saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6485 hours ago

LATEST

ගුරු විදුහල්පති වැටුප් ගැටලුවේ තිරණය අද

calendar_today 2021 අගෝ 30 - 07:21 remove_red_eye - 433  

ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ තීරණය අද (30) ලබාදීමට නියමිතව තිබේ.

ගතවු පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 581ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දකුණු ආසීයානු කලාපයේ පවතින නව කොවිඩ් 19 ව්‍යා​ප්තියත් සමග ඉකුත් අප්‍රේල් (29) දා සිට ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට ඇතුල්වීමට තිබු ගුවන් මගි තහනම අද (30) දිනයෙන් පසුව ඉවත් කිරිමට ඉතාලි සෞඛ්‍ය අමත්‍යාංශ​ය තීරණය කර තිබේ.

Read More

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

Read More

ඇමෙරිකානු ’’ ෆයිසර් ’’ වර්ගයේ තවත් එන්නත් 150,000 ක පමණ තොගයක් 08/30 දින අලුයම කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

Read More

COVAX පහසුකමෙහි අරමුණ වන්නේ 2021 අවසානය වනවිට ගෝලීය වසංගතයේ උග්‍ර අවධියට පිළියම් යෙදීම සහ ආදායම් මට්ටම නොසලකා ඒ හා සම්බන්ධ වන සියලුම රටවල් සහ ප්‍රදේශ සඳහා ආරක්ෂිත හා ඵලදායී එන්නත් සඳහා වේගවත් හා සාධාරණ ප්‍රවේශයක් ලබාදීම බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

Read More

රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ දක්වා කොවිඩ් වැළදුණු දරුවන් 16කට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පි.විජේසුරිය මහතා පවසයි.

Read More

ඊයේ (28) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍192 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 36 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 156 දෙනෙකු අයත්.

Read More

’’පාසලේදී ළමයින්ට එන්නත් අනිවාර්ය කිරීම හොඳ අදහසක් යැයි මා විශ්වාස කරනවා. පෝලියෝ, සරම්ප, රුබෙල්ලා, හෙපටයිටිස් එන්නත් අවශ්‍ය වූවා සේම මේ එන්නතත් අවශ්‍යයි. අපි මෙය දශක ගණනාවක් තිස්සේ කර ’’තිබෙන දෙයක්.’’ එක්සත් ජනපදයේ ඉහළම බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසයි.

Read More

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල ඉදිරි දින කිහිපය තුළදී වේගවත් කරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය මේ වන විට ඉහළ ජාත්‍යන්තරික පැසසුමට ලක් වෙමින් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වාදෙයි.

Read More

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මහ ඇමති ග්ලැඩිස් බෙරෙජික්ලියන් පොරොන්දු වූයේ වයස අවුරුදු 16 සහ ඊට වැඩි අයගෙන් 70%කට එන්නත් මාත්‍රා ලබා දුන් පසු නැවත ප්‍රාන්තය විවෘත කරන බවය. වික්ටෝරියා ප්‍රාන්ත මහ ඇමති ඩැනියෙල් ඇන්ඩෘස් පැවසුවේ බ්‍රහස්පතින්දායින් අවසන් වීමට නියමිතව තිබූ තම ප්‍රාන්තයේ අගුලු දැමීම දීර්ඝ කරන නමුත් කොපමණ කාලයකටද යන්න නොකියන බවයි.

Read More

පිහිටි ස්භාවික වනාන්තර පද්ධතියක් විනාශ කරමින් වන වගාවකට සැරසෙයි

Read More

දඹාන ආදිවාසී ගම්මානයේ ඊයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී 115 දෙනෙකුගෙන් 44 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

Read More

මෙම තීරණයට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත කලින් ඇතුළුවීම තහනම් කර තිබූ රටවලින් පැමිණෙන පුද්ගලයන්ද ආවරණය කළ බව එම පුවත් ඒජන්සිය වාර්තා කරයි.

Read More

’’එපා එපා මස් කන්නට කිරි අම්මාගේ, ලස්සනට පිපුනු වන මල්, රූ සිරිය ඈගේ’’ ඇතුළු ජනප්‍රිය ගීත රැසක්ම සුමනශාන්ත හිමියන් විසින් ලියා ඇත. සුමනශාන්ත හිමියන් ගිහි ජීවිතයේ සිටියදී මෙම ගීත ලියා ඇති අතර, ගීත රචනයට මෙන්ම කාව්‍යකරණයටද දස්කම් දක්වා ඇති උන්වහන්සේ සඟරා කීපයකම සංස්කාරකවරයා වශයෙන්ද කටයුතු කර තිබේ.

Read More

හෙට (30) සිට සියලුම රටවලින් පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති සියලු සංචාරකයන්ට වීසා අනුමත කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කර සිටියි.

Read More

මෙම පරිත්‍යාගය ජාත්‍යන්තර ප්‍රජාවට ආදර්ශයක් බවත්, කියුබාවට පමණක් නොව අවශ්‍යතා ඇති රටවලට චීනය උදව් කරන බවත් කියුබානු විදේශ වෙළඳ හා ආයෝඡන ඇමති රොඩ්රිගෝ මැල්මියර්කා පැවසුවේ, කොවිඩ්-19 අර්බුදය මැඩපැවැත්වීම සඳහා රජයන් එකට වැඩ කළ යුතු බවද අවධාරණය කරමිනි.

Read More

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි නොකළ වී මෝල් සහ අනවසර වී ගබඩා වැටලීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කළේය.

Read More

මේ රටේ ජනතාව සිනි වංචාවට සම්බන්ධ වු පුද්ගලයින්ට හෙණ ඉල්ලනවා යැයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි හිටපු අමාත්‍ය චන්දිම විරක්කොඩි මහතා කියයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රෝගාතුරව ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍යවල පළවන ඡායාරූප හා විස්තර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලින් ඉකුත් පැය 48 ක කාලය තුලදි කොවිඩ් ආසාදිත මරණ 19ක් වාර්තා වි ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

Read More

දිවයිනේ කොරෝනා එන්නත්කරන වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙකම ලබා දුන් ජනගහනය මිලියන 7 ඉක්මවා ඇති බව සිය ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කර සිටියි.

Read More

යුද හමුදාව ක්‍රියාත්මක කරන එන්නත්කරණ වැඩසටහන් කෙරෙහි ජනතාවගේ ඉහළ උනන්දුවක් දක්නට ලැබෙනවා.

Read More

පාරිභෝගිකයා වෙත රුපියල් 130 බැගින් අලෙවිකිරිම සඳහා අවශ්‍ය දුඹුරු සීනි තොග මේ වනවිට සතොසට නිකුත් කර ඇති අතර (30) සිට ලංකා සීනි සමාගම මගින් සමුපකාර සමිති වෙත නිකුත් කරන බව දැනට කෝවිඩ් ආසාදිතව සිය නිවසේ ම ප්‍රතිකාර ලබන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා 29දා පැවසුවේය.

Read More

පසුගිය වසර එකහමාරක කාලය තුළදී දිවයින පුරා පාරිසරික මෙහෙයුම් තීව්‍ර කිරීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

නිවෙස්ගතෙ නිරෝධායනය වන ක්‍රමවේදය යටතේ මේ වන විට රෝගීන් 41,826 ක් සිටින බව පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන පවසා සිටියේය.

Read More

වයස අවුරුදු 30 ට වැඩි ජනතාවගෙන් 60 % කට එන්නත් මාත්‍රා දෙකම ලබා දීමට හැකි වී තිබෙන බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

Read More

පරිසර අමාත්‍යාංශය විසින් ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතය අවම කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළ යටතේ වරක් භාවිත කර (Single Use) ඉවත ලන ප්ලාස්ටික් හා පොලිතීන් පාලනය කිරීම සඳහා ඉදිරිපත් කරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව හෙට දින (30) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට හා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අවසර ලබා දී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.