (23) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.
එම සාකච්ඡාව අද පස්වරු 4.30ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග සඳහන් කළේය.
කෙරවලපිටිය බලාගාරයේ ගෑස් නළ පද්ධතිය සහ ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් ටෙන්ඩරයකින් තොරව අමෙරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක් පසුගියදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී අදාළ ගිවිසුම සම්බන්ධයෙන් අග්රාමාත්යවරයා සහ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට එකඟතාවක් ඇතිවී තිබුණි.
ඒ අනුව, අදාළ සාකච්ඡාව අද දිනයේ අග්රාමාත්යවරයා සමග පැවැත්වීමට නියමිතව තිබේ.
popular news
-
samson de silva Thursday, 23 September 2021 02:20 AM
Aluthma tele-natyaya. Rajapaksa wahallunta niyama aathal.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

