saravita-anim2

2025 මැයි මස 21 වන බදාදා

2025 මැයි මස 21 වන බදාදා

Latest News - timelapse 816 hours ago

LATEST

මැතිවරණයෙන් පාර්ලිමේන්තු අසුන අහිමිවන මන්ත්‍රීවරුන්

calendar_today 2024 නොවැ 15 - 09:57 remove_red_eye - 1883  

මෙවර මහ මැතිවරණයේදී පසුගිය වර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ට මෙන්ම වසර කිහිපයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් රාශියකට පාර්ලිමේන්තු වරම් අහිමි වී තිබේ.

යාපනය දිස්ත්‍රික්කයේ බලය මැතිවරණ ගණනාවක් පුරා උතුරේ පක්ෂ විසින් ලබාගෙන තිබූ පසුබිමක එම සියලු පක්ෂ පරාජය කරමින් මෙවර යාපනය දිස්ත්‍රික්කයේ බලය ලබා ගැනීමට ජාතික ජන බලවේගය සමත්විය.

Read More

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝනය කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයට තරග කළ හිටපු රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාටද මෙවර පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව අහිමි වී තිබේ. ඒ එම පක්ෂයට කෑගල්ලෙන් එකඳු ආසනයක් හෝ දිනා ගැනීමට නොහැකි වීමත් සමගිනි. මන්ත්‍රීආසන 10න් 8ක් ජාතික ජන බලවේගය දිනා ගත් අතර සමගි ජන බලවේගයට හිමිවූයේ ආසන දෙකකි.

Read More

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයට තරග කළ හිටපු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටද මෙවර පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව අහිමි වී තිබේ. ඒ එම පක්ෂයට රත්නපුරයෙන් එකඳු ආසනයක් හෝ දිනා ගැනීමට නොහැකි වීමත් සමගිනි. රත්නපුර මන්ත්‍රීආසන 11න් 8ක් ජාතික ජන බලවේගය දිනා ගත් අතර සමගි ජන බලවේගයට හිමිවූයේ ආසන තුනකි.

Read More
ජොනිත් ගෙදර
15 11 2024 08:33:00
0 568

කුරණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු අමාත්‍යවරයෙක් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට මෙවර පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව අහමිව තිබේ. ඒ ඔහු තරග කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කුරුණෑගලින් එක් මන්ත්‍රීධුරයක් හෝ හිමි නොවීම හේතුවෙන්. කුරුණෑගල මන්ත්‍රී ධුර 15න් 12ක් ජාතික ජන බලවේගය දිනා ගත් අතර සමගි ජන බලවේගයට මන්ත්‍රීධුර තුනක් හිමිවිය.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රථිඵලය මේ වන විට නිකුත් කර තිබේ. ඒ අනුව ජාතික ජන බලවේගය එම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර ඇති අතර ඔවුන් ආසන 8ක් දිනාගෙන තිබේ. සමගි ජන බලවේගයට ආසන දෙකක් හා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ආසනයක් හිමිව තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රථිපළය නිකුත් කර තිබේ. මේ අනුව ජාතික ජන බලවේගයට ආසන 5ක්, සමගි ජන බලවේගයට ආසන දෙකක් හා එක්සත් ජාතික පක්ෂයට එක් ආසනයක් හිමිව තිබේ.

Read More

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී මාතලේ දිස්ත්‍රික්කයේ පාරම්පරික දේශපාලන පවුලක් වන තෙන්නකෝන් පවුලට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව අහිමි වී තිබේ. මෙවර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා තරග කළත් එම පක්ෂයට මාතලේ දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් හෝ ලබා ගැනීමට නොහැකි විය.

Read More

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රථිඵලය අනුව ජාතික ජන බලවේගය එම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ. එහිදී එම පක්ෂයට ආසන දෙකක්, සමගි ජන බලවේගයට ආසනයක් හා අයිටැක් පක්ෂයට එක් ආසනයක් හිමිව තිබේ.

Read More

මෙවර මහ මැතිවරණය සඳහා රාජපක්ෂවරුන් නියෝජනය කරමින් තරග කළ ප්‍රධානම අපේක්ෂකයා වූ හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම කථානායකවරයෙක්ද වූ චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පරාජයට පත්ව තිබේ.

Read More

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් මාතර දිස්ත්‍රික්කයට තරග කළ හිටපු රජයේ ප්‍රභල අමාත්‍යවරයෙක් වන කංචන විජේසේකර මහතාට මෙවර පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වී තබේ. ඒ ඔහු තරග තළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට මාතරින් එක් ආසනයක් හෝ ජය ගැනීමට නොහැකි වීමත් සමගිනි. මාතර දිස්ත්‍රික්කයෙන් ජාතික ජල බලවේගයට ආසන 6ක් හා සමගි ජන බලවේගයට එක් ආසනයක් හිමිවිය.

Read More

මෙවර මහ මැතිවරණය සඳහා සර්ව ජන බලය පක්ෂය නියෝජනය කරමින් තරග කළ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා පරාජයට පත්ව තිබේ. ඒ පොලොන්නරුවෙන් එම පක්ෂයට එකඳු ආසනයක් හෝ හිමි නොවීම හේතුවෙනි.

Read More

මෙවර මහ මැතිවරණයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රථිඵලය නිකුත් විය. එහිදී ජාතික ජනලවේගය මන්ත්‍රී ආසන 5ක් හිමිකර ගැනීමට සමත්වන අතර සමගි ජන බලවේගය එක් මන්ත්‍රී ආසනයක් හිමිකර ගැනීමට සමත්ව තිබේ.

Read More

මහ මැතිවරණයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ පසුගිය රජයේ හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙක් වන වෛද්‍ය රමේෂි පතිරණ මහතා හා මනූෂ නානායක්කාර මහතාට මෙවර පාර්ලිමේන්තුව අහිමි වී තිබේ. ඒ ඔවුන් තරග කළ නව ප්‍රජාතන්ත්‍රාවාදී පෙරමුණට ගාල්ල දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් හෝ ලබා ගැනිමට නොහැකි වීමත් සමගිනි.

Read More

මෙවර මහ මැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රථිඵලය නිකුත් විය. කෙසේ වෙතත් එහිදී ජාතික ජනලවේගය මන්ත්‍රී ආසන 5ක් හිමිකර ගැනීමට සමත්වන අතර සමගි ජන බලවේගයට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට එක් ආසනය බැගින් හිමිව තිබේ.

Read More

මෙවර මහ මැතිවරණයේ පළමු නිල දිස්ත්‍රික් ඡන්ද ප්‍රථිඵලය ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථිඵලය නිකුත් විය. කෙසේ වෙතත් එහිදී ජාතික ජනලවේගය මන්ත්‍රී ආසන 7ක් හිමිකර ගැනීමට සමත්වන අතර සමගි ජන බලවේගයට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට එක් ආසනය බැගින් හිමිව තිබේ.

Read More

වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය මෙවර ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගය සමත්ව තිබේ. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පසුගිය ජනපතිවරණයට ඉදිරිපත් වූ අනුර කුමාර දිසානායක මහතා වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රථිඵළ අනුව පසුවූයේ තෙවැනි ස්ථානයටයි.

Read More

මාතලේ, ලග්ගල එලවාකන්ද ප්‍රදේශයේදී අද (14දා) සවස බස් රථයක් සහ වැන් රථයක් එකිනෙක ගැටීමෙන් තිදෙනෙක් මියගොස් තිබේ. දඹුල්ල දෙස සිට මහියංගණය දෙසට ධාවනය කළ බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වැන් රථයක ගැටීමෙන් අනතුරුව බස් රථය ප්‍රපාතයකට පෙරළී තිබේ.

Read More

මහ මැතිවරණය ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කළ අද දිනයේදී මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් 02ක් ඇතුළුව 51ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව මේ රට තුළ ඇති කළ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඉදිරියේ පැවැත්වෙන සියළු මැතිවරණවලදීත් ජනතාව අපේක්ෂා කරන බවද මැතිවරණ ඉතිහාසයේ සාමකාමී මැතිවරණ ව්‍යාපාරය ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ ජනතාව අත්විඳි බව ද පැවසූ ජනාධිපතිවරයා එය මෙරට දේශපාලන සංස්කෘතිය බවට පත්විය යුතු බව ප්‍රකාශ කළේය.

Read More

මෙවර මහ මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ 903 ,163 ක් වූ ලියාපදිංචි ඡන්ද දායකයින්ගෙන් 576,937 ක් ඡන්දය පාවිච්චි කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරි ඩබ්ලිව් .ඒ.ධර්මසිරි මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවට බටහිර දෙසින් ගැඹුරු මුහු​දේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමග බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

Read More

ඡන්ද පත්‍රිකාවක් ඉරා දැමූ පුද්ගලයෙකු වාද්දූව ​පොතුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නොවැම්බර් මාසයේ මුල් දින 10 තුළ ශ්‍රි ලංකාවට සංචාරකයන් 61 767ක් පැමිණ තිබේ. ඒ අනුව නොවැම්බරයේ මුල් දින 10 තුළ දිනක සාමාන්‍ය සංචාරක පැමිණීම 6100 ඉක්මවා තිබේ.

Read More

මැතිවරණ රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙක් සහ සිවිල් නිලධාරීන් දෙදෙනෙක් අද(14දා) ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ආරුගම්බේ සංචාරය කිරම සම්බන්ධයෙන් ඊශ්‍රායෙලය පනවා තිබූ සංචාරක සීමාවන් ලිහිල් කිරීමට ඊශ්‍රායලය කටයුතු කර තිබේ.

Read More

කැස්බෑව මඩපාත පොල්හේන සිරි සඳහම් භික්‍ෂුණී ආරාමයේ ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථානාධිපතිනිය එම මධ්‍යස්ථානය තුළදී හදිසියේ රෝගී වී ඊයේ (13) රාත්‍රී හදිසියේ මියගිය බව කැස්බෑව පොලිසිය කියයි

Read More

මුස්ලිම් ප්‍රජාව බහුතරයක් වෙසෙන බණ්ඩාරගම අටලුගම අල් ගස් සාලි මධ්‍ය මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථාන හතරක් පැවැත්විණි.

Read More

දේශීය සැපයුම් කරුවන්ගෙන් ලබා ගත් ගෝස් තොගයක් වෛද්‍ය සැපයුම් අංශයේ තිබිය දී ගෝස් මීටරයක් සඳහා රුපියල් 14.54 වැඩියෙන් ගෙවා මීටර් මිලියන 03 ක් මිලදී ගැනීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 43.6 පාඩුවක් සිදු කොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නොවැම්බර් මස 12 වැනි දින නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන්වේ. ඒ වන විට වෛද්‍ය සැපයුම් අංශයෙහි වැඩි මිලට ගෝස් මිලදී ගැනීමේ අවශ්‍යතාවක් නොතිබූ අතර ව්‍යාජ හිඟයක් පෙන්නුම් කර හදිසි මිලදී ගැනීමක් ලෙස ගෝස් මිල දී

Read More

ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා පාස්පෝට් ලබාගැනීම වෙනුවෙන් දිනයක් වෙන් කරගැනීම ඔන්ලයින් ක්‍රමවේදය යටතේ කිසිදු ගැටලුවකින් තොරව සිදුවෙමින් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. අද පුවත්පත කළ විමසීමේ දී එම අමාත්‍යාංශය පැවසුවේ එහි කිසිදු තාක්ෂණික දෝෂයක් ඇති වී නොමැති බවය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.