පොහොට්ටු මන්ත්රීගේ පුතාට මාලිමා මන්ත්රීගේ පුතා ඇතුළු පිරිසක් පහරදෙයි
මාතර දුම්රිය පොල ඉදිරිපිට දී පාසල් සිසුවකුට පහර දීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් ජාතික ජන බලවේගයේ මාතර ප්රාදේශීය සභාවේ උප සභාපතිවරයාගේ පුත්රයා ඇතුළු සිසුන් දෙදෙනෙකු ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්රධාන මහේස්ත්රාත් චතුර දිසානායක මහතා අද (10) නියෝග කලේය.
එසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ මාතර කැකණදුර පදිංචි උසස් පෙල ඉගෙනුම ලබන අවුරුදු 17 හා 18 වයසේ පසුවන සිසුන් දෙදෙනෙකි.
ඔවුන්ගෙන් 17 හැවිරිදි වයසේ පසුවන සිසුවා පරිවාස භාරයේ තබන ලෙසට ද නියෝග කෙරිණි. උසස් පෙළ පන්ති අවසන් කොට මාතර දුම්රිය පොල ඉදිරිපිටට එන අතරතුර දී මෙම පහරදීම සිදු කර තිබෙන බවත් පහරකෑමට ලක් වු සිසුවකු ගාල්ල කරාපිටිය මහ රෝහලේ ප්රතිකාර ලබන බවත් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
එසේ නේවාසිකව ප්රතිකාර ලබන්නේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මාතර මහ නගර සභාවේ මන්ත්රීවරයෙකුගේ පුත්රයෙකි.මෙම පහරදීමට සම්බන්ධව තවත් සිසුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ පවත්වන බව පොලීසිය අධිකරණයට දැන්වීය.
කෙසේ වෙතත් මෙම පහරදීම සිදු කරන අයුරු සීසීටීවී කැමරා පද්ධතියක ද පටිගත වී තිබේ. මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත ජයමිණි කුමාර මහතාගේ උපදෙස් මත මාතර මූලස්ථාන පොලිස් පරික්ෂක ලසන්ත බණ්ඩාර මහතා ඇතුලු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
ක්රිෂාන් ජීවක ජයරුක්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

