තැන්පත්කාරියගේ ගිණුමෙන් හොරෙන් මුදල් ගත් කළමණාකාරිණිය රිමාන්ඩ්
පස්සර විවිධ සේවා සමුපකාර සමිතියට අයත් පස්සර සූරියගොල්ල සමූපකාර ග්‍රාමීය බැංකුවේ තැන්පත් කර තිබු ගිණුමකින් ව්‍යාජ අස්සන් යොදා කූඨ ලේකන සකසා තැන්පත්කාරියකගේ ගිණුමකින් වංචනික ලෙස මුදල් රුපියල් 312000ක් ලබා ගත් සමූපකාර ග්‍රාමීය බැංකු කළමණාකාරිනියක මේමස 17 වනදින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට පස්සර මහේස්ත්‍රාත් සජිවිකා රුචිරානි මහත්ම්ය නියම කලාය .
පස්සර පිටමාරුව වටගොම්මන පදිංචි පස්සර විවිධ සේවා සමුපකාර සමිතියට අයත් සූරියගොල්ල සමූපකාර ග්‍රාමීය බැංකුවේ කළමනාකාරිනියක ලෙස සේවය කල තෙල්ගේ ප්‍රියංගිකා පීරිස් (40) නැමත්තිය මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවාය.
පස්සර ප්‍රදේශයේ 46 හැවිරිදි කුඩා තේවතු හිමිකාරිනියක් සූරියගොල්ල සමූපකාර ග්‍රාමීය බැංකුවේ ඉතිරි කිරීමේ ගිනුමක් ආරම්භ කර ගණුදෙනු කටයුතු සිදු කරගෙන ගොස් ඇති අතර , පසුව එම තැන්පත්කාරියගේ ගිනුම්පොත අවසන් වීමෙන් අනතුරුව මැය එම බැංකුවට ගොස් කිහිපවරක් නව බැංකු පොතක් සාදා ලබා දෙන ලෙසට මෙම කළමනාකාරිනියට දැනුම් දුන්නද බැංකු කළමනාකාරිය එය මගහැර ඇති බවත් පොලිසිය සදහන් කලේය .
පසුව මෙම සූරියගොල්ල සමූපකාර ග්‍රාමීය බැංකුවට නව කලමනාකරුවෙකු පත්ව ඇවිත් ඇති අතර ,මෙම තැන්පත් කාරිය බැංකුවට ගොස් එම කලමනාකරුට දී සිය බැංකු පොත අලුත් කරවාගැනීමේදී එම ඉතිරි කිරිමේ ගිණුමේ තිබු මුදල් රුපියල් 312000ක් කිසිවෙකු විසින් අරගෙන ඇති බව දැනුවත් වී ඇය ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙන බවත් පොලිසිය පැවසීය
මේ සම්බන්ධයෙන් බදුල්ල විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් සිය විමර්ශන කටයුතු සිදු කල අතර, එහිදී මෙම සැකකාර සමූපකාර ග්‍රාමීය බැංකු කළමනාකාරිනිය තැන්පත්කාරියගේ අස්සන ව්‍යාජ ලෙස යොදා කූඨ ලේකන සකසා එම ඉතිරි කිරීමේ බැංකු ගිණුමෙන් අවස්ථා කීපයකදී රුපියල් 2000, ලක්ශ දෙකහමාර , රුපියල් පනස්දහස, රුපියල් දසදහස වශයෙන් වංචනික ලෙස මුදල් ලබා ගෙන ඇති බවත් පොලිසිය සදහන් කලේය .
බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහන සහකාර පොලිස් අධිකාරි 1 වේහිත දේශප්‍රිය යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච් පී ජයවර්ධන , උපපොලිස් පරීක්ෂක ඒ.එම්.එස්.සරත්, කාන්තා පොලිස් සැරයන් 5990 ප්‍රියදර්ශනී , සැරයන් 34153 නන්දසේන, 40945 ප්‍රසංග , 13768 අමරසූරිය, 76150 වික්‍රමසිංහ , 6924 බංඩාර යන නිළධාරින් පරීක්ෂන පවත්වති .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

