නැගෙනහිර පළාතේ අනවසර වැලි කැණිම් සිදු වන බවට දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්යක්යන් රාසමානික්කම් මහතා පසුගිය අඟහරුවාදා (07දා) පාර්ලිමේන්තුවේ සිදු කළ චෝදනාව සම්බන්ධයෙන් ස්වාධින පරීක්ෂණයක් සිදු කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නැගෙනහිර
සඟවා තබා ඇති වී , සහල් සහ සීනි තොග වැටලීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
Read Moreහෙට (10) පෙරවරු 8.00 සිට අනිද්දා (11) අලුයම 2.00 දක්වා පැය 18 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර සිටියි.
Read Moreවිස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර සූදානම් වීමක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඕමාන ක්‍රිකට් කණ්ඩායම අතර විස්සයි20 පුහුණු තරග දෙකක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreරාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා හා ප්‍රංශයේ කෘෂිකාර්මික පර්යේෂණ හා සහයෝගිතා සංවිධානයේ නියෝජිතයන් අතර හමුවක් පැවැත්වුණා.
Read Moreදිනකට හාල් කිලෝ ලක්ෂ 5ක් 6ක් නිකුත් කරන ඇතැම් ව්‍යාපාරිකයන් දිනකට සහල් කිලෝ 30000ක් පමණ නිකුත් කර තිබුණා.
Read Moreමත්ද්‍රව්‍ය ජාවරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි චමින්ද තාබ්‍රේව් නොහොත් බොබ් මාලි නැමති සැකකරුව ඇල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreසයිනොෆාම් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට තුන්වන එන්නත් මාත්‍රාවක් ලබාදීමට යෝජනා කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසා සිටියි.
Read Moreදිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙදාම සදහා අදත් හෙටත් විවෘතව පවතිනවා.
Read Moreකෝවිඩ් 19 පැතිර යාමත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ - බදුල්ල අතර දුම්රිය ධාවනයද නවතා දමා දැනට මාස පහකට ආසන්න කාලයක් ගතව තිබේ.
Read Moreඓතිහාසික යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික දේව මෙහෙයන් පූර්න සෞඛ්‍යාරක්ෂිතව ඊයේ (08) සවස පැවති වයිරවර්ශාන්ති දේව මෙහෙය පැවත්වීමෙන් පසුව අවසන් වූ බවට නල්ලූර් කෝවිලේ භාරකාර මණ්ඩලය පවසා සිටියේය.
Read Moreකොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා ඇන්ටිජන් සහ පී.සී.ආර්. පරීක්ෂණ වලට අතරමැදිව පරීක්ෂණ ක්‍රමවේදයක් කළ හැකි පරීක්ෂණ කට්ටලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ඇතුළු කණ්ඩායමක් විසින් නිර්මාණය කර ඇත.
Read Moreදෙහිවල සත්ත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාල ලිපිය රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක මහතාට යොමුකර ඇත.
Read Moreපාර්ලිමේන්තුවේ සිටින අගහිගකම් ඇති මැති ඇමතිවරුන්ට වුවුද තමා වගා කළ ගොවිතැන් වලින් කොටසක් ලබා දිමට හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යටිනුවර ප්‍රාදේශිය සභා මන්ත්‍රී හේමන්ත ජයසේකර මහතා පවසයි.
Read Moreඅපරාධ කල්ලි සාමාජිකයෙකු වන සන්ෂයින් සුද්දා ඝාතනය සම්බන්ධයෙන් තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු වන හරක් කටාගේ සමීපතමයෙක් අත් අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය සඳහන් කර සිටියි.
Read Moreමෙරටට සංචාරකයින් ගෙන්වීම සදහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.
Read Moreමගේ පියා වන නුවන් ගුණවර්ධන, මම සහ මාගෙ මව යන අප පවුලේ සියළු දෙනා අද දින සිදුකල PCR පරීක්ෂණ වලදී COVID 19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගන්නා ලදි. ඉතින් මේ කාලය තුළ අප හා ගැටුණු අයෙක් වේ නම් තම නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. මාගේ පියා මේ වන විට රෝහල් ගත වී ප්‍රතිකාර ලබන අතර අප ද ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව කනගාටුවෙන් දන්වමි.
Read Moreරුපියල් කෝටි දෙකකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරු පැදියකින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු වත්තල වනවාසල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
Read Moreතවත් ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 07ක් තහනම් කිරීමේ ගැසට් පත්‍රය නීතිපති නිර්දේශය ලැබුනු වහාම නිකුත් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreඅද (09) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 399කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
Read Moreපොළොන්නරුව කේන්ද්‍ර කරගෙන මහ පරිමාණයෙන් සහල් තොග එක්රැස් කරගෙන සිටි සහල් මෝල් හතරක් ඊයේ (08 දා) වටලා සහල් කිලෝ ලක්ෂ 12 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එන්. ඞී. එස්. පී. නිවුන්හැල්ල මහතා පැවසීය.
Read Moreපසුගියදා මාතර පොලිස් වසමේ මැදවත්ත ප්‍රදේශයේදි තියුණු ආයුධයකින් පහර දි බරපතළ තත්ත්වයේ පසුවු පුද්ගලයෙක් මාතර රෝහලට ඇතළත් කරනු ලැබිය.
Read Moreසබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreගතවු පැය 24ක් තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 637 දෙනෙකු ඊයේ දිනයේදි අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreබීජිං, සැප්තැම්බර් 8 (ෂින්හුවා) - තලේබාන් සංවිධානය යටතේ පිහිටවූ අන්තර්වාර රජය හරහා ඇෆ්ගනිස්තාන ජනතාවට මිලියන ගණනාවක් වටිනා සැපයුම් ලබාදීමට චීනය සූදානම් වෙයි. ඇෆ්ගනිස්ථානයේ අසල්වැසි රටවල විදේශ ඇමතිවරුන්ගේ පළමු රැස්වීමට බදාදා දිනයේදී බීජිංහිදී එක්වෙමින් චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී මේ බව පැවැසීය.
Read Moreඋසාවියේ ඉහළම විනිසුරුවරයා විසින් නම ලබාදෙන ලෙස ප්‍රධාන විත්තිකරුගෙන් ඉල්ලා සිටි විට, ඉස්ලාමීය දිවුරුමකට අනුව ’’ෂහදා’’ යන වචනය භාවිත කරමින් ඔහු කියා සිටියේ, ’’මට අල්ලාහ් හැර වෙන දෙවි කෙනෙක් නැහැ. මොහොමඩ් ඔහුගේ සේවකයා බවට මට සාක්ෂි දීමට අවශ්‍යයි.’’ යනුවෙනි.
Read Moreබස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනිම සඳහා මේ මස 30 දක්වා සහන කාලයක් ලබාදි ඇතැයි බස්නාහිර පළාත් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
Read Moreඊයේ (07) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 185 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 44 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 140 දෙනෙකු අයත්.
Read MoreSARS-CoV-2 පරාජය කිරීමට සම්ප්‍රේෂණය අවහිර කරන නව පරම්පරාවේ එන්නත් අවශ්‍ය විය හැකිය. එතෙක් නව කොරෝනා වෛරස් ප්‍රභේද ඉහළ යාම හේතුවෙන් ලෝකය අවදානමට ලක්ව පවතින බව විශේෂඥ මතයයි.
Read Moreකොට්ඨාස ක්‍රමය යටතේ සියයට 65ක් සහ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ සියයට 25 ක් වශයෙන් මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනෙන මැතිවරණ ක්‍රමයක් සකස්විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂය, මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ඊයේ (07) සාක්ෂි දෙමින් කියා සිටී.
Read More