මග මරුවාට 12ක් බිලි
දිවයිනේ ප්ර දේශ කිහිපයක සිදුවූ රිය අනතුරු 11ක් හේතුවෙන් පුද්ගලයන් 12ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. මෙම අනතුරුවලින් බොහෝමයකටම මුහුණ දී ඇත්තේ යතුරුපැදිකරුවන්ය.
මෙනිවිතිගල - නිවිතිගල - රත්නපුර මාර්ගයේ දෑල ප්ර දේශයේදී යතුරු පැදියක් විදුලි රැහැන් කනුවට ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 27ක් වූ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
බණ්ඩාරගම - කැස්බෑව - බණ්ඩාරගම මාර්ගයේදී යතුරුපැදියක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව කාණුවක වැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 20ක් වන තරුණයෙක් හා අවුරුදු 18ක් වන තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
වරකාපොල - කුරුණෑගල - අඹේපුස්ස මාර්ගයේදී ලංගම බස් රථයක් පදිකයෙකුගේ ගැටිමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 37ක් වන පදිකයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
පාදෙණිය - පාදෙණිය - අනුරාධපුර මාර්ගයේදී වෑන් රථයක් යතුරු පැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ අවුරුදු 56ක් වන පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
බදුල්ල - බදුල්ල - මයියංගන මාර්ගයේ පදික මාරුවක් හරහා ගමන් කරමින් සිට පදිකයෙකුගේ ලොරි රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 53ක් වන පදිකයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
කුරුඳුවත්ත - කුරුඳුවත්ත පොලිස් වසමේ සොයිසා වටරවුමේදී ත්රි රෝද රථ දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් රථයක රියදුරු ලෙස කටයුතු කළ අවුරුදු 72ක පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අක්කරපත්තුව - අක්කරපත්තුව - කල්මුණ මාර්ගයේදී යතුරු පැදියක් වෑන් රියක් ඉස්සර කිරීමට යාමේදි වෑන් රියේ ගැටී පෙරළී ගොස් අසළ තිබූ ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 26ක පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔ්පාත - ඔ්පාත රජවංගල ප්ර දේශයේදී ත්රි රෝද රථයක් පෙරළීමෙන් එහි පිටුපස ගමන් කළ අවුරුදු 67ක් වන කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
වැලිඔය - වැලිඔයදී යතුරු පැදියක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 52ක පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
හංවැල්ල - කොළඹ - අවිස්සාවෙල්ල මාර්ගයේදී හංවැල්ලේදි යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනිමට නොහැකිව මාර්ගයේ පෙරළීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදිකරුවූ අවුරුදු 24ක පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මාලඹේ - කඩුවෙල - මාලඹේ මාර්ගයේදී යතුරු පැදියක් හා ත්රි රෝද රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ අවුරුදු 24ක් වන පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

